23.8.13

විලම්බීතයා..


ලෝකය ගෝලාකාරය..

මිනිස්සු විවිදාකාරය...
විවිදාකාර මිනිස්සු කරනා වැඩ මහා පුදුමාකාරය..
මේ සමහර පුදුමාකාර වැඩ බලා සිටීමට බැරි තරමට විකාරය...
මෙසේ බලා සිටීමට බැරි තරමට විකාර වැඩ කොරනා මිනිස්සුන්ට "විකාරකාරයෝ" යැයි කියති.

දඟයා කියන්නට යන්නේද විකාරකාරයෙක්ගේ විකාර කතාවකි.


දඟයා සහ දඟයාගේ යහලුවන් කීප දෙනෙක් මෙයට කාලයකට පෙර සිංහයන්ගේ රටට ෆන් චාරිකාවක් ගියා.

කොරන්නට ඇති සියලුම පිච්චු කෙලීමට සමතුන් වන දඟ යාලුවන්,මේ චාරිකා ගමනේදි සිංහයන්ගේ රටේ ගන්න තියෙන උපරිම ෆන් එක ගත්තා නොවෙයි නාගත්තා...

සමණල උද්යානය සහ කෘමි රාජදානිය නැරබීමේ සිට ඇග කිලිපොලා යන(චූට්ටක් විතර මුත්තරාත් පහ වෙන) Enchanted  Airways, Battlestar Galactica යන Roller Coasters වල යාම දක්වා සියලුම දේවල් කරමින් ශරීර කූඩුවට උපරිමම සැපක් මෙන්ම දුකක් දෙන්නටද දඟයා ඇතුලු චක්ගෝලයන්ට ඇහැක් උනා.


ශරීර කූඩුවට උපරිමම සැපක් මෙන්ම දුකක් දෙන්නට හැකි උනා කියලා දඟයා කීවේ, ඔය සමහර ක්‍රීඩා කොරනකොට මරන බය ඇති වෙන නිසා.(Roller Coaster එකේ යනකොට වගේ..) 

එතකොට හිතෙනවා මොන ආච්චිගේ කම්බායකට මේ මගුලට නැග්ගාද කියලා.
පපුවේ "ලබ් ඩප්" ශබ්දය නතර වෙලා ඇන්ජිම හිටින්නට කලින් මේ හුචක්කුවෙන් බැහැගන්ට ලැබෙන්නේ කොයි වෙලේද කියලා තප්පර කට්ට මැන මැන තමයි ඉතින් ඒවායේ යනකොට දඟයා නම් ගියේ.
කොහොම හරි ඉවසන් ඉදලා බිමට බැහැගත්තාම නම් හිතෙනවා,...ආයි පාරක් යන්ට ඇත්නම් කියලා...
ඕකට කියන්නේ දුක් විදලා සැප ගන්නවා කියලා වෙන්ට ඇති.
(ඇයි ඉතින් ඔය සමහර මලදාන කොරනකන් ඉවසිල්ලක් නෑ.කොරනකොට පට්ටම දුකක් විදින්න වෙනවා.කොරලා ඉවර උනාම ආයිත් කොරන්ට ඇත්නම් කියලා හිතෙනවා...)

ඔය සිංහයන්ගේ රටේ සන්තෝශා දූපතේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තියෙන  Enchanted  Airways හා Battlestar Galactica යන Roller Coasters වල යනකොටත් ඔය දුක් විදලා ගන්න සැප උපරිමයෙන්ම ලැබෙනවා...

ඉතින් දඟයා සහ යාලුවන් සැට් එකත් ඔය කියපු Roller Coasters වල ගියා.
කස්ටිය හු කියනවා...කෑ ගහනවා...මරලතෝනි දෙනවා...එකම විකාරයයි..
කොහොමින් කොහොම හරි පපුවේ "ලබ් ඩබ්" ශබ්දය දඩ බඩාස්..දඩ බඩාස් ගාන්න අරගෙන රීර ඇන්ජිම  හිටින්න ඔන්න මෙන්න තියෙද්දි දඟයා ඇතුලු පිරිසට ඔය මල ඉලව්වෙන් බැහැගන්න ඇහැක් උනා... 
කස්ටිය Roller Coaster එකෙන් බැස්සට පස්සේ පුදුම සැපක්,...
එකෙක් දිව එලියට දාගෙන බල්ලෙක් වගේ හති දානවා...තවත් එකෙක් කඹරයා දාන්න හදනවා...තවත් එකෙක් බිම ඉදගෙන...
සැට් එකේ ඔක්කොම වගේ ඔහොම ඔල්මොරොන්දමෙන් ඉන්න අතරේ දඟයාට පේනවා එකෙක් විතරක් දඟයා ඇතුලු යාලුවෝ දිහා බල බලා,ඌගේ තඩි බඩත් අල්ලන් හිනා වෙනවා...
මූ හිනා වෙනවා..හිනා වෙනවා...ඉවරයකුත් නෑ....
හරියට ගන්ජා ගහපු එකෙක් මෝදකයක් කාලා වගේ...
Roller Coaster එකේ යද්දි මුගේ ඔලුව කොහේ හරි වැදිලා,ඔලුව විකාර උනාද දන්නෙත් නැති නිසා,දඟයායි දඟ යාලුවෝ සැට් එකයි මුව වට කොර ගත්තා...
මොකද මු හවස හයෙන් පස්සේ හොල්මන් වලට බයේ ගෙදරින් එලියට බහින්නෙත් නැති එකෙක්.
එහෙව් එකා ඔක්කොමලාට මලපහ පහවෙන්න ගානට බය වෙලා ඉන්න වෙලාවේ බය නැතිව,ආතල් එකේ හිනා වෙන එක ඔක්කෝටම හෙනම පුරස්නයක්.
මුගේ මේ බුල කෙලිල්ලෙන් මල පැනපු දඟ යාලුවෙක්..
"ඈ...පරයෝ *#@$%...තෝ මොකද හිනා වෙන්නේ අපිට..බොට අමුකැවිලාද?නැතිනම් ඔලුව හැප්පුනාද?" කියලා ඇහුවා...
"නෑ..නෑ...මතන්...උබලා විදින දුක දැක්කාම මට හිනා යනවා..."විකාරයා විකාරෙන් වගේ හිනා වෙවී කියෝනවා....
"එතකොට උබට බය හිතුනෙම නැද්ද?" මුගේ ටෝක් එකෙන් මල පන්නා ගත්ත එකෙක් මූන රතුකොරගෙන ඇහුවා....
"උබලා මගුලක් කතා කොරනවා..උබලා දන්නවානේ කොහොමත් මම අසනීපෙන් ඉන්නේ කියලා...මම ඕකට නැග්ග වෙලාවේ ඉදලාම ඇස් වහගෙනයි හිටියේ...මේ මගුල නවත්තලා කට්ටිය එලියට බහිනකොට තමයි මම ආයි ඇස් දෙක ඇරියේ..."
විලම්බීතයා තව මොනවාදො කියන්න හැදුවත් දඟයා ඇතුලු පිරිසගේ නවත්වාගත නොහැකි වු හිනාවට ඌගේ කතාව නවත්වාගැනීමට සිදු විය.


***ටියුබ් ලයිට් සදහා..

අවුරුද්දකට සැරයක් හම්බ වෙන මුලු බෝනස් එකම වියදන් කොරන් ගිහිල්ලා,උපරිම ෆන් එකක් ගන් නැතිව මේ විලම්බීත විකාරයා ඒකෙත් ගිහින් තියෙන්නේ ඇස් දෙක පියාගෙන...එහෙම යන්ට බය නම්,ෆන් ගන්න අමාරුයි නම් ඌට යන් නැතිව ගෙදර ඉන්න තිබ්බානේ....අතේ තියෙන පිච්චි දෙකත් ඉතුරු කොරගෙන...
මූට ෆන් ගන්න පින නැතිකම....





22.8.13

අවංකයා සහ වංකයා..


මේ කතාවත් කිඹුල්ලු දෙන්නෙක්ගේ කතාවක්....
හැබැයි මේ නිබුල්ලු දෙන්නා අහසට පොලව වගේ වෙනස්ම වෙනස්.
පුදුමෙනුත්,පුදුමයි එකම කුසෙන් එකම විටෙක මෙහෙව් වෙනස් උන් දෙන්නෙක් මේ ලෝකයට උපදිනා එක නම්....
එකෙක් පුදුමම ලෝකෝත්තර අන්ඩපාලයෙක්.අනිකා බොක්කේම අවංකයෙක්.කුකුලු පැටියෙක් තරමටම අහින්සකයෙක්...
දඟයාට මේ කිබුල්ලු දෙන්නා හම්බ වෙන්නේ දඟයාගේ ඔෆීසියෙදි.
අන්ඩපාලයාගේ නම බානුක.අවංකයාගේ නම සානුක.
ඔෆීසියෙදි සානුකයා "සානු" නමිනුත් බානුකයා "බානු" නමිනුත් සැමදෙනාම ආදරෙයෙන් ඇමතුවා...
මුලින්ම මේ ලෝකයේ එලිය දකින්නට නියමිතව සිටියේ සානුවා උනත්,බානුවා එම අවස්තාවේදීද සානුවාව රවටා, කලින් මෙලොවට පැමින අයියා වු බව,මුන් දෙන්නා ගැන දන්නා කවුරුත් දන්නවා.... :P
මේ නිසාම වෙන්න ඇති අවංකත්වයේ සන්කේතය ලෙසට සානුවාවද වංකත්වයේ සන්කේතය ලෙසට බානුවාවද කවුරුත් නම් කලේ..
දඟයා මුලින්ම කියන්න යන්නේ සානුකයාගේ අවංක බව ඔප්පු වෙන කතාවක්.
දඟයා අතුලුව යාලුවෝ පිරිවරට දවසක් යන්න සිද්ද උනා කලමනාකරන පුහුනු කදවුරකට.මේ පුහුනු කදවුර තිබුනේ U.K වල.....
(U.K කීවාට United Kingdom නම් නෙවේ ඕන්....දඟයා ඇතුලු පිරිවෙර ගියේ උස් වැටකෙයියාවට....)
මේ පුහුනු කදවුර දින තුනක් පුරාවට පවතින බවට දන්වා එවා තිබූ නිසාත්,පුහුනු කදවුර පවත්වන නිවාඩු නිකේතනයේ රාත්‍රියේ නැවතීමට සිදුවන නිසාත්,සියලුම දෙනා එකම වන්ඩියක යාමට තමයි සැට් උනේ...
ඒ දිනවලදීම සානුවාද හා..හා..පුරා කියා වන්ඩියක්(කාර් එකක්)මිලට ගෙන තිබුනා.(රටටම නය වෙලා තමයි මේකා මේක ගත්තේ නම්..)
රථයක් මිලට ගත්තද, ඒ වන විටද රථගාය පහව නොගිහින් තිබුන නිසා සානුවා ස්වකැමැත්තෙන්ම අලුත් කාර් රාජයා අපගේ ප්‍රවාහන මාධ්‍යය විය යුතු බවට නම් කලා.
කලමනාකරන පුහුනුව පවතින දිනවල රාත්‍රියේ,දෙවරක් පෙරූ දියරයන්ගෙන් හෝ වසර ගනනාවක් පදම් කල දියරයන්ගෙන් මිනිසුන් සිහි නැති වෙනා අන්දම ස්වකැමැත්තෙන්ම අප අත්හදා බලන නිසාද,සානුවා දෙවරක් පෙරූ දියර බාවිතා නොකරන නිසාද සියලුදෙනාම සානුවාගේ කාර් රථයේ යාමට එකෙන්ම කැමති වුනා.
කලමනාකරන පුහුනුව උදයේ හත පමන වන විට ආරම්බ වන බව දන්වා එවා තිබූ නිසා සහ මෙවන් පුහුනුවකට පරක්කු වී සහබාගි වීම තුලින් වන නින්දාව දන්න නිසාද,පුහුනුව පවතින දිනට පෙර දින හවස දෙකට පමන දඟයාත්,සානුවාත්,බානුවාත් තවත් පාප මිත්‍රයෝ දෙදෙනෙකුත් ගමන යාමට පිටත් උනා.
ඉහලින් එවා තිබු උපදෙස්වලට අනුව පුහුනුව පැවැත්වෙන හෝටලයට යන විටද,අත් දෙකම වැසෙන ලෙසට අත් දිගට ඇද,බෙල්ල සිර වන ලෙසට ටයි පටියක්ද බෙල්ලට තද කර,දිලිසෙනා ලෙසට කප්ලින් පැලද මහත්මා විලාසයෙන් තමයි ගමන යන්න පිටත් උනේ...(ඇත්තම කීවොත්නම් අපි තරම් මහත්+හොරු,ඒ කියන්නේ මහා හොරු ටිකක් නම් මුලු ඔෆිසියටම හිටියේ නෑ...)
පුහුනුව පවත්වන නිකේතනයට ඉක්මනින් ගොස් මූන පෙන්නා,නමට එක දමාගෙන,ලබාදෙන කාමරයක පදින්චිව,ඉක්මනින්ම පදම් කල පානයන් පානය කිරීමට තිබු බලවත් ආසාව නිසා,දඟයා සහ යාලුවන් දෙදෙනා කාර් එක ඉක්මනින් පැදවීමට සානුවාට මරනීය තර්ජන එල්ල කරමින් තමයි ගියේ. 
සානුවා හික්මුනු ඩයිවරයෙකු උනාට,තමන්ගේ පනට ඇති ආසාව නිසාම වාහනයේ වේගය පැයට කිලෝ මීටර අසූවක පමන වේගයෙන් තමයි ධාවනය කලේ.(නැතිනම් අපෙන් මැරුම් කනවානේ...)
කරුමෙක මහත.....අපිටමයි වෙන්නේ... :(
පොලිස් මාමලා දෙදෙනෙක්ගේ උකුසු ඇසට අපගේ වේගය අසු වී,වාහනය නතර කිරිමට ලැබු උපදෙසට අනුව කාර් එක  නතර කිරීමට සානුවාට සිද්ද උනා..
අපි කාර් එකෙන් බසින්නට උත්සහ කිරීමටත් ප්‍රතම,කාර් එක ලගට ආ පොලිස් සාජන්වරයා,අප දෙස බලා....
"දොස්තර මහත්වරු හදිසි ගමනක් යන ගමන්ද"යනුවෙන් අපෙන් ඇහුවා..
(කාර් එක සානුවා අරන් තිබ්බේ ඩොකෙක්ගෙන්.ඒ නිසා කාර් එකේ ඩොක්ටර් කාර් පාස් එකක් අලවා,ඊට උඩින් කලු ටින්ටඩ් කොලය අලවලා තමයි තිබුනේ..
අනික අපිත් දොස්තර මහත්වරු වගේනේ හිටියේ.නලාව විතරයි අඩුවකට තිබ්බේ. :D)
කාර් එකේ විදුරුව පාත් කර අමාරුවෙන් බෙල්ල එලියට දාගත් බානුවා...
"ඔව්..ඔව්..මේ හදිසියේ යන ගමන්..."කියලා කිව්වා..
පොලිස් සාජන්වරයා රියදුරු අසුන පැත්තට  පැමින..
"අනේ සමාවෙන්න ඩොක්ට...හදිසියේ ඔපෙරේෂන් එකකට යන ගමන් වෙන්ටෑ...ලයිෂන් බලන්න ඕනා නෑ..මහත්තයලා පරිස්සමින් යන ගමන යන්න..."කියලා කිව්වා..
සාජන් ඩ්‍රයිවින් සීට් එක ලගට එන විට වෙව්ලන්නට ගත් සානුවා සාජන්ගේ එම වචන කීපය ඇසීමත් සමගම ජොලියෙන් ජොලියට පත්ව....
"සාජන් රාලහාමි...බොහෝම ස්තූති...හැබැයි ඉතින් කාර් එකේ ඩොක්ටර් පාස් එකක් අලවලා තිබුනාට,අපි ඩොක්ටස්ලා නම්  නෙවේ..."කියලා කිව්වේ නැතෑ....
කුජීතයි...හයියො...සල්ලි කීවාලු...
කාලා වරෙන්කෝ...අපිට පරිස්සමින් යන්න කියු පොලිස් රාලහාමිලා ...
"හා..එහෙමද? කාගෙද වාහනේ...මොකද මේ මෙච්චර වේගයෙන් මැරෙන්නද යන්නේ,ගන්නවාලා ඩ්‍රයිවින් ලයිශන් එක....තමුසෙලා කාර් එක හොරෙන් උස්සන් යන ගමන්ද? @#$%&!  "බ්ලා..බ්ලා....බ්ලා....
තත්වය සෝචනීයයිලු....
අවසානයේ සියලුම දෙනාගේ අයිඩින්ටි කාරඩ් පරික්ෂාවටද ලක්ව,දඩ කොල කිහිපයකුටද උරුමකම් කියා,පොලිස් ස්තානයට ගොස් ඩොක්ටර් පාස් එකද ගලවා,වාහනයේ ටින්ටඩ් සියල්ලද ගලවාගෙන පැය දෙකක් පමන ප්‍රමාදව ආපසු ගමන යන්න පිටත් උනා.....ඕන් ඔහොම තමයි සානුවාගේ අවංකමේ,සහ සත්බාවයේ ස්වබාවය.... :)
හැබැයි ඉතින් රෑ,.වසර ගනන් පදම් කල බීම බොන වෙලාවේ සිට පහුවදා උදය වෙනකන් සානුවාට ජීවත් වෙන්න වුනේ නම් ඇදුම් නැතුව තමයි...
ඉතින්...නැන්දේ මාමේ...අයියේ,අක්කේ...නන්ගියේ,මල්ලියේ...දඟයාගේ කතා අසාගෙන සිටින ඔබලා හට දඟයා ඊලගට කියන්නේ බානුවාගේ සත්බාවයවංකබාවය,කපටිකම,එහෙමත් නැත්නම් තැනට සුදුසු නුවන ලෝකයට හෙලි උන අවස්තාවක් ගැන.
පසුගිය කාලයේ අපේ ඔෆීසියේ ලොකු පුටුවේ ඉන්නා හාදයාගේ රියදුරු මහතා පපුවේ හට ගත්තා වු කඩියෙක් හපනවාට සමාන වේදනාවක් නිසා කලුබෝවිල රජයේ රෝහලට ඇතුලත්ව හිටියා.යන එන ගමන් ලොකු මහත්තයා,කම්මැලිකම යාමට රියදුරු මහතාගේ පොඩි කේලමක් දෙකක් අහන බව දන්නා නිසා ඔෆීසියේ සියලු දෙනාම තමගේ නම ලොක්කාට බබලවා ගනු සදහා මේ රියදුරු මහතාව බැලීමට ගියා...
ඉතින් අපේ බානුකයාද ඌගේ අති ජාත මිත්තරයෙකුත් සමග,ලොක්කාගේ රියදුරු උන්නැහේ බලන්න ගියාලු.හැබැයි මේ කට්ටුව ඉස්පිරිතාලයට ගාටලා තියෙන්නේ අවෙලාවේ.ඒ වෙලාවට ලෙඩ්ඩුන්ව බලන්න දෙන්නේ නෑලු.ඉස්පිරිතාලයට ඇතුලුවන ඇම්බියුලන්ස් එකකට රෝහලේ ගෙට්ටුව ඇරිය මොතොතක,තමන්ගේ මෝටර් සයිකලයද  ඇම්බියුලන්ස්  එක පසු පසින් රෝහල තුලට ඇතුලු කොර ගත් බානුකයා,තමන්ගේ පසු පසින් එලවා ගෙන එන සිකුරිටි රාලහාමිට නොපෙනෙන්නට තමන්ගේ සයිකලය දොස්තර මහත්තැන්ලාගේ කාර් පාර්ක් එක තුලට ඇතුලු කලාලු. ;)
බයිසිකලය පසුපසින් හැල්මේ කිලෝමීටරයක් පමන දිව ආ සිකුරිටි රාලහාමිගේ ඇස් වලින් සැගවෙන්නට හැබැයි බානුවාට බැරි වෙලා.තමන්ට දුන් කට්ටේ පවර් එකටම මලපැනගෙන :ph34r: සිටි රාලහාමි..
"මේ... ඔතන දොස්තර මහත්තයලාගේ වාහන පාර්ක් කොරන තැන.ගන්නවාලා ඔය කබල් බයිසිකලය ඔතනින්.අනික මේ වෙලාවට ලෙඩ්ඩු බලන්න දෙන්නෙත් නෑ.දැන් දොස්තර මහත්වරු එන වෙලාව.යනවලා මෙතනින් ඔය බයිසිකල් කටුවත් අරන්"කියලා කීවාලු.  :o
සික්කා කියු කිසිවක් තමන්ට නොවේ වගේ සත පහකට ගනනකට නොගත් බානුකයා,ඌගේ ටයි එක සහ ඌව හොදින් පෙනෙන ලෙසට හෙල්මට් එක සහ ජැකට් එක ගලවා...
"දැන් මොකක්ද ප්‍රශ්නය?" කියා ඇහුවාලු.
බානුවාගේ පෙනුම දැක ටිකක් පමන බය වුන සිකුරිටි රාලහාමි
"නෑ..මහත්තයා...ඕක දොස්තර මහත්තයලා කාර් නවත්තන තැන.ඔතන අනිත් අයගේ බයිසිකල් නවත්තන්න දෙන්නේ නෑ" කියලා කිවාලු.
සිකුරිටි රාලහාමිගේ මුහුන  දෙස එක එල්ලේ බැලූ බානුකයා,හොද හුස්මක් ගෙන...
"ඇයි .....ඩොක්ටර්ස්ලට හදිසියකටවත් බයිසිකලයක එන්න බැරිද ?"කියා ඇසුවාලු. .. :P
බානුවා දිහා ඇස් ලොකු කරගෙන ටික වෙලාවක් බලා සිටිය සිකියුරිටි උන්නැහේ...
"සමාවෙන්න දොස්තර මහත්තයො...මම හරියටම ඇදින්නේ නෑනේ"කියා ආපසු යන්න ගියාලු. :D

21.8.13

දිමියා සහ කඩියා


මේක දඟයාගේ ප්‍රාන්තයේ ඇම්ඩන්ලා දෙන්නෙකුගේ කතාවක්.
කතා නායකයෝ දෙන්නාට ලස්සන නම්දෙකක් උප්පැන්න සහතිකයේ සදහන් වෙලා තිබුනාට,ප්‍රාන්තයේ කස්ටිය මේ ගොයියන්ව හදුනගෙන හිටියේ "දිමියා සහ කඩියාලෙසට.
දිමියායි,කඩියායි එක කුස උපන් කිඹුල්ලු.(අර ට්වින්ස්ලා කියාලා සින්හලෙන් කියාන්නේ)
ගමේ ඇති කුකුල් කොටු වලට පැන,බිත්තර කිහිපයක් ඇගිල්ලෙන් හිල් කරගෙන බී,තවත් බිත්තරයක් කටේත් දමාගෙන,(බිත්තරය නොබිදෙන ලෙසට ) කාටවත්ම නොපෙනෙන ලෙසට පැනයාමට උපතින්ම හිමි වුන හැකියාවක්,දිමියාට සහ කඩියාට කුඩා සන්දියේදි පිහිටා තිබුන බව දඟයාට තාමත් හොදින් මතකයි..
මෙම හැකියාව මෙම අසමජ්ජාතියන්ට ලැබුනේ,උන්ගේම මහ එකාගෙන් (උන්ගේ ආදරනීය පියතුමාගෙන්) බව,ගමේ හැමෝම දැන සිටියා.
ගමේ මල ගෙයක්,දාන ගෙයක් විතරක් නොවේ කොටහලු මගුලක් උනත් මුන් දෙන්නාගෙන් මග ඇරෙන්නේ,මුන් දෙන්නාට මහ උලු ගෙදර වීක් එන්ඩ් පැකේජ් එකක් සෙට් වෙච්ච දවස්වලට විතරයි.
 තරමටම මුන්ගෙන් ගමේ අයට මාරක අපලයක් තිබුනා.
දිමියා සහ කඩියා ඉන්න මල ගෙයක කිසිම අමාරුවකින් තොරවම රැය ගෙවාගන්න ඇහැක් උනේ මේ        විරයෝ දෙන්නා,උන් කරපු වීර ක්‍රියා රැසක් රසවත් කතන්දර ආකාරයෙන් කියන්නත් දක්ශයෝ වෙලා හිටිය නිසායි.
පසුගිය දිනක දිමියාගේ කතාවක් අහන්නට දඟයාට වාසනාව පෑදුනේ ගමේ සිටි මහතුන් අයියාගේ අවාසනාව මාරයා විසින් පාදා දී තිබු නිසායිදගයා මහතුන් අයියාගේ මල ගෙදරට යන විටද දිමියා සහ කඩියා කතන්දර කීපයක්ම දිග හැර තිබුනේ,කතන්දර වටය අවසන් කර ඉක්මනින්ම බුරු පිටියට "එන්ටර්  ඩැගන්වීමට බව දගයාට සහ සුද්දෙන්ම වැටහුනා.  
ඉන් පසුව මහතුන් අයියාගේ මලගෙදර මල මගුලක් සේ රස කතාවෙන් ගිලෙන්නේ මෙලෙසය.....

දිමියාගිය සතියේ ක්‍රිස්ටෝපරයා මටයි කඩියටයි නෙලුවා නෙලිල්ලක්..
අම්මපා,අවුරුද්දට කාපු කැවුන් කනෙන් ආවා...
(ක්‍රිස්ටෝපරයා යනු පොලෝසියේ කාකි කෝට් උත්තමයෙකි)

කඩියා: ක්‍රිස්ටෝපරයා ඉතින් රෑට ඌගේ ගෑනි අනිත් පැත්ත හැරිලා නිදා ගත්තත්,ඒකේ ඇරියස් එකට අපි දෙන්නාව හොයන් ඇවිත් ඇගේ හිරි ඇර ගන්නවානේ...( සන්ස්කෘත වචන රැසකි@$!*) :P  :P 


දිමියාඅර ජේමිසාගේ බයිසිකලය පාන් පෙට්ටිය පිටින්ම කව්ද උස්සලා...
ඒකට,අර පරයා අපිව උස්සන් ගිහින් අපේ ඇගේ තල තල බයිසිකලය ගැන ඇහුවා....
පොලිස් පොලු වලින් කාල කාල ඇති වෙලා ඉන්නේ අප්පා..ගුටි කනවා කියලා ඔච්චරම ගුටි කන්න පුලුවන්ද...
අනික අපි දන්න බයිසිකලයක් නෑ ඕයි...
ඔය කියනවා වගේ දරහැවක් මාස ගානකින් දැක්කෙත් නෑ..

කඩියා: ක්‍රිස්ටෝපරයාගෙන් ගුටිකන්න බැරිම තැන මම කිව්වා "අනේ,බුදු සර්....මම බයිසිකලය ගත්තා තමයි,
ඒත් බයිසිකලය ගත්තේ ඒකේ තියෙන පාන් ගෙඩියක් කන්න..
නැත්නම් මට බයිසිකලයක් ඕන නෑ බුදු සර්...
අම්මාපල්ලා මට බයිසිකල් පදින්නත් බෑ සර්...කියල

දිමියා: "රම්පෙට ගෙඩි පොකුරු පොකුරු"කීවාලු...
මේ ගොන් තඩියා බයිසිකලය ගත්තා කීවාම ක්‍රිස්ටෝපරයා දුන්නා කම්මුල් පාරවල් ටිකක්..
මගේ කම්මුල තිබුනාද නෑ..ඒ කාපු කෑමට

කඩියා:මම කල්පනා කලා කා ලගද බයිසිකලයෙක් තියෙන්නේ කියලා..
මට දෙයියෙක් වගේ මතක් වුනේ වින්කලේ සුනිලාව.
සුනිලා ලග බයිසිකල් දුසිමක් උනත් තියෙනවානේ.
කමක් නෑනේ ඕයි .., ඕවෑයෙන් එකක් පොලිසිය ගත්තාට....
ගුටි නොකා ඇග බේර ගන්නත් එපායෑ..
මන් කිව්වා"බයිසිකලය සුනිල් අයියාට රුපියල් පන්සීයකට විකුනුවා"කියලා
ඊට පස්සේ තමයි ඕයි හොදම සීන් එක..
ක්‍රිස්ටෝපරයා මහ රෑ අපි දෙන්නවත් දාගෙන ගියේ නැතෑ සුනිලව හොයාන...
සුනිලගෙන් කේස් එක ඇහුවාම සුනිලාට ඌරු ජුවල්...
ඌ අපේ අම්මාටයි,තාත්තාටයි පින් දිදි අපිව පට්ට පතුරු යවනවා...
ඇයි ඌ දන්න මෙලෝ ජාතක වස්තුවක් නෑනේ..
ඌ බයිසිකලයක් ගැන දන්නේම නෑ කියනකොට,මම කීවා "අර හවස ගෙනත් දුන්න බයිසිකලයකියලා..
ඌට තවත් මලඅතට අහු උනා නම් මාව මරන් කනවා

බලු වැඩ කරන්න එපා යකෝ..මන් අසරන පවුල්කාරයා කිය කිය සුනිලා අපිට බනිනවා.. 
 මදිවාට,ඌ දෙයියන්ගෙන් අපි දෙන්නාට හෙන ඉල්ලුවා...
   
ක්‍රිස්ටොපරයා බයිසිකලය වින්කලේ හොයලා..හොයලා,බැරි තැන,ජිප් එකේ සුනිලවයි,අපිවයි පටවන් ආයි පොලිසියට ගියා.
හොදි ඕනා නෑ..පහුවෙනිදා උදේ වෙනකන් සුනිලාගේ කුනු හරුපයි,ක්‍රිස්ටෝපරයාගේ කනේ පාරවලුයි කකා තමයි ඉන්න උනේ..
මාර සැපක් අප්පා ඒක නම්..

දිමියා:මෙන්න ඕයි පහුවෙනිදා "බයිසිකලය හම්බ උනාගාගෙන ජේමිසා එනවා පොලිසියට...

ඊට පස්සේ ක්‍රිස්ටොපරයා ආයි අපිව මරන් කන්න හැදුවා"එතකොට තොපි කාගේ බයිසිකලයද ඉස්සුවේකියලා.
ඇයි ඉතින් බයිසිකලයක් උස්සලා,වින්කලේ සුනිලාට විකුනුවා කියලා අපි පාපොච්චාරනයකුත් කලානේ...දැන් කාලා වරෙන්කෝ අග්ගලා කීවාලු
අර තොත්තු බේබද්දාට (කිස් + ටෝපර්) නොවදිනා වැදුන් වැදලා,කුට්ටමටත් දුන් අල්ලලා තමයි අප්පා බේරිලා ආවේ...
ඇති ඔයින් ගියා...

කඩියා: ඕන්න,හැබැයි වින්කල් සුනිලා මලගෙවල් පැත්තට එනවානම් කියහල්ලා,
අපි දෙන්නාගේ පන බේරාගෙන මෙතනින් මාරු වෙන්න.. ;)  ;) 

සැකය...



දැන් කාලේ ඕනම මාමියෙක්, නැන්දියෙක්,අයියෙක්,අක්කෙක්,බට්ටෙක්,බට්ටියෙක්,...
දිග වැඩී වගේ...මෙහෙම කියමු..
දැන් ඉන්න ඕනම අන්ඩපාලයෙක් දන්නවා,අර ඔබාමා මාමගේ රටේ තියෙන ඒරියා 51 කියන,අද්බූත,විස්මිත,මොලය විකාර වෙන කතා සෑදි ඇති ප්‍රදේශය ගැන...අද දගයා කියන්නෙ ඔය Area 51 ප්‍රදේශයේ වෙච්ච සීන් එකක් ගැන..
ඇත්තටම මේ තැන ගැන දගයා දන්න කිසිම කෙන්ගෙඩියක් නැති උනත්,ඔය එහෙන් මෙහෙන් ඇහුන විලම්බීත කතා ටිකක් දගයගේ පුන්චි මොලයට වැටිලා,මොලේ කොටස් ලොකුවට ශෝර්ට් වෙලා නම් තියෙනවා...
ඔය සන්තෑසියට,කෙලින්ම වග කියන්න,අර ඩේනා ස්කලී කෙල්ලයි,අර ෆොක්ස් මෝල්ඩර් කියන කොල්ලයි කියලායි...දගයා නම් දගයාගේ පිස්සුව ගැන කතා කරනකොට කියන්නේ....
දගයා දන ගාන කාලේ දගලපු දැගලිල්ලට බය වෙලා,පනු අමාරුවට ගුනයි පුතේ කියලා  දගයාගේ අප්පච්චි බොන්න දුන්න බැරැන්ඩි තේ හැන්ද වෙනුවට,දගයාගේ දැන් දැගලිල්ලට,දැන් වයසට ගලපා(තේ හැන්ද* දගයාගේ දැන් වයස*අවුරුද්දකට ඇති මාස  ගනන = බෝතල් 1 1/2 ) බොන බෙහෙත් බීපු වෙලාවට, X File නම් නොහොබිනා කතා මාලාව පෙන්නපු ටෙලිවිසොන් චැනල් එකේ මාමලගේ ගෙදර උදවියත් බැනුම් අහනවා කියලයි දගයාගේ යාලු දග යාලුවො නම් කියන්නෙ..
කොහොම උනත් ඇමෙරිකාවේ,ඔය නොවාඩා කියන ප්‍රාන්ත රාජ්ජයේ,දගයාව පිස්සු වට්ටපු ඔය ඒරියා 51 කියන හරියට මනුස්පයෙකුට තියා කිනිතුල්ලෙකුටවත්,ලන් වෙන්න බැරි වෙන්න තරමටම තද බල ආරක්ශාවක් යොදවලා තියෙන බව, ඇහින් දැක්කේ නැති උනත් කොම්පුටර් ගහන,ටෙලිවිසොන් හරි පත්තර හරි බලන ඕනම බුද්ද මන්දික නොවන ගොබිලෙක් දන්නවා..
ඔතනට ඔය  තරම් ආරක්ශාවක් යොදවලා තියෙන්නෙ,ඔය රටේ රජ වෙන මහරජාලගේ අහවල් එක වැඩි ආරක්ශාවට ඔතන හන්ගලා හින්දාද? කියලා දගයා කල්පනා කලේ නම්,ඔය කියන ඔබාමලගේ කට්ටිය  Cannabis කියලා හදුන්වන එව්වා බීලා හිටිය වෙලාවක නම් නෙවේ ඕන්...
ගිනි බෝල කැරකුවා හොදටම ඇති වගේ...
දැන් වත් කියන්න ආව කතාව කියමු එහෙනම්...
මේ කතාව උනේ පැහැබර ඉරිදා දවසක.උදෑසන හිරු ලස්සනට පායලා තිබ්බත්,මේ සිද්දිය වෙන වෙලාව වෙනකොට නම් ටිකක් වැහි වලාකුලු පායලා තිබුනාලු...
මේ දවස පැහැබර උනේ වැහි වලාකුලුවලට ඉර අව්ව වැටිලා දේදුන්නක් එහෙම පායලා තිබ්බ නිසාලු....
දවසෙ පැහැබර බව නිසාත්,වැහි වලාකුලු නිසා තිබ්බ ආතල් ක්ලයිමෙට්ටුව නිසාත්,මේ දිනවල ඔබාමාගේ අහවල් එක හන්ගලා තියෙන තැන(Area 51) ආරක්සාවට යොදවා තිබ්බ සොල්දාදු කස්ටිය,ටිකක් වැඩිපුර බියර් පානය කොරලා බාගෙට දොය්ය බබා කිය කියලු හිටියේ... 
සමහර සොල්දාදුවො වැස්ස දවසට අත්තක් උඩ කිර කිර ඉන්න තෙමිච්ච ගන් කුකුල්ලු වගේ කිර කිර හිටියාලු...(අපිට අනුව කන්සා,උන්ට අනුව Cannabis බීලාද දන්නෙත් නෑ...)
ඔහොම එන්නකොට එක පාරටම,ඉස්සර එක පාරටම කොටින්ගේ කුරුම්බා ඇට්ටි කොලඹට කඩා පාත් වෙනවා වගේ,පොඩිත්තන් කුරුම්බැට්ටි ගුවන් යානයක් මේ කියන අදි ආරක්ශිත කලාපයේ ගුවන් පාරට සීන්..සීන්.. ගාල පාත් කලාලු.
මුලු Area 51 එකම එක කඩි ගුලයිලු..
හරියට අර රම්බො චිත්තරපටියක,රම්බෝ සතුරු කදවුරකට පැනලා මාට්ටු උන වෙලාවේ වගේලු..
කුරුම්බැට්ටිය බානකොට,සෝල්ජරස් සැට් එක ,ඒකට වෙඩි පිට වෙඩි තිබ්බත්,කරටි කැඩෙන්න ගහලා හිටි නිසා මේ දක්ශයො වෙලා හිටිය යක්ශ පැටවුන්ට හරියට ඉලක්කය අල්ල ගන්න බැරි උනාලු...
කුරුම්බැට්ටියට හරියට වෙඩිල්ල පත්තු කොර ගන්න බැරි උන නිසා, ඇති වුන වයිරක්කාර සිතුවිල්ලත් හිතේ පැසව පැසව කුරුම්බැට්ටි යානය වට කොර ගත් මේ සොල්දාදු හපුයියෝ ටික,යානයේ නියමු ගොය්යාට පිටතට එන ලෙස කරපු අන කිරිමේ තේජසට සමහර විට නියමු බුවාට සුලු දියත් පහ වෙන්න ඇති....
ලෝක වෙලද මද්යස්තානයට බොම්බ ගහපු මලට,හම්බයන් එක්ක බද්ද වයිරයෙන් ඉන්න මේ සොල්දාදු ගොයියන් ටික බලා ඉන්නවාලු යට රැවුල වවාගත්,කොනකපාලයෙක් මේකෙන් එලියට එනකන්...දෙන්ඩ බැස්ටිය...
මොන....කොනකපාලයෙක්ද?
නැවත වරක් මේ ඇමරිකානු අය්යලාව,බය්යලා ගානට වට්ටමින්,කුරුම්බැට්ටියෙන් එලියට ආවේ වයස 70-80 වයසක මැන්ටලයක්....
කුරුම්බැට්ටි මැශිම පෙරල පෙරලා හෙව්වත්,වෙන කිසිම හික් මි පැටියෙක් වත් හොයා ගන්න බැරි උනාලු.
අනික පට්ට විදිහටම මල පැනලා හිටි මේ සැට් එකට අත පය වල හිරි ඇරගන්න බැරි වීම නිසා මේ අයගේ මානුශික අවපීඩනය අන්ශක ගානකට නැගලාලු...
කොහොම හිරි ඇර ගන්නද?
කුරුම්බැට්ටිය පදවන් ආව මැන්ටල් පොර,පාරේ යන්නවත් පන නැති සයිස් පොරක්ලු..
ජෝන් සීනාගේ වගේ අත පය තියෙන මේ අය්යලාගේ පාරක් කෑ සැනින් මේ වයසක මැන්ටලයගේ ජිවිත පිලමෙට්ටුව කැඩෙන්නට බැරි නැත...
තමන්ව වට කොර ගත් මේ 6යි 7තේ නසරානියෝ දැක්ක පයිලට් මාමා,තම අත් දෙකෙන්,තමාගේ වයසක කුට්ටමත් වහගෙන ස්වයන් පාපොච්චාරනයක් කොරන්නට ගත්තාලු...(පයිලට් මාමාට කුට්ටන් දාලා වහන ලාච්චු ඇමෙරිකාවෙත් තියෙන බව මතක් උනාද දන් නෑ)
"අනේ බුදු මල්ලියේ..අද උදේ අපේ නෝනා කිව්වා, ඈත ප්‍රාන්තයක ඉන්න, එයාගේ තනිකඩ නංගිගේ ගොවිපොළට යන්න කියලා..ගිහින්, අපේ නෝනා දෙන තෑගි පාර්සලය දීලා, එහෙන් ඕනා නම් දවල්ට කෑම කන්නත් කීවා...හැබැයි කාපු ගමන් එනවා මිසක එතන මල් කඩලා...පැලවෙන්න එහෙම නම් එපා කීවා.. ආපහු එනකොට ටිකක් කුණාටු ගතියක් තිබුණා. අර නංගී එන්න එපා කියද්දීත් මම ආවා. මාව කුනාටුවට අහුවුනා. පියාසර කලයුතු දිශාව වැරදුණා. යානයේ ඉන්දන ඉවරවේගන ආවා. තව විනාඩි 05 කට වඩා පියාසර කරන්න බැරි තරමට ඉන්දන අඩුවුණා. මේ වෙලාවේ තමයි මේ ගුවන් පතය දැක්කේ...ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මාත් මගේ පන බේරා ගන්න මගේ පෙලේන් කට්ට මෙතනට පත බෑවා..නැතිව කිසිම දෙයකට මෙතනට ආවා එහෙම නෙවෙයි මගේ බුදු මල්ලියේ..මම මේ ඉන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ..මල්ලිලා කව්ද කියලාවත් මම දන් නෑ..මට යන්න දෙන්න මල්ලියේ..."
පයිලට් අන්කල් හොටු පෙරාන,කඹ පුරෝගෙන අඩන විදිහට,කොච්චර තද හිත් තිබුනත් මේ සොල්දාදුවන්ගෙත් හිත උනු උනාලු...
අනික පාපොච්චාරනය කොරලා ඉවර වෙන්නත් කලින් පයිලට් මාමා අහු වෙච්ච කුනාටුව ඒ හරියටත් ආවාලු..
දැන් කුරුම්බැට්ටිය ආයෙමත් ගුවන් ගත කොරන්නම බැරි ගානයි..
පයිලට් මැන්ටලේ මුනෙනුත් අහින්සක පාටයි...ඇවිත් ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ...බලාන යනකොට මැන්ටලයෙන් කිසිම හානියක් නැති පාටයි..
මැන්ටලේ අහින්සකයි...ගැරඩි මරලා පව් පුරවාගෙන ආත්මයක් පාසා විදවන්න ඕන නෑ...
එහෙම හිතපු ලොකු අයියලාගේ,ලොකුම අයියා මැන්ටලේ නිදොස් කොට නිදහස් කොරන්න තීරනය කලා...
කොහොම උනත් කුනාටුව ඉවර වෙනකන් වැඩි ආරක්ශාවටත් එක්ක පයිලට් මැන්ටලයට එදා රෑ එලි වෙනකන් හිර කූඩුවේ ලගින්න නම් වුනා..
පහුවදා උදේ මැන්ටලයට හොදට කන්නත් ,බොන්නත් දීලා,කුරුම්බැට්ටියේ ටැන්කිය පිරෙන්නම ඉන්දනත් ලබා දීලා,...මදි පාඩුවට ලොකුම ලොකු අයියා මෙන්න මෙහෙම තර්ජනයකුත් කලාලු....
‘මෙහෙම තැනක් තියනවා දැක්කා කියලා, තමුසේ කාටහරි කිව්වොත්, තමුසෙගෙ ජීවිතය ඉවරයි, හොඳද?
තමුසේ මෙහෙම කඳවුරක් ගැන දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, තමුසෙගෙ ප්ලේන් එක ගොඩබෑවෙත් නෑ හරිද?
පණපිටින් ඉන්න කැමතිනම්, ආයෙ කවදාවත් මේ පැත්තෙන්වත් පියාසර කරන්නත් එපා හරිද?’
ගොරහැඩි බෙලෙක් හඩින් ඇසුන විදානයට මැන්ටලයට හුස්ම හිර වෙලා කූරියා නොගැහුනේ බය වැඩි කමටම වෙන්න ඇතිලු..
කුරුම්බැට්ටිය නැවත ගුවන් ගත උනාම මැන්ටලයට තමන්ගේ ජීවිතය බේරුන ප්‍රීතියද,ලොකුම අයියාට ,නිරපරාදේ අහින්සකයෙක් නොතැලීමේ සන්තෝසයද දැනෙන්නට ඇති...
ආආආඅ...තව ඔබාමාගේ කුට්ටම පරිස්සම් කර ගන්න පුලුවන් වෙච්ච ප්‍රිතිය..ඒකත් දැනෙන්න ඇති..
එදා හවස, අයියලාගේ ලොකු අයියා සන් බාත් එකක් එහෙම දාගෙන ෆන් එකේ එන්නකොට පුදුම කේස් එකක් උනාලු...
බොහොම පාතින් ,ඊයක වේගයෙන් ,ආව අර කුරුම්බැට්ටිය,අනතුරු වර්න බල්බ,අනතුරු හඩවල් නොතකා ආයෙමත් ගුවන් පතයට පත බෑඑඋනාලු...මුලු Area 51 එකම යක්ශ ආවේශ වුනාලු..සන් බාත් එකේ ෆන් එක කෑමේ ප්‍රිතියටත් එක්ක ලොකුම අය්යා ,පිස්තොලයකුත් අරගෙන දුවගෙන ආවාලු,මැන්ටලය කම්බස් කොරන්නම හිතාන...
යුද්ධ ටැංකි, ජීප්, ට්‍රක් රථ, ගිනි නිවන රථ,අරවද..මේවාද..ඔක්කොම එක්ක අයියලා ගේමට ඇන්ටොර් වෙලාලු...
හැබැයි මේ පාර කියන්නත් කලින් පයිලට් මැන්ටලය,කුරුම්බැට්ටියෙන් එලියට ආවාලු...
මල පැනලා මදිවාට,පැනපු මල ඇගේ ගාගත්ත ගානට මූන හතරැස් කොරන් හිටපු පයිලට් මැන්ටලය අයියලාගේ,ලොකු අයියා දිහාට හැරිලා මෙන්න මෙහෙම කීවාලු....
"තමුසෙලාට ඕනා නම් මාව මරනවාලා..මරලා කිබුලන්ට කන්නත් දානවලා...
මට ඕනා කෙහෙල්මලක් කොරනවාලා...
හැබැයි ඔය කෙහෙල්මල් ඔක්කොම කොරන්න කලින්,මෙන්න මේ ප්ලෙන් එක ඇතුලේ ඉන්න මගේ ගෑනිට කියනවාලා,මම ඊයේ රෑ හිටියේ ගිලාගේ ගෙදර නෙවෙයි,තමුසෙලාගේ හිර කූඩුවේ කියලා...

දගකාරිට දුන්න පෙම් කොලය...


මේක දගයා චුට්ටි කාලේ උන චුට්ටි කතාවක්...
දගයා විස්ස විජ්ජාලයේ යන්න (අවුරුදු 20දි විජ්ජා ඉගෙන ගන්න යන තැන ) ප්‍රාර්තනා කරන කාලේ,නුගේගොඩ පලාතේ ටියුසන් කලාසියකට ගියා විස්ස විජ්ජාලයට පාර කපා ගන්න....
ඔය කැලෑසියට ආවා දගයාගේම වයසේ දගකාරියෙක්....
ඔය දගකාරිව දැකලා දගයාට දගයාගේ සිත මෙල්ල කොර ගන්න බැරි උනා.දගයාගේ මෙව්වා එක මෙව්වා උනා....
කුලුදුලේ හදවතේ හට ගත්ත මෙව්වා හැගීම දගකාරිට කියාගන්න,දගයා නොසෑහෙන්න කල්පනා කොලා....
දින, සති ගනන් කල්පනා කල දගයාගේ කට්ට මොලයට, මාසෙකට විතර ඇවෑමෙන් පට්ට අදහසක් ආවා.
දගයා ක්‍රියාත්මක උනා...
ලස්සන මල් කොලයක්(සෙනෙහෙ කඩදාසියක්)ගත්ත දගයා කොලයේ මුතු අකුරෙන් මෙහෙම ලීවා...
"මම ඔයාට කැමති. ඔයා මට කැමතිද? ඔයා මට කැමතිනම් මේ කොලේ මොනවා හරි ලියලා මට ආයේ එවන්න. නැත්තම් මේ කොලේ පොඩි කරලා ජනේලෙන් විසි කරන්න"
තම කුලුදුල් පෙම්කොලය අතින් අතට යවමින් දගකාරි අතටම යවපු දගයා,...දගකාරිගේ ක්‍රියාකලාපය දිහා බලාගෙන හිටියේ,ආයෙමත් නුගේගොඩ පලාතකටවත් එන්න නොලැබෙන වස ලැජ්ජාවකට තමන්ට මුන දෙන්න වෙයිදොයිදත් කියන බයත් හිතේ තියාගෙන.
නමුත් දගයාගේ හිතේ බලාපොරොත්තු කන්දක් නන්වමින් වුනේ ශෝයිම ශෝයි වැඩක්.
සෙනෙහෙ කොලය අතට ගත්ත දගකාරි ඒක අරන් කියවලා,...දගයා දිහා බැලුවා.
දගයත් ඒ වෙලේ, දගකාරි කරන්නේ මොකක්ද කියලා බලන්න දගකාරි දිහාවටම ඇස් කරකවාගෙන හිටියේ....
$*&#$@************
තරු දහදාහයි,එක හදයි....
දගකාරිගෙයි,දගයගෙයි ඇස් එකකට එකක් සැට් උනා...
දගයාගේ ඇගම හීතල වෙලා ගියා...
නමුත් දගයාට කන් දෙකෙන් දුන් පිටවෙනවා වගේත් දැනුනා....
හුස්ම හිර වෙලා ප්‍රානය නිරුද්ද වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි,දගකාරිගෙ මුහුනේ සිනාවක් ලාවට මතුවෙනවා දගයා දැක්කා...
දගකාරිගේ ලස්සන ඇස්  දගයාගේ පොල් ගෙඩියක් වගේ රවුන් මූනෙන් හෙමින් ඉවතට ගියා...
වයින් බෝතල් බාගයක් බීලා,ගන්ජා සුරුට්ටුවක් උරලා,ගොල්ඩ් ලිෆ් කොට 5ක් බීපු ගානට විදුලිය කෙටිල්ලක් දගයාට දගයාගේ ජීවිතයේ පලමු පාරට දැනුනා....
දගකාරි,දගයා යවපු සෙනෙහේ කොලයේ මොනවාදෝ ලියනවාත්,කොලය ලස්සනට නවලා ආපහු දගයාගේ පැත්තට එවනවාත් දගයාට පෙනුනේ,දගයා අහසේ පාවෙන වෙලාවේ කියලා කීවොත් ඒය තක්කෙටම හරි කතාවක්....
කොලය දගයා වෙතට ආපහු එන විනාඩියක පමන කාලය,කල්ප කාලාන්තරයක් විදිහට දගයාට දැනුනත්,එම කල්පය කාලය තුල දගයා,දගකාරි සමග හිතින් බොහොමත්ම දුර ගිහින් තිබුනා....
හවසට දගකාරියව ගෙවල් ලගටම ඇරලවන සැටිත්,138 බස් රාජයාගේ අවසන් අසුනේ සිට පෙම් බස් තෙපලන හැටිත් සිතේ මවමින් සෙනෙහෙ කොලය දිග ඇරිය දගයා, අවසන් ගමන් නොගිහින් මෙලොව තනි වුනේ දගයාගෙම කරුමෙකට කියලයි දගයාට දැනුත් දැනෙන්නේ....
දගයාගේ කරුමක්කාර දෑහට කදුලු අතරින් පෙනුන පිලිතුර දගයා කියවුයේ ඇහේ කදුලු අතිජාත මිත්තරයන්ට නොපෙනෙන්න පිස දමමින්...
Sorry....මන් ඉන්න තැන ජනේලය වහලා.... 
Related Posts Plugin for WordPress, Blogger...