22.11.13

ඇඹුල් පේර ගෙඩිය....

මේ කතාවේ කතා නායකයන් වන ජුන් අලයයි,ඩයලායි මීට ටික කාලෙකට කලින්,ඒ කියන්නේ මුන් දෙන්නා බච්චා කාලෙදි, පුරුදු වෙලා හිටියාලු දන් කන්න දන් කැලයකට රින්ගන්න.
මුන් දෙන්නා දන් කැලයට රින්ගා ගත්තාම ඉතින් එක එක සෙල්ලන් ගොඩයිලු.එකෙක් දන් ගස් අස්සේ හැන්ගෙනවාලු.තව එකෙක් දන් කනවාලු.හිටි ගමන් දන් ඇටත් ලොවනවාලු.එක එක විකාර කෝටියක් කොරලා හවස් වෙනකොටලු දන් කැලෙන් එලියට එන්නේ.
එක දවසක් මෙහෙම කැලෑ වැදිලා දන් කකා,විකාර කොර කොර දන් ගස් අස්සේ පිස්සු කෙලින මේ පිස්සු ඩබල ඇඹුල් පේර ගහක තියෙන රතු පාට වීගෙන යන ඇඹුල් පේර ගෙඩියක් දැක්කාලු..
පේර ගෙඩිය දැක්ක ගමන් මුන් දෙන්නා,පේර ගෙඩිය අයිති කොර ගන්න පොර කාගෙන දගලනවාලු.මරාගෙන පේර ගෙඩිය කඩා ගන්න දගලනවාලු.මෙච්චර කල් තිබ්බ  සමගිය කොහෙන් ගියාද නෑලු.ආත්ම එකසිය ගානක ඉදන් බද්ද වයිරක්කාරයෝ දෙන්නෙක් වගේලු.
අන්ගම්පොරද මොනාදත් අල්ලලා,පේර ගෙඩිය බෙදාගන්න බැරිම තැන ජුන් අලයා ගෙනාවලු සටන් විරාම යෝජනාවක්.ඩයලත් ඇගේ මහන්සිය යවාගන්නත් එක්ක සටන් විරාම යෝජනාවට කැමති උනාලු.
දැන් සටන් විරාම කාලය අතරතුරේ දෙන්නා,බිම වැටීගෙන හති අරිනවාලු.
දෙන්නා දෙපැත්තට හැරිලා ඉදගෙන  පිටට පිට තියාගෙන හති අරිනා අතරේ පිස්සු ඩබල සාම සාකච්චාවක් එහෙමත් තිබ්බාලු.මෙන්න මේ සාම සාකච්චා වටයේදී ඩයලා ගෙනාවලු වැඩේ ගොඩින් බේරා ගන්න පුලුවන් විදිහේ යෝජනාවක්.
"මතන්...අපි දෙන්නා මේ පේර ගෙඩියට ගහමරාගෙන හරි යන් නෑ.අපි මේකට තරගයක් තියමු.තරගයෙන් දිනපු එකාට තමයි පේර ගෙඩිය."
විලි වැහෙන්න ඇදන් හිටිය ඇදුම් ඉරිලා නිර්වස්ත්‍ර වෙනකම් ගහගෙන, මූන හූරගෙන හැක් වෙලා හිටිය ජුන් අලයාත් ,ඩයලාගේ යෝජනාවට එක පයින් කැමති උනාලු.
"අපි දෙන්නා මේ තනකොල ගොඩේ නිදා ගමු.ඉස්සෙල්ලාම ඇහැරෙන එකා තරගයෙන් පරාදයි"කියමින්  උපන් ගෙයිම නිදි කුම්බයෙක් උන ජුන් අලයා අමුතුම පොතක් ඩයලාට පෙරලුවාලු.
තවත් ගුටි කාලා දත් කඩා ගන්නවාට වඩා ඒකත් හොදයි කියලා හිතපු ඩයලාත් ජුන් අලයාගේ ඇම බඩටම ගිල්ලාලු.
කොහොමින් කොහොම හරි ඔයින් මෙයින් මේ පිස්සු ඩබල තරගයට දොයිලු.
ජුන් අලයා නැගිටින පාටකුත් නෑලු.ඩයලා නැගිටින පාටකුත් නෑලු.
දෙන්නට දෙන්නා එකෙකුට එකෙක් නොදෙවෙනි විදිහට ගොරව ගොරවා දොයිලු.
කතානායකයෝ දෙන්නා කොච්චර තරගකාරීද කියනවා නම් හවස් වෙලා කරුවර වැටුනත් මුන් දෙන්නා නැගිටින පාටක් නෑලු.
දන් කඩන්න කියලා දන් කැලයට රිංගපු බච්චි කොල්ලෝ දෙන්නා රෑ බෝ වෙලාත් නැති නිසා කලබල උන මුන්ගේ මහ එව්වෝ ජුන් අලයවයි, ඩයලාවයි හොයන්ට හුලු අතු පන්දමුත් අතින් අරන් දන් කැලේ පුරාම මුන් දෙන්නාව හොයන්න ගත්තාලු.
ගම්කන්ද ගමේ ගම්මුයි පිස්සු ඩබලගේ මහ එව්වොයි පැය ගානක් හොයලා හොයලා පිස්සු පරාන දෙකේ බොඩි දෙක දන් ගාලක් අස්සේ තිබ්බ තනකොල ගොල්ලක තිබිලා හොයා ගන්න පුලුවන් වුනාලු.
නයෙක් පොලගෙක් කාලද ,නැතිනම් අබින් කාලාද ,වසක් කැවිලද කියලා දන්නෙත් නෑ කියලා දැන් එකම මල සොහොනක්ලු දන් කැලය.
ඩයලාටයි,ජුන් අලයාටයි එහා පිස්සු හොලමන් සැට් එකක් උන මුන්ගේ මහ එව්වෝ දන් කැලය දෙවනත් වෙන්න යටි ගිරියෙන් කෑ ගහමින්,පස් කමින් එකම විකාරයක් නටනවාලු.
අනිත් උන් කම්මුලට අත ගහගෙන අඩු වයසින් කූරියා ගැහුව ජුන් අලයගේ බොඩි එක දිහායි,ඩයලාගේ බොඩි එක දිහායි බලාන විස්සෝප වෙනවාලු.
ඔය අතරේ ඔතන හිටිය වයසක උන්දෙක් බොඩි දෙක සීතල වෙලා දරදඩු වෙන්න කලින් කකුල් අත පය නියමාකාරයෙන් සකස් කොරන්ට හිතාන ඩයලාගේ වකුටු කොරගෙන සිටි කකුල කෙලින් කොරන්ට කියලා කකුලෙන් ඇද්දා.
"කකුල නම් දිග අරින්ට එපෝ "කියලා මැරිලා හිටිය ඩයලා  ඇස් පියාගෙනම කීවා.
ඒක ඇසුන මැරිලා සිටි ජුන් අලයා එක පාරටම "උබට පේර කෑල්ලක්වත් දෙන් නෑ"කියමින් නැගිටලා පේර ගහ දිහාට දිව්වාලු.
මුන් දෙන්නා නටපු පිස්සුවෙන් මඤන් උන මුන් දෙන්නාගේ මහ එව්වෝන්ගෙන් මුන්දෙන්නාට ඇබුල් පේර කෙසේ වෙතත් බඩ පුරා පිට පතුරු යනකම් වීර කෝටු පාරවල් නම් කන්න ලැබුනාලු.

18.11.13

ටාසාගේ කතාව (සත්‍ය කතාවකි.නම් ගම්ද ඇත්තය.)

ඔය ඉන්දියාවෙන් කසිකබල් බයිසිකල් ගෙනල්ලා ඇන හයි කොරනා ගමක් ලග ගමක ඉන්නවා ටාසා කියලා හරිම අහිංසක කෙල්ලෙක්. :P 
හැබැයි ඉතින් මේ කෙල්ලගේ කරුමෙක මහත කියනවානම් මේ කෙල්ල ඇත්තටම හෙනම මහතයි.
හැබැයි මේ කෙල්ලට ,කෙල්ලගේ කැරලි ගැහුන කොන්ඩය පුදුමාකාර ලස්සනක් ගෙනාවා.ඒ ලස්සන තව තවත් වැඩි කලේ කෙල්ලගේ ජවි කල්යානය.කොන්ඩයටම කැපෙන දැකුම්කලු ජවි කල්යාන වර්නය මේ කෙල්ල රූපරාජිනි තරගයකට ඉදිරිපත් උනොත් දෙවන වටය දක්වාම ගෙනයාමට තරම් ලස්සනක් මේ කෙලිපැටික්කියට උරුම කරදුන්නා..


tasa.jpg

හැබැයි ඉතින් පල්ලම් තියෙනා ඉසව්වේ,අනිවාරයයෙන්ම කදු තියෙනවා වගේ , ඔය මොන කාරනයෙන් අංග සම්පූර්න උනත් මේ දැකුම්කලු මනමෝහිනියගේ හදහනේ සිකුරා නම් ගෑවිලාවත් නෑ. :( 
නුගේගොඩට ඉස්කෝලේ යනකන්මත්,ටියුෂන් පන්ති යනකම්මත්,බස්වලදී,බස් හොල්ට් වලදී සහ යන යන හැම තැනකදීමත් ඇස් කරකවා කොලු කුරුට්ටෙකු දපනය දා ගැනීමට මේ ටාසා කෙල්ල දුන්න ට්‍රයි එක ,මල් සරා ඇරෙන්නට මුලු සක්වලම දැනගෙන හිටියා.
ලෝකෙම ටාෂා කෙල්ලට කරුනාව දැක්වූවත් මල්සරාගේ කරුනාව නොලැබීම හේතුවෙන් ටාසා කෙල්ල ගත කලේ මහාම මහ ගතියක් නැති ජීවිතයක්. :mellow: 
අලුත් තාලයට අනුව ෆේස් බුකියෙනුත් එක එක හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් ඔක්කෝම නිලියන්ගේ පොටෝස් දාලාත් ,කොල්ලෙක්ව රවටාගන්න හැදුවත්,එල කොල්ලෙක් තියා කකුල කොර කොල්ලෙක්වත් දපනේ දාගන්ට බැරි තැන ටාෂා කෙල්ල මහත් විශාල මානසික වියාදියකට ලක්වුනා..
ඔන්න ඔය මානසික අසහනය අඩුකොරගන්ට කියලා හිතාන ටාසා කෙල්ල ඔය බ්ලොග් එකකද මොකක්ද එහෙක කවි,කතන්දර දාන්නටද පෙලඹුනා..
කරුමයේ මහත කොච්චරක්දැයි කියනවානම් ,මේ කෙල්ල දිනපතාම ලියා එවනා කවි,කතන්දරද අදාල සයිට් එකේ ඇඩ්ඩියාගේ සිත් ගත්තේ නෑ..එම නිසා ටාසා කෙල්ල එවනා කවි ,කතන්දරද එම සයිට් එකේ පලපලවුනෙත් නෑ.
ගහන ගහන කලාබරය හොන්බෙන් යන නිසා ඇතිවූ මානසික පීඩනය නිසාත්, උපතින්ම ඔලුවේ තිබූ ක්‍රැක් එක නිසාත් මේ අසරන අහිංසක ටාසා කෙල්ල සියපන නහගන්ට තීරනය කොලා.. 
මුලින්ම කෝච්චියට පැන පන නහගන්ට කල්පනා කලත් ටාසා කෙල්ල එම අදහස අතැර දමන්නේ ෂුවර් එකටම කොච්චි ඇන්ජිම රත්ව ඇති බව මතක් වීමෙන්.
තිත්ත නිසා පොලිඩෝල් බීමද පසෙක ලා ලිදට පැන මැරිමට තීරනය කොරනා මේ අහිංසක කෙල්ල,එම තීරනයද අතැර දමන්නේ ලිදේ වතුර සිතල වැඩි කම නිසයි. :P 
ලිද ලගට වෙලා අහස පොලව ගැටලන්නට කල්පනා කොරන කෙල්ලට අවසානයේ ලිදේ බාල්දිය ගැට ගසා ඇති කඹය දක්නට ලැබෙනවා.කඹය දකිනා කෙල්ලගේ මොලයට ටිකිරි මාරි අයිඩියා එකක් එනවා....
ටාසා කෙල්ල  වහාම  එල්ලී මැරිමට තීරනය කොරනවා.
වහ වහා අල්ලපු වත්තේ ඇති කදුරු ගහ වෙත යන ටාසා කෙල්ල,කදුරු ගසේ ගැට ගසා තිබූ එලදෙනව ලනුවෙන් ගලවා නිදහස් කොර යවා ලනුවේ කොන කෙල්ලගේ බෙල්ලේ ගැට ගසාගෙන මැරෙනකන් යැයි සිතා කදුරු ගහ වටේ එහාට මෙහාට ඇවිදින්නට ගන්නවා.. :D 

ඔන්න ඔය වෙලේ,ඔය මැනික්වලට පරසිද්ද පැත්තක කට්ටඩියෙක් බෙරයකුත් එල්ලාගෙන තොයිල් පොලකට යන ගමන් මේ කෙල්ල කොරනා විගඩම දකිනවා.
විගඩම හොදින් හෝදිසි කොරපු කට්ටඩියාට ෆේස් බුකියෙන් සහ බ්ලොග් කෙරුවාවෙන් හදුනාගෙන සිටි ටාසා කෙල්ලව ටක් ගාල මීටරයට වැටුනාලු. :wub: 
මේ කට්ටඩි උන්නැහේටත් ටාසා කෙල්ල ගැන මෙව්වා එකක් තිබ්බ නමුත්,මල්සරාගේ කරුනාව නොලැබීම නිසා ඒ වැඩෙත් හබක් උන බව මතක් වෙලා ඇඩෙන්නත් ගියාලු.
හින්දි ෆිල්ම් එකක සාරු කාන් වගේ අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්නට සිතූ කට්ටඩි උන්නැහේ ..
"මොකද..මොකද ඔය කොරන්නේ" කියලා තම ගොරෝසු කට හඩින් ටාසා කෙල්ලට ටෝක් එක දැම්මාලු.
කට්ටඩි උන්නැහේත් ෆේස් බුකියේ ප්‍රොෆලිල් පින්තූරයට දාගෙන ඉන්නේ වෙන බලු නට්ටෙක්ගේ ඔලුවක පින්තූරයක් නිසා ටාසා කෙල්ලට මේ හොර කට්ටඩියාව අදුනාගන්ට බැරි උනාලු.
මොනා උනත් කොල්ලෙක්නේ කියලා හිතාපු ටාසා කෙල්ල,මැරෙන මොහොතෙවත් කොල්ලෙක්ව දපනේ දාගෙනම මැරෙනවා යැයි සිතාගෙන......
"ඇයි අනේ උයාට පේන් නැද්ද? මම එල්ලිලා මැරෙන්ටනේ යන්නේ.." කියලා මායම් සික්ස්ටි හතරම  දිගහැරගෙන ඇස් කරකවලා,බෙල්ල පද්දලා උත්තර දුන්නාලු.
චිත්තරපටිවල නලුවා අන්තිමට නිලියව බේරගන්නවා වගේ ,කඹය ගලවලා කෙල්ලව  මේ කොල්ලා බේරා ගනියි කියලා ටාසා  කෙල්ල හිතුවත් උනේ හිතුවේ නැති දෙයක්ලු. 
කට්ටඩි කම් කොලාට වෙරලු ඇටයක මොලයක් තියාන, වීර චරිතයක් රගපාන්න ට්‍රයි එකක් දීපු කට්ටඩි උන්නැහේ....
"බොලන් කලු මැනිකේ...ඔහොමදැයි එල්ලෙන්නේ.ඔන්න බලා ගන් එල්ලෙන හැටි"කියමින් කඹය ටාසා කෙල්ලගේ බෙල්ලෙන් ගලවාගෙන,කදුරු ගසේ බැද තිබූ ලනුවේ කොන,එම ගසේම ඉහල අත්තක බැද දැම්මාලු.
පසුව එල්ලන් ආ බෙරය උඩට නැග ගත් කට්ටඩි උන්නැහේ ...
"මෙන්න මෙහෙමයි එල්ලෙන්නේ"කියමින් කඹයේ අනෙක් කොන තම බෙල්ලට තදව ගැට ගසා ගත්තාලු. :o 
තමන්ගේ වීර චරිතයට ,ටාසා කෙල්ලගේ ප්‍රතිචාරය බැලීමට කෙල්ල දෙස බැලු කට්ටඩි උන්නැහේගේ පය පැටලී,බෙරයෙන් ලිස්සාගෙන බිමට වැටුනා.
කට්ටඩි උන්නැහේගේ බෙල්ල හිර උනා...ඇස් දෙක උඩ ගියා...අත්දෙක පාත වැටුනා....
ඒක දැකලා හොදටම බය උන ටාසා කෙල්ල..
"අනේ..මට නම් බෑ මැරෙන්න" කියමින් පස්ස නොබලාම ගෙදර දිව්වාලු.. :wacko: 



ප.ලි:
පසු කලෙකදී ජෙමී නම් කාන්තාවක් චීනෙන් ගෙනා "ෆෙයාර් ඇන්ඩ් වෙනිවැල්" ගා කිරි සුදු පැහැයට හැරුනු ටාසාකෙල්ල රූපරාජිනි තරගයේ අවසන් දහ දෙනා අතරටත් තේරුනා.

images+(7)+copy.jpg

මෙවර "රීගත" පත්තරය සමග රූපරාජිනි තරගයේ අවසන් දහ දෙනා අතරට තේරුන පිලියන්දල ටාසාගේ වර්නවත් දැකුම්කලු ජායාරූපයක් නොමිලේ ලබා දෙනු ලබයි.

13.11.13

මම අරක්කු...

මාලික යනු දඟයාගේ ඔෆීසියේ අපූර්වතම පුද්ගලයෙකි.
කස්ටිය වටකොරගෙන රසවත් කතා කීමටද,යම් යම් සිදුවීම් රගපාමින් කට්ටියට ගොන් ආතල් දීමටද මාලික පුදුමාකාර දක්ෂතාවයක් දක්වයි.
එක හුස්මට අරක්කු වීදුරුවක්ම කටට හලා ගන්නා මාලික බඩ ඉදිමෙන තෙක් බයිට් කෑමටද  රුසියෙකි.
අඩියක් ගැසු වෙලාවට මාලිකගේ කතන්දර වඩාත් රසවත් වෙයි.
"කව්ද දන්නේ මගේ නමේ තේරුම...කියහල්ලා බලන්න මාලික කියන නමේ තේරුම පුලුවන්නම්"
මාලික යන නමෙහි අර්තය කුමක්දැයි විමසීම,මත්පැනින් මත්ව සිටිනා අවස්තාවලදී මාලිකගෙන් ලැබෙන අබියෝගයකි.
"මා කියන්නේ මම.ලිකර් කියන්නේ අරක්කු.එතකොට මාලික කියන්නේ මම අරක්කු" නමේ අර්තය ගැන මාලික කියන්නේ එවන් අපූරු කතාවකි.
නමේ කතාවෙන් නොනවතින මාලික,එක හුස්මට අරක්කු වීදුරුවක් කටේ හලා ගනිමින් මාලික යන නාමය ලැබීමට වඩාත්ම සුදුස්සා තමන් බව බලා සිටින්නන්ටද ඔප්පු කර පෙන්වයි.

කාලෙකට පෙර දිනක් නුගේගොඩ බාර් එකකින් මෙලෙස සප්පායම්ව බමන මතින් පදම්ව තුන් රෝද රියකට මාලික ගොඩවුනේ හෝමාගම පිහිටි තම බෝඩිමට යාමටය.

කෙසේ හෝ බෝඩිම ලගට ගිය මාලිකට බරපතල පුරස්නයකට මුහුන දෙන්නට සිදුවිය.
අතේ තිබු මුදල්වලින් බාර් බිල ගෙවා මාලික අත එම අවස්තාවේ ඉතිරිව තිබී ඇත්තේ තවත් රුපියල් තුන්සීයක් පමනි.තුන් රෝද රියෙහි මීටරයේ පැමිනි දුර කිලෝමීටර විස්සක් ලෙසද ,ගෙවිය යුතු මුදල රුපියල් හයසීයක් ලෙසද සටහන්ව තිබී ඇත.
මාලික තම අත ඇති,රුපියල් තුන්සීය ලබා දී රියදුරුගෙන් සහනයක් පැතුවද ,කිසිදු සහනයක් ලැබී නැත. දන්නා සියලුම ශිල්ප දමා තුන් රෝද රියෙහි රියදුරාව නම්මා ගැනීමට උත්සාහ කලද සහනයක් නොලද තැන...
"මා ගාව තියෙන්නේ රුපියල් තුන්සීයයි.උඹ ඕනා නම් මේකත් අරන් පලයන්...නැතිනම් මාව ආපහු කිලෝමීටර් දහයක් ආපහු ගිහිල්ලා දාහන්.මම ඔය කිලෝමීටර දහය ආපහු පයින් එන්නම්"කියමින් නැවත තුන් රෝද රියට ගොඩව ඇත.
"වද දෙන්නේ නැතිව බහින්න මහත්තයා " කියමින් බමන මතින් සිටිනා මාලිකව බිමට ඇද දැමු,තුන් රිය රියදුරා ආපසු ගොස් ඇත්තේ මාලික අත තිබු රුපියල් තුන්සියයද  අමතක කර දමමිනි.

බෙන්තර ගගෙන් එහා ඉපිද,මොරටුවෙන් උපාදිය ලබා ගැනීමෙන් නොනැවතී කොලඹ රටෙන් ලොකු රස්සාවක් හොයාගත් මාලික දකුනේ කොයි අප්පුහාමිත් කොරනා ලෙසටම කොලඹ රටෙන් කෙල්ලෙකුත් සැට් කොරගත්තේ ලොකු දෑවැද්දක්ද සමගිනි.මහරගම නගරයට වඩාත් සමීපයෙන් පිහිටි නිවසේ බින්න බැහීමට මාලික එක පයින්ම කැමැත්ත පල කලේ,බෙන්තර ගෙගෙන් එහා සිටිනා කොයි බලලාගේත් ඇති කට්ටකම ඇත්තක් බව පෙන්වමිනි..

මාලිකගේ බින්න බැහීම ගැනද අපූරු කතන්දරයක් ඔෆීසියේ කා අතරත් ප්‍රසිද්දව පවතී.
වෙඩින් මගුල දිනද, මත්පැනින් මත්ව බඩජහරිකමට බඩ ඉදිමෙන තෙක් බයිට් කා බඩ අවුල් කොර ගත් මාලිකයා පලමු දිනයේම කුජීතම ලෙස තම නම්බුව දුෂනය කොරගත්තේය.

බයිට් කා බඩ චොර කොරගත් මාලිකයා බින්න බැසීම සිදුකොලේ අදාල නිවසේ කොමඩ් එක දහ පහලොස් පාරක්ම පුරවා දමමිනි.එතකින් නොනැවතුනු අපගේ වීර කතානායකයා ආමවාතය පිට කොරමින්(ඔව්...අර පීක් යවනවා කියන්නේ) මුලු ගෙදරම සුදුලූනු සුවදින් සුවදවත් කොර තිබින.
රසවත්ම දෙය නම්,මාලිකයා බින්න බැස තිබු කාමරය අද්දරම බැල්කනියේ ඇති හාන්සි පුටුවේ වාඩි වී පත්තරයක් බලමින් සිටිනා තම මනාලියගේ පියාට තමාගේ ආමවාතයේ සුවද දැනේවි යැයි බියට පත්ව මාලිකට සිද්ද වුනු අලකලන්චියයි.

කොර වූ බඩින් යුතුව දෙහි බොමින් තම නම්බුව රැක ගැනීමට වෙහෙසුන මාලික, තම ආමවාත උවමනාව බොහෝම අමාරුවෙන් මැඩගෙන සිටියේ කාමරය අද්දරම බැල්කනියේ ඇති හාන්සි පුටුවේ වාඩි වී පත්තරයක් බලමින් සිටිනා තම මනාලියගේ පියා බැල්කනියෙන් ඉවත්ව යනතුරුය.
මාලිකයා පැය බාගයකට ආසන්න කාලයක් ආමවාතය තද කොරගෙන සිටියද ,රසවත් තේ කෝප්පයක රස බලමින් ,පත්තරය කියවමින් සිටිනා මනමාලියගේ පියා බැල්කනියෙන් ඉවත්වන පාටක් නැත.
මාලිකගේ කන් රතුව ඇත.ඇස් ගොරකා ගෙඩි දෙකක් මෙන් ඉවතට පැනීමට ආසන්නය.පිට දිගේ දහඩිය ගලා යයි.මාලික ආමවාතය පිට කර ගැනීමට නොහැකිව ඉවසාගෙන දගලන ආකාරය සිතීමට පවා බයානකය.
ඉවසලා..ඉවසලා...ඉවසීමට බැරි තරමට මාලිකගේ රතු කට්ට පැන ඇත.
ඉවසනු බැරි තැන බෙන්තර පූසාට අපූරු අදහසක් පහල විය.
සිරකොටගෙන සිටි ආමවාතය බඩේදිම කොටස් තුනකට වෙන්කල මාලික සෙමින් ආමවාතයෙන් කොටසක් පමනක් "පී.....ක්" ගා පිට කලේය.
පිටවන ප්‍රමානයද,ශබ්දයද තුනට බෙදී ඇත.තමාගේ ඉන්ජිනේරු බුද්දිය ගැන ආඩම්බරකාර සිතුවිල්ලකින් මාලිකගේ සිත පිරින.
"බ්‍රව්නි...ඔය කාමරයෙන් එලියට එනවා"
ඉන්ජිනේරු බුද්දිය ගැන ආඩම්බරකාර සිතුවිල්ලට බාදා පැමිනියද මාමන්ඩියගේ හඩ මාලිකගේ සිතට සහනයක් ගෙනාවේ,ආම වාතයේ සැර මාමන්ඩියට දැනී නොතිබෙන බවට එම හඩ මාලිකට ඉගියක් ලබා දුන් නිසාය.
හතර හන්දියම දිගෑරගෙන නිදාසිටි ඇද යටට බෙල්ල දික් කල මාලික, මාමන්ඩියගේ හරුපයේ තේරුමද වටහාගත්තේ නකුට වනමින් ඇද යට ගුලි වී සිටි බලු තඩියාව දැකගත් පසුය.


අප්‍රමාන සතුටකින් මාලිකගේ සිත පිරී ගියේය.
"වැඩේ මගේ....නම යන්නේ බොගේ" සිතමින් මාලික බලු තඩියාට සිතින් කෝචොක් කලේය.
තත්වය වඩාත් සතුටුදායකය.තවත් ඉවසිය යුතු නැත.
දහඩිය දමමින්,ඇස් රතු කොර ගනිමින් දගලනවාට වඩා ඉතිරි කොටස්ද බලු තඩියා මතින් යැවිය යුතුය.
මාලික තව තවත් ඉවසන්නට ගියේ නැත.
"පී..ක්" ගා අනෙක් ඉතිරි කොටස් දෙකෙන් එකක් මාලික  ඉවතට මුදා හැරියේ වඩාත් සැහැල්ලුවෙනි.
"බ්‍රව්නි...ඔය කාමරයෙන් එලියට වරෙන්...මම සැරයක් කීවා"
මාමන්ඩිය කලින්ට වඩා සැරෙන් බලු තඩියාට කතා කොරයි.
තමන් පත් සැහැල්ලුවේ ප්‍රතිපලය බලු තඩියා මතින් ගොස් ඇති ආකාරය මාමන්ඩියගේ ශබ්දයෙන් මාලිකට සිතා ගත හැකිය.බැරිවෙලාවත් එය තමා පිටින් ගියේද ,කලිසමක් තබා රෙද්දක් චීත්තයක්වත් ඇදගෙන එලියට බසින්නට බැරි වනු ඇති බව මාලිකට සිතින.
ඉතිරි ආමවාත කොටස  මාමන්ඩිය බැල්කනියෙන් ඉවත්වනතුරු නොයැවීමට මාලික සිතා ගත්තේ දෙවෙනි ආමවාත කොටසින් බලු තඩියාට එල්ල වුනු බලවත් තර්ජනයට මාලිකද සලිතව ගිය බැවිනි.
තවත් පැය බාගයක් පමන ගත වුවද මාමන්ඩිය බැල්කනියෙන් යන පාටක් නැත.
නැවත වරක් මාලිකගේ ඇස් ගොරකා ගෙඩි දෙකක් මෙන් ඉවතට පැනීමට ආසන්නය.
යටි බඩ හරහා අකුනු ගසමින් වේදනා දෙමින් මුලු බඩම කොරව ඇත.
තව තවත් ඉවසීමට බැරිය.මාමන්ඩියද බැල්කනියෙන් යන පාටක් නැත.ආමවාතය පිට කොරනවා හැර වෙන කොරන්නටද දෙයක් නැත.නැවත වරක් ඇද යටට ඔලුව දික් කර බලු තඩියා ඇතිදැයි සැක හැර දැනගත් මාලික,අවසාන ආමවාත කොටසද පී..පීක් හඩින් යැවුයේ මේ කොටසත් බලු තඩියාගේ එකවුන්ට් එකටමනේ යැයි සිතමිනි.
දඩාස් ගා සිටි පුටුවද පෙරලමින් මාලික සිටිනා කාමරයේ දොර අසලට පැමිනි මාමන්ඩිය බලුතඩියාට මහා හයියෙන් කෑ ගසන්නට විය.
"බ්‍රව්නි...ඔය කාමරයෙන් එලියට වරෙන්..තව ඔතන හිටියොත් ඕකා බොගේ ඇගටත් රෙයි.."
තත්වය දුක්කිතය.සියල්ලම මාලිකගේ ගිනුමට බැරව ඇත.
Related Posts Plugin for WordPress, Blogger...