21.1.14

වැව පාරේ පලහිලව්ව...

දවසක් දඟයා තවත් යාලුවෙකුත් එක්ක පොඩියට බියර් බෝතල් කීපයක් සප්පායම් උනා....
පොඩියට කීවාට අන්තිමට බලනකොට දෙන්නා එක්ක බියර් බෝතල් නවයකටම වග කියලා....
දඟයාට පොඩ්ඩක් ලෝකය කැරකෙනවා වගේ දැනුනත්,යාලු මිතුරුකමේ බලවත්කම නිසා යහලුවාව ගෙදරට ඇරලලාම ගෙදර යන්නට දඟයා හිතාගත්තා.
යන්න කියලා කාර් කට්ටට නැගලා හරියටම මීටර් සියයක් යන්න ලැබුන් නෑ යාලුවා කියාපි. . . .
"මචන් හාවෙක් අල්ලන්න ඕනෑ" කියලා.
දඟයාට පට්ට මල. .
"මලහත්තිලව්ව. . .අල්ලන හාවෙක් රෙස්ටුරන්ට් එකේම අල්ලලා එන්න එපාය.දන්න කියන පලාතක මහපාරේ මුත්ත්‍රා කොලෑකිද යකෝ..,ලැජ්ජාවක් තියෙන එකෙකුට...."දඟයාත් පොඩි සද්දයක් දැම්මා යාලුවාට.
"හැබැයි මචන් ලංකාවේ අයියලාට පාරේ මැද පම්ප් එකක් දානවා කියන එක ලොකු අව්ලකුත් නෑ.ඕන් ඔය මහපාරේ පම්ප් දාන සීන් එකෙන්ලුනේ ලංකාවයි ඇමරිකාවයි අනුලෝමව සමාන වෙනවා කියන්නේත්. . . "යාලුවාත් හාවා ඇල්ලිල්ල පැත්තක තියලා තව්සන්ඩ් ටෝක් කතා කොරන්න ගත්තා.
"ඇයි බන්...ලංකාවේ උන් ප්‍රසිද්දියේ හුජ්ජ කොරනවා.ලංකාවේ අයට අනුව ඒක බරපතල වැරද්දක් නෙවෙයි.හැබැයි ලංකාවේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ප්‍රසිද්දියේ තොල් දෙක හපාගත්තොත් ඒක හෙනම හෙන වැරද්දක්. . .ඇමරිකාවේ ප්‍රසිද්දියේ හුජ්ජ කලොත් ඒක පට්ටම පට්ට වැරද්දක්.ඕනාම තැනක තොල් දෙක හපා ගන්නවා කියන එක වැරද්ද්දක් නෙවෙයි...."යාලුවා ඩොප් මරගාතේ ලංකාවයි ඇමරිකාවයි අනුලෝමව සමාන වන හැටි අමුවෙන්ම පැහැදිලි කොලා.
ඔය කතාවෙන් යාලුවාගේ උවමනාව ටික වෙලාවකට අමතක වෙලා ගියත් ආපහු මු ඌගේ පුරුෂ අවයවයත් අල්ලාගෙන දගල දගල කියනවා...
"අනේ මචන් දැන නම් ඉන්නම බෑ.උබ කාර් එක නැවැත්තුවේ නැතිනම් ඕන් මම කාර් එකේ දානවා.." කියලා.
ඌගේ කතාවට මල පැන්නත් මම තත්වය තේරුම් ගත්තා..බීපු බියර් ආයි කොහෙන් හරි යන්නත් එපාය.
යාලුවාත් පස්සා පැත්තට මැහුන් දාගෙන බඩ යන්න බීපු එකා වගේ දගලනවා...
අසරනයා දගලනවා බලා ඉන්න බැරි තැන දඟයා කාර් කට්ට හැරෙව්වා අතුරු පාරකට.
කරුමේ කියන්නේ ඒ පාර කලින් පාරට හපන්.දෙපැත්තේම වැව.(මහරගම වැව පාර)
මීටර් තුන්සීයක් විතර ගිහිල්ලා කොහොම හරි වැව පහුකොරලා දඟයා කාර් එක නතර කොලා.
යාලුවා නවත්තන්නත් කලියෙන් ටයිඩ් එකට බිලින් වෙච්ච අහවල් එකත් එලියට දාගන්නා ගමන්ම කාර් එකෙන් බැහැලා දිව්වා...
මෙන්න බොලේ යාලුවා ගියාට වැඩිය වේගෙන් පිබගෙන ආපහු එනවා..
"යමන් යමන් ...වස නෝන්ඩිය"
මූ කලබල වෙලා හිටි හැටි දැකපු දඟයාත් පුරස්න නැතිවම කාර් එක එතනින් එහාට ගත්තා.
අරගෙන ආයෙම ඊට එහායින් පාලු හරියක තියෙන තාප්පයක් ලග නතර කොරලා යාලුවාව යාන්තම් බරෙන් නිදහස් කෙරෙව්වා.....
පස්සේ තමයි යාලුවාගෙන් විස්තරය ඇහුවේ...
මචන් මම තිබ්බ ටයිඩ් එකට අහවල් අවයවයත් එලියට දාගෙනම,ඉක්මනට බර නිදහස් කොර ගන්නදිව්වා. . .
මාර කේස් එක බන්. . ඒ පැත්තේ එක දිගටම කපල්ස් වාඩි වෙලා ඉන්නවා බන්. . .  උන් ඔක්කෝම දැක්කා මචන් මම එලියට දාගෙන දුවනවා.. . . අදුරන උන් හිටියාද දන්නෙත් නෑ මචන්. . . උන් හිතන් නැති ෂුවර් එකටම මම මෝල් කලන්තෙට බුතයා දානවා කියලා. .
කේස් එක ඇහුවාමයි දඟයාටත් එතන එහෙම පොට් එකක් කියලා මීටර් උනේ. . එතන ඉතින් ඔය ගැටව් ඇන්ඩ් ගැටිස්සියෝ නිතරම හංස බෝට්ටු පදින්න,හුලං වදින්න එහෙම යන තැනක්නේ. .

කොහොමින් කොහොම හරි යාලුවා තමන්ගේ අහවල් බරත් නිදහස් කොරගෙන එතන තියෙන හංස බෝට්ටු ටොපික් එකට ආවා...
අර කෙල්ල එක්ක හංස බෝට්ටු පැද්ද හැටියි මේ කෙල්ල එක්ක බෝට්ටුව පෙරලෙන්න ගිය හැටියි අරවද මේවද කිය කියා යාලුවා දොඩෝනවා..දොඩෝනවා ඉවරයක් නෑ...
දඟයානේ දැක්කේ ඊට ටික වෙලාවකට කලින් චු කොරගන්න බැරිව යාලුවා දගලපු දැගලිල්ල...හික්ස්..

"දඟයා ...උබට මතකද අපි පොඩි කාලේ ඔය මහරගම වැවේ චීනෙක් ගිලිලා මැරුනා...අර මචන් ඔලිම්පික් ගේම්ස් වල ස්විමින්ග් වලින් ගෝල්ඩ් මෙඩල් ගහලා ඇවිල්ලා ලංකාවේ ගිලිලා මැරුන චීනා මචන්..අර පත්තරවල එහෙම ලොකුවට කතාව ගියේ..."යාලුවා අමුතු නයෙක් නටවලා පෙන්නන්න හදන බව දඟයාට තේරුනා....
"පිස්සුද යකෝ..ඔලිම්පික් මෙඩල් ගත්ත එකෙක් මේ කුනු වැවේ ගිලෙයිද බන්..
නිකන් බේගල් අතාරින් නැතිව හිටහන්..."දඟයා යාලුවාට සත්තම දැම්මත් යාලුවාත් එහෙම ලේසියෙන් පරාද වෙන ජාතියේ එකෙක් නෙවෙයි..
"අඩෝ සිරාවටම කියන්නේ...ඌත් උගේ චීනි එක්ක ඔතන ඔය හංස බෝට්ටු පැද පැද ඉන්නකොට,බෝට්ටුව පෙරලිලා තමයි ගිලිලා මැරිලා තියෙන්නේ..ඔතන හංස බෝට්ටු කුලියට දෙන පොරක් මට විස්තරය කීවේ..ඇත්තමයි බන්.."යාලුවා වෙරි මරගාතේ තව තව කියෝනවා..
"අනේ ..මේ පලයන්.එහෙනම් චීනි ලග හිටිය නිසා ඌගේ දනිස් පන නැතිව තියෙන්න ඇති..
උබ මටත් නයා අරිනවානේ.."යාලුවා වගේම දඟයාත් පරාද වෙන්න කැමති නෑ. 
"නෑ. . නෑ . .බන් . . .
චීනාට එවෙලේ පීනා ගන්න බැරි වෙලා තියෙන්නේ,වලල්ල පාත් වෙලා වතුරේ කකුල් ගහ ගන්න බැරි වෙලා..."යාලුවා අමුතු ටෝක් එකක් දෙනවා..
"වලල්ල පාත් වෙලා..ඒ මොන හරුපයක්ද?" දඟයාට යාලුවා කියන හරුපය තේරුනේ නෑ...
"යකො..බෝට්ටුව පෙරලෙන වෙලාවේ චීනා ඉදලා තියෙන්නේ කලිසමයි..ඌගේ යට කලිසමයි දනිස්ස ලගට වෙනකම් ගලවාගෙන...ඉතින් යකෝ එතකොට කකුල් දෙක එකට තියලා බැන්දා වගේනේ...මොන ජගතාටද කකුල් බැදගෙන පීනන්න පුලුවන් ඉතින්. . ." යාලුවා කතාව මට එහෙම තේරුම් කරලා දුන්නා... 


ප.ලි: හැබැයි චීනා දනිස්ස ලගට කලිසම ගලවාගෙන මොනා කොලාද කියලා නම් යාලුවා දඟයාට කීවේ නෑ...
තේරුනාද මන්දා. .

10.1.14

පෙත්තාගේ තව තව කතා හෙවත් තව තව කුනුහබ්බ කතා...

පෙත්තා විශේෂ දක්ෂතාවක් දක්වනුයේ කුනුහබ්බ කතා කීමටය...පෙත්තා කියූ කතාවක් කුනු හබ්බ කතාවක් නොවුයේද අනිවා එය පට්ට පල් කෙබරයක් වෙයි.
එසේ පෙත්තා කියු කුනුහබ්බ කතා එකතු කොර පතරන්ග ජාතක කතාපොතද මොකක්ද එක මෙන් පොතක් ලිවිය හැකි මුත් දඟයා ප්‍රසිද්දියේ කියුව හැකි සහ ලිවිය හැකි කතා පමනක් මෙසේ පෙත්තා කියූ අකාරයටම ප්‍රසිද්ද කරනු ලබයි.

"දවසක් මගේ පොල්ගස්ඕවිට පී.පී එකට බෙහෙත් ගන්න ආවා මචන් නාටුකෑල්ලක්.
මේකියි ,මේකිගේ වාහෙයි ඉන්නවා කියන්නේ චීනේ.ලංකාවට ආපු වෙලාවක තමයි මචන් මාව හම්බවෙලා බෙහෙත් ගන්ට ආවාය කියන්නේ.
මේකි මචන් බෙහෙත් ගන්න ඇවිදිල්ලා ලෙඩේ කියන් නැතිව ඇඹරෙනවා ඇබරෙනවා .....
කිරි පනු ගායට දෙන පොලිඩෝල් කුප්පියක් හරි පොවන්න මේකි  මචන් මුලින්ම හැදිලා තියෙන ගාය කියන්න එපාය.මම අහනවා අහනවා...මේකි ඇබරෙනවා....
ඒ මදිවාට මගේ මූන දිහා එක එල්ලේ බලන්නෙත් නෑ.මම දැනගත්තා මේකි මොකක් හරි ලොකු පුහුලන් කතාවක් කියාගන්න බැරිව තමයි ඇබරෙන්නේ කියලා...
චීනේ ඉදලා ආවාය කීව නිසා, මම මචන් ගෙස්ට් කොලා මේකි අනිවා මොකක් හරි ලොකු සමාජ රෝගයක් හදාගෙනවත්දෝ කියලා.....
මොනා උනත් ඩොකෙක් උනාම අපි දැනගන්න එපාය ලෙඩාගෙන් ලෙඩේ සම්පූර්න විස්තරය අහගන්න.

"ඔයාට කියාගන්න බැරි අසනීපයක්ද තියෙන්නේ" කියලා මම පොඩ්ඩක් මේකිව කතාවට ඇදලා ගත්තා.

හප්පට සිරි ....හරියට මහවැලියේ සොරොව්ව ඇරියා වගේ මේන් මේකි කියවාගෙන කියවාගෙන යනවා....

"අනේ ඩොක්ටර් මම බැදලා අවුරුදු හතක් විතර වෙනවා.අපිට බබෙකුත් ඉන්නවා.ඒත් ඉතින් දැන් දැන් අපේ එක්කෙනා මාත් එක්ක මෙව්වා කොරන්න හරියට අදි මදි කොරනවානේ....."මේ ගෑනි එක දිගටම මෙලෝ ලැජ්ජාවක් නැතිව කියවාගෙන කියවාගෙන  යනවා.

මචන් ඒකි දඩස් ගාලා ඒක කියෝගෙන ගිය හැටියට මට ලැජ්ජා හිතිලා මම මගේ කුට්ටම වහගත්තා අත් දෙකෙන්.උන්ට ලැජ්ජාවක් නැති උනාට මචන් අපිට ලැජ්ජාවක් තියෙනවානේ....:)

"අනේ බලන්න ඩොක්ටර් අපේ එක්කෙනා මා එක්ක කොරන්නේ ඔලිම්පික් සෙක්ස්.එත් ඩොක්ටර් මම කැමති රැවුල කපනවා වගේ සෙක්ස් කොරන්න."කියලා මේ සක්කරවට්ටම මට කීවා මචන්.
ඒ කුනුහබ්බෙන් මගේ ඔලුව මාන්දම් වෙලා ගියා මචන්.ඇයි යකෝ මම දන්නවද ඔය ඔලිම්පික් කතා...
ඔය ඔලිම්පික් සීන් වල තියෙන්නේ හයිස්පීඩ් වගේ අනම් මනම් ලෝක වාර්තා කේස්නේ...ඒක නිසා මාත් වැඩිය ඇඹරෙන් නැතිව නිකන් මේකිට ටෝකක් දුන්නා...
 "එහෙනම් අවුලක් නෑනේ.ඔයාලාට වාර්තාගත වේගයකින් යන පට්ටම පට්ට සෙක්ස් ලයිෆ් එකක් ඇතිනේ" කියලා...
ඒ ගමන මේකිට මචන් මල දෙකොනෙන් පැන්නා...
"අනේ ඩොක්ටර් මගුලක් කතා කොරනවා...එහෙමනම් මම ඩොක්ටර් ලගට එනවාද?
මගේ ගොං වාහෙට අහවල් එක කොරන්න ඕනා කියලා හිතෙන්නේ අවුරුදු හතරකට විතර සැරයක්.
එතකම් මම වේලෙනවා.ඒකයි මම එයා මා එක්ක කොරන්නේ ඔලිම්පික් සෙක්ස් කියලා කීවේ.
මට බෑ ඩොක්ටර් අවුරුදු හතරක් බලන් ඉන්න.
මමත් කැමති රැවුල කපනවා වගේ හැමදාම සෙක්ස් කොරන්න.
කව්ද ඩොක්ටර් ආස නැත්තේ, අද කැපුවත් ආයි හෙටත් කපා ගන්න...:):)

8.1.14

පෙත්තාගේ කතා...

අනුන්ගේ මුදල් වලින් කරටි කැඩී,කන් කෙලින් වී ඇස් රතුවෙනකන් බොන පෙත්තා ගැන කතන්දර බොහෝය.
එමෙන්ම පදමට වෙරි වු පෙත්තාගේ කටද,තොර තෝන්චියක් නැතිව එෆ් එම් චැනල් එකක කතන්දර කියනා කෙල්ලකගේ මෙනි.දෙපිට කැපෙන කුනු හබ්බ මෙන්ම,හක්ක පනිනා තුරු සිනා සිය හැකි කතන්දරද පදමට මත්ව සිටිනා පෙත්තා රස කරමින් වමාරයි.

"මචන් අපේ ගෑනුත් මහා පුදුමාකාර යක්සනියෝ තමයි බන්...
උන් එක්ක අහවල් වැඩේ කොරන්න ගියාම එක එක කතන්දර කියෝනවා..
එක්කෝ රතු කොඩි දාලා..නැතිනම් ඔලුව කැක්කුමයි කියයි.එහෙමත් නැතිනම් ඇගට අමාරුයි කියයි..මොකාක් හරි මගුලක් කියලා හෙට බලමු කියලා කියනවා.අපිත් ඉතින් අහවල් එකත් මිරිකලාගෙනම දොයිය ගන්නවා හෙට දෙන්නම් බැටේ කියලා.මොන හෙටක්ද?පහුවෙනිදාට කියනවා මූඩ් නෑ කියලා...
ඔන්න ඔය වෙලාවට තමයි මාරයා වැහෙන්නේ.ඒත් කමක් නෑ කියහල්ලකෝ...
අපි වෙන කෑල්ලක් එක්ක යාලුයි හරි...වෙන කෑල්ලක් එක්ක අරක කොලා කියලා විහිලුවට හරි මුන්ගේ කනට ගියොත්...
වහ බීලා මැරෙනවා කියයි..නැතිනම්  යාලුයි කියලා ආරන්චි උන කෑල්ලව මරන්න ඕනා කියයි..එකම යුද්දයක්නේ අප්පා...
ඔහොම කොටු කේස් එකක් අපේ ගෑනිට අහු උනොත් නම් හප්පා...ලෝක විනාසය තමයි.:)

"කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනකොට,කෙල්ල බිම බලා ගන්නේ ඇයි?"
පෙත්තා පිං ෂොට් එකෙන් දෙකෙන් පුරස්න විචාරාත්මක වටයක්ද පට්ටාන් ගනියි.
"කොටලා පනිනවාද?බැදලා කොටනවාද? එහෙමත් නැත්නම් මුකුත්ම බැරිද? කියලා ගෑනුන්ට එක පාරින් බිම බලනවා වගේ වෙන දිහාවක් බලලා කියන්න පුලුවන්..
අඩෝ...උන් බලන්නේ බිම නෙවෙයි.බොලාගේ අහවල් එක දිහා...":)තමාගේ පුරස්නයට හරි පිලිතුරක් තම යහලු මිත්තරාදීන්ගෙන් නොලද විට,පෙත්තා වඩාත් උද්යෝගයට පැමිනේ.

බෝතලයේ අඩිය පෙනීමට පටන් ගන්නා විට පෙත්තා හොද පදමට පැමින ඇත.
"පුලුවන්නම් කියහල්ලා බලන්න බෝම්බයකයි,කොන්ඩම් එකකයි තියෙන පැහැදිලිම වෙනස?"
මත්ව සිටිනා පෙත්තා යහලුවන් වෙත අබියෝග කරනුයේ අමුතුම තාලේ පුරස්න තවතවත් යහලුවන් වෙතට යොමු කරමිනි.පෙත්තා ගැන සියලුම යහලුවන් දන්නා නමුත්,මෙවන් අවස්තාවකදී පදම ඉක්මවා ගියවුන් විවිදාකාර පිලිතුරු පෙත්තා වෙත සපයා වරිගය නසා ගනි.
"බෝම්බයක් පිපුරුනාම රටක ජනගහනය අඩු වෙනවා...
ඒත් කොන්ඩම් එකක් පිපිරුවොත් මොකද වෙන්නේ ?,
අඩෝ කොන්ඩම් එකක් පිපිරුවොත් රටක ජනගහනය වැඩි වෙනවා....
ඕන් බලහල්ලාකෝ පිපිරීමක වෙනස.":)පෙත්තාගේ පිලිතුරුද පෙත්තාටම ගැලපෙනාකාරයට කියමින් පෙත්තා සිනා සේ.

"උඹලා දන්නවාද අපේ ඇගේ වැඩියෙන්ම දුක් විදින ගැජට් එක මොකක්ද කියලා? "පෙත්තා තවත් කුනුහබ්බ පුරස්නයක් යහලුවන් වෙත යොමු කොරනුයේ ආඩම්බරයෙනි.
පෙත්තාගේ පුරස්නවලට පිලිතුරු සපයා නා ගන්නවාට වඩා නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම ඇගට ගුන බව සිතා සමහරක් මිත්තරයෝ නිහඩවම සිටී.
"අහවල් එකනේ...කී පාරක් කියලා එහාට මෙහාට පැද්දෙන්නද?එහෙම බලනකොට ඒ ගැජට් එකත් විදින්නේ පට්ටම දුකක් තමයි."පෙත්තා බලාපොරොත්තු වනුයේ වලත්ත පිලිතුරක් බව දන්නා මිත්තරයෝ වලත්ත පිලිතුරුම ලබා දෙයි.
"උබලා දන්න රෙද්ද...යකෝ අහවල් එක කොරනා වැරදි වලට දුක් විදින දුක්බරම ගැජට් එක තමයි බන් අපේ අහවල් දෙක....
ඒ කියන්නේ ටෙස්ටිකල්...
ඇයි බලහල්ලකෝ...අපි මැරෙනකන් එල්ලා තියන්නනේ දෙයියන්වහන්සේ ටෙස්ටිකල් මවලා තියෙන්නේ...ජීවිත කාලෙම එල්ලලා තියෙනවා කියන්නේ සුලු පටු දඩුවමක්ද? ":)කියමින් පෙත්තා මහා හඩින් සිනා සේ.
Related Posts Plugin for WordPress, Blogger...