+
"මහත්තයාට පේනවාද අර නැවක් වගේ පාවෙන වලාකුල.අර මම කලින් පෙන්නුව මිනී ඔලුව වගේ වලාකුලට යටින්..."
විනාඩි දහයක පමන නිහඩියාව බිදිමින් සුසන්ත අයියා නැවතත් කටහඩ අවදි කල නිසා නිසා පාට පාට ලෝකයෙන් මිදී,කිරල කැලයේ බන්ටෙක උඩට මා නැවතත් පැමිනුනා.....
බොද වු ඇස් අහස දෙසට යොමු කලද,ප්‍රතිඋත්තරයක් ලබා දිමට මා කම්මැලි කමක් දැක්වුයේ,බියර් මත නිසාම නොවෙයි.මෙවන් අවස්තාවකදී මා කැමති නිශ්ෂබ්දතාවයටයි.නිශ්ෂබ්දව සරල ගීතයකට සවන්දීමටයි.
ගිනිබෝලයාව මුහුදට වැටෙනා වෙලාවට,පොල්හේන බීච් එකට පැන ඔලුව පොගනාකල් නාගෙන කිරල කැලයට රිංගා හිස බරවනතෙක් බියර් බී ,අහසේ වලාකුලු මෙන්ම කලාමැදිරියන්ගේ කලා මැදිරි එලියන් බැලීමට මා ප්‍රිය කරමි.එසේ සිටිමින්, මනෝ ලෝකයේ සැරි සරනවා මිසක,කා සමගවත් කියවීමට මා කැමති නැත.ඉදහිට පියාබන වවුලෙක්,කොකෙක් ඇරුනුකොට,කිරල කැලයේ බන්ට් දහ අටේදිම අපගේ සමාදිය බිදීමට කිසිවෙකුත් පැමිනියේද නැත.
රාත්‍රි සමාජ ශාලාවක කරටි කැඩී ඇට්ටි හැලෙනකන් බ්‍රැන්ඩි හෝ රම් බී,පිස්සුවෙන් නටනවාට වඩා,කිරල කැලයේ ඇනිකෙට්ටුවකට ගොඩව,සුසන්ත අයියා සමග, දම් පාට අහසේ වලාකුලු රටා බලමින් ගත කරනා කාලය මා හට ගතේ සිතේ සියලු පීඩාවන්ට මනා සුවයක් ගෙන දේ.
යාන්ත්‍රික ලෝකයේ ඇති පීඩාකාරි බවද,අල්පේච්ච දිවියේ ඇති නිහඩ සැනසුමද මේ කාරනාවෙන් මා හට මනාව අවබෝද වෙයි.
කොලඹ කොන්කිරිට් වනන්තරයේ ඉපදුන මා හට,වලාකුලු රටාවල ලස්සන බලන්නටත්,කලුවරේ කලාමැදිරි එලිවල ප්‍රතිබාව බැලීමටත්,නිහඩව සිටිමින් ස්වබාවික පරිසරයේ සබ්දයන් රස විදීමටත් පුරුදු කලේ සුසන්ත අයියාය.
ජැමෙයිකානුවො සින්දු කීමට බොන බීමේ සිට සුදු හම ඇත්තන් සීතල නැතිවීමට බොන පානය දක්වා පානයන් බොහොමයක් ජීවිතයේ පලමු වරට අත්හදා බැලුවේද,සුසන්ත අයියා සමග කිරල කැලයේදීය.
සුසන්ත අයියාගේ හමුවිමද මහා පුදුමාකාර අහම්බයකි.
වෙලද කලමනාකරුවෙකු ලෙස සෑම දීපන්කරයකම ගැවසීමට හුරුව සිටි මා අතින්,මෙයට කාලයකට පෙරදී මාතර නගරයේදි මෝටර් බයිසිකල් කරුවෙකු අනතුරකට පත් විය.
කල වරද තේරුම් ගත් මා,තුවාලකරුව මාතර රෝහලටද ඇතුලත් කර මාගේ දුරකතන අංකයද ලබා දුන්නේ,මාගෙන් සිදු වූ වරදට ඔහුට සහනයක් ලබා දීමේ අරමුනෙනි.
හවස් වන විට තුවාලකරුගේ ඥාතියෙකු මා හට දුරකතනයෙන් ඇමතූ අතර වන්දියක් ලෙසට රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලීය.
සිදුවුන වැරැද්ද නිවරැදි කලයුතුමුත් එයට එවන් වන්දි මුදලක් අයකරගැනීම ඉතාම අසාදාරනයකි.
මා එම මුදල ලබා දීමට මැලි වු අවස්තාවේ,ඔහු දකුනේ ප්‍රසිද්ද පාතාලයෙකුගේ සහෝදරයෙක් බවත්,එම මුදල් නොදෙන්නේද මාගේ ජීවිතය සන්බන්දයෙන් ගැටලුවකට ලක්වන බවත් පැවසීය.
මුලු සිරිලංකාවේම අස්සක් මුල්ලක් නෑර බල්ටි ගසා තිබුනද මා යම් තැතිගැන්මකට ලක් වුයේ එම පාතාල කෙරුමාගේ කෙරුම් හොදින්ම දන්නා නිසාය.
යහලු මිත්‍රාදීන් කොපමන සිටියද,ලොව කොයි ජීවියාටත් ඇතිවන මරන බය මා හට හොදින්ම දැනින.පැන යාමට කිසිදු ඉඩක් නැත්තේ මාගේ සියලුම තොරතුරු අනතුරට ලක්වු පුද්ගලයාව රෝහලට ඇතුලත් කරනා අවස්තාවේදි ලබා දී තිබූ නිසාය.මා තනිවම විසදාගත යුතු පුරස්නයක් මා වෙත පැමින ඇත.
බ්‍රැන්ඩි බාගයක්ද ගෙන පොල්හේන වෙරලට ගිය මා,කාරයේ පසුපස දොර ඇර එහි හිදගෙන මුහුදු සුලං විදිමින්, සෙමින් බ්‍රැන්ඩි බාගය හිස් කරන්නට වීමි.
පුද්ගලයෙක් පැමින මාගේ අතේ තිබූ සිගරට්ටුවෙන් ,ඔහුගේ සිගරට්ටුව දල්වා ගත්තේය.
"මහත්තයා මෙතන බොන්න දෙන් නෑ.පොලිසියෙන් ආවොත් ප්‍රස්නයක් වෙයි"අමුත්තා එසේ කීවේ මාගේ හොදට බව මා හට වැටහින.
"තැන්ක් යු" කියමින් මා තවත් සිගරට්ටුවක් පත්තු කරන්නට විය.මුහුදු සුලග නිසා සිගරට්ටුව ඉක්මනින් දියව යයි.තදින් සිගරට් උගුරක් පපුවට පුරවාගත්තද දුන් ගුලි රටාවකට පිට කිරීම අපහසුය.සුලග නිසා දුම්ගුලි රටාවන් මැකීයයි.
"මහත්තයා තනියමද ආවේ...මම බලාන හිටියේ ටික වෙලාවක ඉදලා.මුකුත් අවුලක්ද?"
අමුත්තාටද මා ගැටලුවකට මැදිව ඇති බව දැනී ඇත.
මා කිසිවක් කීමට ගියේ නැත.
සිගරට්ටුව උරමින් මා දෙස ටික වෙලාවක් බලා සිටි අමුත්තා "මම එහෙනම් යන්නම් මහත්තයා" කියමින් ආපසු යන්නට විය.
ඈතට පියමනිනා අමුත්තාට අත්පුඩි ගසා කතා කලෙමි.
"ගන්න සිගරට් එකක්" සිගරට් පැකට්ටුව ඔහු වෙත දික් කලෙමි.
"ඕනා නෑ මහත්තයා" අමුත්තාද අමුතු සතෙකි.
"මහත්තයා මාතර නෙවේනේ.....මගේ නම සුසන්ත.තනියම මෙතන හිටි නිසයි කතා කලේ...උදව්වක් ඕනා නම් කියන්න"
නිශ්ෂබ්දව අමුත්තාගේ මුහුන දෙස ටික වෙලාවක් බලා සිටි මම මාගේ ප්රශ්නය ඔහු සමග බෙදා ගැනීමට තීරනය කලෙමි.
මාගේ කතාව අසා සිටි අමුත්තා...
"මහත්තයා බීලා ගිහින් ප්‍රශ්න විසදන්න බෑ....
මාත් එන්නම්....,ලෙඩාව බලන්න හෙට ඉස්පිරිතාලයට යමු..
ලෙඩාට අපි සාදාරනයක් කොරමු.මහත්තයාටත් අසාදාරනයක් නොවෙන විදිහට.
බය වෙන්න එපා...මම ප්රශ්නය විසදලා දෙන්නම්"
මාගේ සිතට සහනයක් දැනුනේ මා දැන් තනි නොවනා බව මසිතට හැගුනු නිසා වෙන්නට ඇත.
කියූ පරිදිම පසු දින ලෙඩාව බැලීමට රෝහලට යාමට අමුත්තා මා සමග පැමිනි අතර ,සතියකින් පමන ගැටලුව වඩාත් සාදාරන ලෙස විසදවා දුන්නේය.
කල උපකාරය හිලව් වීමට අතට රුපියල් දෙදහසක් උන්ඩිකර තැබු මා දෙස බැලූ අමුත්තා..
"මහත්තයා මම මහත්තයාට කල උදව්ව රුපියල් දෙදහාකින් මනින්න බෑ.අනික මම සල්ලි බලාන මහත්තයාට උදව් කලෙත් නෑ.ආයි කරදරයක් උනොත් මට කතා කරන්න..."කියමින් මුදල නැවත මා අතම තැබීය.
එලෙස ඇරබි සුසන්ත අයියා හා මා අතර ඇති හිතවත්කමට,වයසවත්,තත්වයවත්,මුදල්වත් කිසිදින බලපෑවේ නැත.
"මහත්තයා......"සුසන්තගේ කට හඩින් නැවතත් එක වරම මා කල්පනා ලොවින් කිරල කැලයට පැමිනුනෙමි.
කලුවරේ නිදහසින් දැහැනකට සම වැදී ඉන්නා මෙවන් වෙලාවක අප කතාකරනුයේ බොහොම අඩුවෙන්ය.
"මහත්තයාට ඇහෙනවාද දැන් යන ඔය සින්දුව"
දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනහීගෙන යනවා වාගේ...
ඔව්..ඔය අමරසිරි පීරිස්ගේ අලුත් සින්දුවක්...මා පැවසීය.(මෙය සිදුවුයේ 2009 වසරේදි පමනය )
"හරි හරි මහත්තයා....කාගේ උනත්...ඔය කියන්නේ අපේ හින්නි අප්පු මාමා ගැන.
ඔය අත්තුඩාවේ පාලම හදන්න කලින් මාමාගේ පාලම් පාරුවේ තමයි ඔක්කෝම මිනිස්සු එහාට මෙහාට ගියේ...දැන් මිනිස්සු පාලම් පාරුවේ යන් නෑ..පාලම තියෙන නිසා..
මිනිස්සු ගියත් නොගියත් හින්නිඅප්පු මාමා තාම පාලම් පාරුව තියාන ඉන්නවා....
අවුරුදු පනහක් විතර මිනිස්සුන්ව ගගෙන් එහා මෙහා ගෙනිච්චේ අපේ මාමා...මාමාට දැන් වයසයි.."
කිසිම දිනකදී සුසන්ත මෙවන් උද්යෝගයකින් කතා කරනවා මා දැක තිබුනේ නැත.සුසන්ත එක දිගටම කියවාගෙන යයි.
ඒ අතරින් මට ගීතයද ඇසේ.
කවුරුවත් නෑ..කවුරුවත් නෑ..
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අදුර ගලනවා පාරුව ඇතුලට
ලන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නෑ..කවුරුවත් නෑ..
මා ප්‍රියකරන ගීතයක මූල බීජය ගැන සුසන්ත කියවාගෙන යයි...
ජීවිතයේ යතාර්තය ගැන ගැඹුරු පනිවිඩයක් දෙන ගීතයක් සරල කතාන්දරයකින් ගොඩ නැගී ඇති අයුරු අපූරුය.
දවසින් දවසම පාලම හැදුනා
පාලම් මෝලේ හෙණ හඩ ඇසුනා
කිරල කැලෑවේ කුරුලු කොබෙයියන්
ගම හැරදාලා යන්න ගිහින්...
ඔය පාලම හදන්න ගත්ත දවසේ ඉදලාම හින්නි අප්පු මාමාව විනාස උනා මහත්තයා...
පාලමේ වැඩ චැක් කොරන්න ආව ඉන්ජිනේරුවෙක් මාමාගේ දුවගේ බඩට දරුවෙක් දීලා පැනලා ගියා...
ඒකාව හතර දික් බාගෙම හෙව්වත් හම්බ උනේ නෑ මහත්තයෝ..
ඒක ගැන හිතලාම නැන්දා ලෙඩ ඇදට වැටුනා...
අන්තිමට දෝනියැන්දා ඔය පාලම ලග නුග ගහේ එල්ලිලා මලා . . .
ගීතයේ සදහන් ආකාරයටම පාලම කිරල කැලෑවටද,හින්නි අප්පු මාමාගේ ජීවිතයටද විනාශය රැගෙනවිත් ඇත.
සංවර්දනය කෙනෙකුට යහපතද කෙනෙකුට අයහපතද ගෙනෙනා අයුරුනම් මහා පුදුමාකාරය.
"මේ හරියේම කවුරුහරි කෙනෙක් වෙන්න ඕනා ඔය සින්දුව ලියන්න ඇත්තේ...
යමු..යමු මහත්තයා හින්නිඅප්පු මාමාවයි පාලමයි මහත්තයාට පෙන්නන්න...."සුසන්ත පාලම් පාරුව පෙන්වීමට යාමට හැල්මේ දිවීමට සැරසේ.
කිසිම දිනෙක කිරල කැලෑවේ බන්ට් එකකින් වේලාසන නැගිට නොගිය මා මෙවේලේ හින්නි අප්පු බැලීමට යාමට තීරනය කලේ අමුතුම හැගීමක් මා සිතටද ඇතුලුව තිබු නිසාය.
Showing posts with label දඟ යාලුවන්ගේ කතා. Show all posts
Showing posts with label දඟ යාලුවන්ගේ කතා. Show all posts
17.10.13
ටියුබ්ලයිටා..
සමහර මිනිසුන් සමාජ සම්මතයෙන් වෙනස් වු වැඩ කරයි.
විටෙක එතුලින් නව අදහස්,නව නිර්මාන බිහි වේ.ජයග්රහන ලැබේ.
තවත් විටෙකදී වෙනස් වැඩ කිරීමට ගොස් අනා ගැනීමටද සිදු වේ.
අනාගෙන කෙලවා ගත් විට පිස්සු වැඩ කොරනවා යැයි කට කැඩුනු කතා ඇසීමටද සිදු වේ.
මිනිසුන් පිස්සු වැඩ කොරනා අයට පිස්සො යැයි කියති.
දකින්නා දකිනාකාරය අනුවද,දකින පුද්ගලයාගේ මානසික මට්ටම අනුවද මනිනාකාරය තීරනය වන නිසා,කෙනෙකු පිස්සෙක් හෝ බුද්දිමතෙක් බවට නිරායාසයෙන්ම පත්වන්නේ ඔහුටත් හොරෙනි.
ඉක්කොලේ යන කාලයේ දඟයාට හරි අපූරු මිතුරන් පිරිසක් සිටියේය.උන්ද ලෝකය උඩු යටිකුරු කොර බලන,මොලේ මාන්දම හැදුනු,අමුම අමු පිස්සු පූසන් රැලකි.
ඔය පිස්සු පූසන් රැලේ ටියුබ්ලයිට් කියා පූසෙක්ද සිටියේය.නමේ පරිසමාර්ත අර්තයෙන්ම මේකා ටික වෙලාවක් ගොස් පත්තුවෙන අන්දමේ එකෙක්ය.පලවෙනිදා කියු දෙය ටියුබ්ලයිටාට තේරුම් යන්නේ දහවෙනිදාය.
බාතිය සහ සන්තුශ් කරලියට පැමිනි මුල් කාලයේ ස්කූල් බසයේ,බජව්වට බාතියලාගේ සින්දුවක්ද චොර කොරනා ලදී.සින්දුව හරිහමන් ආකාරයට ඉවරකොර ගැනීමටද පෙර ටියුබ්ලයිටාට අපූරු පුරස්නයක් ඇතිවෙලා තිබින.ස්කූල් බසයේ සිටි ගැටිස්සියන්ටද ඇසෙනා ලෙස ටියුබ්ලයිටා තම පැනය යහලුවන්ට යොමුකලේ තමන්ගේ දැනුවත්බාවය පෙන්වීමටය.
"මචන්..ඔය සින්දුව කියන්නේ අලුත් එවුන් දෙන්නෙක්.එකෙක් බාතිය සන්තුශ් කියලා ඩයල් එකක්.අනිකාගේ නම නම් තාම හොයනවා...."
බස් එකේ සිටි කෙලි පැටික්කියෝ බහුතරයක් ටියුබ්ලයිටාව හරියාකාරවම අදුනාගත්තේ එදාය..
ටියුබ් ලයිටා පම්පෝරිගැසීමටද උපන් හපනෙකි.පසුකලෙක දැනගත් පරිදි ජම්බු ගහක්වත් නැති ෆ්ලැට් එකක ජීවත් වුනත් නුවර එලියේ අක්කර පහක පෙයාර්ස් වත්තක් අප්පච්චිට ඇති බවත්,අප්පච්චි බිස්නස් එකක් ලෙස පෙයාර්ස් පිටරටට පටවන බවත් ටියුබ් ලයිටා නිතරම පම්පෝරි ගැසීය.
අවුරුද්දේ එක කාලයකදී පාරවල් අයිනේද ගොඩ ගසා පෙයාර්ස් විකුනයි.එවන් කාලයකදී පාරක් අයිනේ ගොඩ ගසා තිබෙන පෙයාර්ස් දුටු තවත් පාපමිත්රයෙකු
"මේ පාර වත්තේ පෙයාර්ස් හැදුන් නැද්ද මතන්..යැයි ටියුබ්ලයිටාගෙන් ඇසීය.
"මතන් ...මේ පාරනම් පෙයාර්ස් හැදිලා තියෙනවා....පුදුම හැදිල්ලක්..
මේන් මේ තරම් විතර ඇති...
උබලාට කියන්න අපේ අප්පච්චි බල්ගේරියාවට පටවනවා ලොකු ඉටිකිරිස් පෙයාර්ස් ජාතියක්..
ඒ පෙයාර්ස් ගෙඩියක් කොච්චර ලොකුද කියනවානම් මතන්...,
දුසිමටම අල්ලන්නේ ගෙඩි තුනයි මචන්...."
එතනින් එහාට ටියුබ්ලයිටාට විශාල කේදවාචකයකට මුහුනදීමට සිදු වු අතර,ටියුබ්ලයිටා එදායින් පසුව කිසිදිනෙක පෙයාර්ස් තබා ඇපල්,දොඩම් ගැනවත් කතා කලේ නම් නැත.
අතේ සතේ නැති දිනයකදී උවද ටියුබ්ලයිටාට ඩොනල් මාමාගේ කඩේට හෝ කන්තුකි මාමාගේ කඩේට රින්ගා චිකන් කෑලි කන කෙල්ලන් දිහා බල බලා කෙල ගිලිමින් දුප්පත් අයිස්කෝන් කෑමේ තදබල දැවිල්ලක් විය.මෙසේ අයිස්කිරින් ලෙවකමින් සිටිනා විට ටියුබ්ලයිටා සිතනුයේ තමා ලොකේ ලොකුම පොරක් කියාය.එලිසබෙත් ආන්ටිත්,විලියම් අයියත් එවිට ටියුබ් ලයිටාගේ ලගම ලේ නෑයන් බවට පත් වේ.
එලෙස සිටි දිනෙක අදාල ස්තානයේ ඇති කූල් එකට ඔලුව පෙගී,මොලය නරක් වී "නංගිගේ උපන්දිනයට පීසාහට් කෑවා" යැයි කියා බොග නා ගත්තේ අප සියලු දෙනාම පීසා කෑ හැකි නමුත් පීසාහට් එකක් කෑ හැකි බව හොදාකාරයෙන්ම දන්නා නිසාය.
එක කාලයකදී ටියුබ්ලයිටාටද ලව්මාන්දම තදබල ලෙසටම වැලදිනි.
ශරීරයේ නොපෙන්විය යුතු ස්තානයන්ද වඩාත් පෙන්නාගෙන ස්කූල් බස් එකේ යන මේ සුකුරුත්තමේද නට් සහ බෝල්ට් ඇන මාරු වී ඇති බව ටියුබ් ලයිටා ඇරෙන්නට අනිත් සියල්ලෝම දැන සිටියහ.
ටියුබ්ලයිටා,සුකුරුත්තමට වඩා අඟල් තුනක් පමන කොට විය.අඟල් කීපයක් උස සපත්තු දෙකක්ද දමාගෙන මාස ගනනාවක් සෙම හැලුවද සුකුරුත්තම තම ආදර විජිතයට නොඑනා බව දැනගත් ටියුබ්ලයිටා,මිතුරු උතුමන්ලාගෙන් උපදෙස් ඉල්ලා අඩා වැලපෙන්නට විය.
තම දයාබර මෑනියන්දෑගේ වලල්ලකට වගකියා මිත්තරයන් හට බෝතල් පූජාවක්ද කර ඉතිරි මුදලින් ප්ලෑනට උවමනා වෑන් එකක්ද ටියුබ් ලයිටා සපයාගත්තේ,ආදර ප්‍රාර්තනා ටොන් ගනනින් පොදි බැදගෙනය.
ප්ලෑනේ හැටියට සුකුරුත්තම ක්ලාස් ඇරී ගෙදර යන පාරේදී කොල්ලෝ පිරිසකගේ නොමනා විහිලුතහලුවන්ට හසුවේ.අදාල අවස්තාවේ අහන්බයෙන් සිද්දියට එන්ටර් ද ඩ්‍රැගන් වන ටියුබ්ලයිටා තම පෙම්බරියව කොල්ලන්ගෙන් බේරා ගැනීමට උත්සාහ කොරයි.කොල්ලෝ පිරිස වැඩි නිසා ටියුබ්ලයිටා සුකුරුත්තම සමග සුකුරුත්තමගේ ගෙදර ඇතුලට පසු බසී...ඉන් පසුව සුකුරුත්තමගේ වීරයා වන්නේ ටියුබ්ලයිටාය.
නියම කොරගත් දිනයේදි ජැන්ඩි හතට ඇඳ ටියුබ්ලයිටා ගුටි කන්නට සූදානම්ව ස්තානගතව සිටියේය.දඟයා ඇතුලු චග්ගෝලයන්ද කලු ඇදගෙන,තොප්පි දමා,නපුරු පෙනුමන් මවාගෙන අවට ගැවසෙමින් පැලෑනට අනුව හැඩ ගැසී සිටියේය.
සුකුරුත්තමද සුපුරුදු පරිදි ලැසි ගමනින් ගෙවල් දෙසට පාවෙමින් සිටිනා කල්හි දඟ සැට් එකේ ගොබිලෙක් සුකුරුත්තමගේ කොන්ඩ පටියෙන් ඇද්දේය.
"අඩෝ කල්පයා ඔය කොන්ඩ පටිය දීහන්" කියාගෙන ටියුබ්ලයිටා ගේමට ඇන්ටොර් විය.
සට පට!@#$%&~* හඩින් මයියොක්කා දඩු ටියුබ්ලයිටාගේ පිට හරහා,පිට කිස්කමින් ඇදී ගියේය....
ඊ ලගට බටලයිටාට තිබෙනුයේ සුකුරුත්තමද ඇදගෙන ගේ අතුලට දිවීමය..ඊට පෙර සුකුරුත්තම කෑ ගසන්නට වුවාය.
"අම්මි..අර පිස්සයි...පිස්සගේ යාලුවෝ කට්ටියයි ඇවිත් පිස්සු නටනෝ...
ඉක්මනට තාත්තිට එන්ට කියන්ටො....."
ටියුබ්ලයිටා "කල්පයා" ලෙස නම කියමින් එතනට කඩන් පාත්වුන නිසා,සුකුරුත්තම අපව අදුනාගත් බව දැනගත් දඟකල්ලිය ඇගබේරා ගැනීම සදහා පලායාමට සූදානම්ව තිබුන වෑන් එකට නැග පලාගිය අතර,වීරයා චරිතයයට පන පෙවු ටියුබ්ලයිටාද,වීරචරිතය පැත්තකට දමා තම පන බේරාගන්නට අප සමගම වෑන් එකට නැගගෙන තිබින.
සා.පෙල විශිශ්ට සම්මාන නමයක්ද සහිතව ඉහලින්ම සමත් වුන ටියුබ්ලයිටා,උසස් පෙල පෙල විබාගය දෙවරක්ම අනාගත්තේය.අවම වශයෙන් සාමාර්තයක්වත් ලබා ගත්තේ නැත.
කාලයාගේ ඇවෑමෙන් විශාල වියදමක් දරා ජපන් රටට නැව් නැගුන
ද,ටියුබ්ලයිටාට මාසයක්වත් සකුරා මල් බලන්නට වරම් ලැබුනේ නැත.ලක්ෂ ගනනාවක් වියදන් කර ජපන් රටට ගොස් රුපියල් තිස්පන්දාහක ජන්ගමයෙක් හොරකන් කර එරට පොලෝසියට අසුව ටියුබ්ලයිටාට හැරන තැපෑලෙන් ලන්කාවට එන්නට සිදු විය.
එවන් වීර ක්‍රියා රැසකදී පන බේරාගත් ටියුබ්ලයිටා දැනුදු දඟයාගේ පරම මිතුරෙක් නමුදු දඟයා දැනුදු කල්පනා කරනුයේ සා.පෙ විශිෂ්ට සම්මාන නමයක් ගෙන උ.පෙල නා ගත් ටියුබ්ලයිටා පිස්සෙක්ද ,නෝඑසේනම් බුද්දිමතෙක්ද යන්නයි.
විටෙක එතුලින් නව අදහස්,නව නිර්මාන බිහි වේ.ජයග්රහන ලැබේ.
තවත් විටෙකදී වෙනස් වැඩ කිරීමට ගොස් අනා ගැනීමටද සිදු වේ.
අනා

13.10.13
සුනිලා...
දඟයාට එක එක ජාතියේ වගේම එක එක වයස් මට්ටම්වලද මිතුරන් සිටියි.
දඟයා සමග මිතුරුකමක් පවත්වන වයසකම මිත්තරයා සුනිල්ය.
ගමේම මිනිසුන් සුනිල්ව නොදන්නා නමුදු සුනිලාව නම් දනියි.
(ගමේම ඈයෝ සුනිල්ව හදුන්වන්නේ සුනිලා ලෙසයි)
සුනිලා මැදිවියද පසුකල හිතින් තවමත් තරුන වයසක කොල්ලෙක්.
හිතින් කොල්ලෙක් උනත් සුනිලා බරපතල වගකීම් සහිත පියෙක්.
සුනිලාට දරුවන් හය දෙනෙකි.
සුනිලාගේ කරුමෙකටද,වාසනාවකටදෝ,මේ දරුවන් හය දෙනාම කෙල්ලෝ.
තම දරුවන් සම්බන්දයෙන් බමනමතින් කතා කොරන අවස්තාවලදී සුනිලා නිතරම කියනුයේ...
"හයපාරක් ට්‍රයි කොරලත් කොල්ලෙක් හදාගන්න බැරි උනා.තව කොච්චර ට්‍රයි කොලත් ඔච්චරම තමයි කියලා හිතාන හිත හදාගත්තා."කියායි.
දුප්පත්කමින්ද, පවුල් බරින්ද මිරිකෙමින් අමාරුවෙන් ජීවිතය ගත කොරන සුනිලා වඩාත්ම අපහසුවට පත්ව ඇත්තේ බාර්යාවගේ පීඩනයටයි.
(එය හරියාකාරවම පැහැදිලි වන්නේ සුනිලාගේ ඔලුවේ ඇති සියලුම කෙස් බාර්යාව විසින් ගලවා දමා ඇති නිසාය.)
උදේ පාන්දර නැගිටපු වෙලේ සිට පටන්ගන්නා බාර්යාවගේ කුරු..කුරු කන්කරච්චලය සුනිලාට ජීවිතය එපා වන තරමට එපා කරපු කන්කරච්චලයක් බව සුනිලා ගමේ හැමෝටම කීවේ නෑ.
නමුත් දුක තුනී කොරගැන්මට අරක්කු ටිකක් බී සූර් වු දිනවලට සුනියා මුලු බාර් එකටම ඇහෙන්න කියන ප්‍රසිද්ද පරන දෙමල තනුවක් ඇති, (අඩී එන්නඩී රාකම්මා..) සුනිලාගේම දුක ගැබ්ව,සුනිලා විසින්ම නිර්මානය කර ඇති සින්දුවෙන් ඒ බව මුලු ගමම දැන ගත්තා.
අනේ අම්මපා නොබදින්නයි හිටියේ
සුනිලාටද අමතකවීමේ රෝගය තදින්ම වැලදී ඇත.

ගෑනු
ගැන දන්න නිසා....
අපේ
අම්මගේ වදයට බැන්දා
ලැබුවා
නරක දසා.....//
හාල්
සේරුවක බත් කනවා
කාල
එතනම දොයියනවා..//
බාරි
මගේ හොද හැඩකාරි
මා
නැති කල ගොන් ඊරී...//
සුනිලාගේ මල අදෝනා සින්දුවේ තව පදපේලි බොහොමයක් ඇති මුත් දඟයාට සියලුම පද මතක නැත.
සුනිලාටද අමතකවීමේ රෝගය තදින්ම වැලදී ඇත.
රැකියාවට ගොස් නැවත නිවසට යන සුනිලාට අතරමගදි බාරියාවගෙන් දුරකතන ඇමතුමක් ලැබේ.
ගෙදරට උවමනා හාල්,සීනි,මාලු වැනි අඩුම කුඩුම ලයිස්තුවක් දුරකතනය මාර්ගයෙන් සුනිලාගේ බාර්යාව සුනිලාට පවසයි.
නමුත් ඇගේ අමාරුව යාමට බාර් එකෙන් ශොට් එකක් දාගන්නා සුනිලාට බිරිදගේ බඩු ලයිස්තුව අමතක වේ.
කලුමහත්තයාගේ කඩය ලගට ගොස් තම තට්ටය කසමින් බාරියාව රැගෙන ඒමට කියු අඩුම කුඩුම මතක් කොරනා සුනිලාට කවදාවත්ම බාරියාව කියු බඩු ලැයිස්තුව හරියාකාරව මතක් වන්නේ නම් නැත.
සමහර දිනෙක ගෙන ඒමට නොකී දෙයක් රැගෙන යන සුනිලා බාර්යාවගෙන් බැනුම් අහන්නේ.."අපරාදේ මේ මිනිහා නිකාන් සල්ලි නාස්ති කොරනවා" කියාය.
රැගෙන ඒමට කියු දෙයක් අඩුවෙන් ගෙන ගොස් තිබුනහොත් "මේ මිනිහාට සිහිය නෑ...කවමදාවත් හරියකට වැඩක් කොරන්න බෑනේ අප්පා"..බ්ලා..බ්ලා...
රැගෙන ඒමට කියු දෙයක් අඩුවෙන් ගෙන ගොස් තිබුනහොත් "මේ මිනිහාට සිහිය නෑ...කවමදාවත් හරියකට වැඩක් කොරන්න බෑනේ අප්පා"..බ්ලා..බ්ලා...
බාරිගෙන් හොදක් ඇසූ දවසක් මතක නැති බව සුනිලා හොටු පෙර පෙරා කියනා විට එය අසා සිටින කිසිවෙකුත්,කිසිම දිනෙක දීගෙක නම් නොයනු ඇත.
දිනක් බාරිගෙන් නොසෑහෙන්න බැනුම් අසා,දුක තුනී කොර ගැනීමට අරක්කු බෝතලයක් පමන පානය කොර වැනි වැනී පාරේ යන සුනිලාව දඟයාට මුන ගැසුනා.
දඟයා:මොකදෑ යකෝ..තෝ බීලා බීලා නහින්න හදනවාද?ළමයි ඉන්න තාත්තෙක් නේද බොල?
සුනිලා:අනේ බලහන් දග පුතේ..දරුවන්ගේ අම්මා හැමදාම නැගිට්ට පැදුරෙන් මාව කන්න තනනවා........
මම මොනා කොලත් වැරදියි.මට එපා වෙලා තියෙන්නේ ජීවිතයම...බ්ලා..බ්ලා..
දඟයා:ගෑනි ගේන්න කියන එව්වා අමතක වෙනවානම් කොලයක ලියාන පල...
සුනිලාට වෙරි හිදුන සෙයකි.
"ඇත්ත නේන්නම්...වයසට ගිහිල්ලත් මට ඕක මීටර් නොවිච්ච හැටි....දඟයාගේ ටිකිරි මොලේ තමයි මොලේ..."කියමින් සුනිලා ඩෝප් පිටම දඟයාව ඉබින්නට ට්‍රයි කොලද ...
"පලයන් යකෝ යන්න...උඹ ගෑනිගේ ඇරියස් අල්ලන්නේ මගෙන්ද" අසමින් දඟයා එතනින් මාරු විය.
(දඟයා සුනිලාට කුමක් කීවද සුනිලා කරබාගෙන ඉදියි.එය දගයාට ඇති ගෞරවයද නැතිනම් අහවල් එකද කියා නම් දඟයා දන්නේ නැත.)
පසු දින සෙනසුරාදාවක් විය.නිවාඩු දිනයක් නිසා සුනිලාගේ ගෙදරට සුනිලාගේ බාර්යාවගේ රත්තරන් මලනුවන්ද පැමින තිබින.
වදකබාරිය සුනිලා කැදවා විශාල බඩු ලැයිස්තුවක් කියාගෙන කියාගෙන යන්නට විය.
හිතින් නැන්දනිය මතක් කොරමින් (මලනුවන්ගේ මෑනියන්) ලොකු කෙල්ලගෙන් පෑනක් උදුරාගත් සුනිලා කියනා බඩු ලැයිස්තුව කඩදාසි කොලයක ලියා ගත්තේ අද දෙන්නම් බැටේ කියා හිතමින්ය.
වදකබාරියගේ මලනුවන් පැමිනි CT100 බයිසිකලය ගෙය ඉදිරියෙන් නවතා තිබින.
ගෙදරට බඩු ගෙනෙනා මල්ලද ගත් සුනිලා මස්සිනාගේ බයිසිකලයෙන්ම බඩු ලයිස්තුව රැගෙන ඒමට කලු මහත්තයාගේ කඩයට පියෑබුවේ ඔලුවට හෙල්මටයක්ද නැතිවමය.
බාර්යාවගේ ලයිස්තුවේ ඇති බඩු සියල්ලම මාසේ අන්තිමට පියවන නය පොතට ගත් සුනිලා සිගරට්ටුවක්ද පත්තුකොරගනිමින් ගෙදර දෙසට ගියේ රටක් රාජ්ජයක් දිනුවෙකුගේ සිතුවිල්ලෙනි.
"කාලෙකට පස්සේ අද නම් මට කනක් ඇහිලා හිටියෑකි " ලෙස සුනිලාට සිතින.
ගෙය පෙනෙනා මානයේදි සිගරට්ටුව දෙතුන් පාරක් පැටල් කොර විසික්කා කොල සුනිලා ගෙට ඇතුලු වුයේ රටක් රාජ්ජයක් ජයගත් එකෙකු සේය.
පොල් බෑයක් ගාමින් උන් වදකබාරිට ....
"බලනවා මොනාද අඩු කියලා" ලෙස කියමින් පොල් බෑයද උදුරගත් සුනිලා එක හුස්මට පොල් බෑයද ගාන්නට විය.
සුනිලාගේ වෙනස දුටු බාරියද පුදුම විය.
සුප් කැටයේ සිට කියු සියලුම හාල්,තුනපහ,අඩුම කුඩුම හා කුකුල් මස් ග්‍රෑම් හත්සිය පනහද කිසිදු අඩුපාඩුවකින් තොරවම මල්ලේ තිබින.

"මල්ලි ඕනා නම් අයියා එක්ක ටවුමට ගොහින් බියර් බෝතලයක් අරගෙන එන්න.මම බිත්තරයක් බැදලා දෙන්නම්.."
බාරි රූපවාහිනිය නරබමින් සිටිනා තම ආදරනිය මලනුවන්ට ඇසෙන සේ කීවේ සුනිලාට නිවන් සැප ලබා දෙනවා හා සිතුවිල්ලක්ද ලබා දෙමිනි..බාරිගෙන් මෙලෙස කොලපාටට දිස් වු එලිය තමුන් සම්බන්දයෙන් මෙතෙක් කලක් බාරියාව ලබා දුන් ලකුනුවල ඉහලම අගය බව සුනිලාට සහසුද්දෙන්ම දැනේ.
සුනිලාට පපුව පැලෙනා තරමටම සන්තෝසය.
කතන්දර නැත.මස්සිනාද සුනිලාටම කියාපු එකෙකි.එය හොදින්ම දන්නා සුනිලා හෙමින් සීරුවේ මස්සිනා ලගට ගොස් "එහෙනම් මල්ලි බාර් එක ලගට දුවලා එමු"දැයි ඇසුවේ ඇසකුත් ගසමිනි.
මස්සිනාද හෙල්මටයද රැගෙන එක පයින් ගමනට සූදානම්ව මිදුලට බැස්ස මුත් එකවර කෑ ගසන්නට විය.
"අයියේ..අක්කේ..අක්කේ ...මෙතන නවත්තලා තිබුන මගේ බයිසිකලය නෑ....."
"අම්මට සිරි...ගහපල්ලකො කලාබර "යැයි සුනිලාට කියවුනේ කලුමහත්තයාගේ කඩය ලග දමා ආ මස්සිනාගේ බයිසිකලය සිහිවීමෙනි.
10.10.13
ලැන්ඩා...
සුට්ටන් කතාවක් ලියන්ට කියලා හිතුනා....
හිතුනට මොකෑ ගැනද ලියන්නේ....
දඟයා විස්ස විජ්ජාලයට යන්නට මාන බලනා කාලෙදි එකතු වෙලා හිටිය කස්ටිය නම් පුදුමාකාර ගුන යහපත් කස්ටියක්.වෙනස් විදිහකට ලෝකය දකින්ට,වෙනස් දේවල් කොරන්ට,හරිම දැවිල්ලක් මේ අසරනයෝ කස්ටියටම තිබුනා...
ලංකාවේ කොහේ හරි දීපන්කරයක සික්ස් සයිඩ් කිරිකට් මැච් එකක් තිබුන දවසකට ඇරෙන්ට අනිත් හැම දවසකම උදේ පාන්දරින්ම නිදා ගැනිම මේ අහිංසක අසරනයන්ගේ දින චර්යාවේ කොටසක්.
ඉර අව්ව බැහැගෙන යන වෙලාවට ඇහැරිලා බත් පිගන් දෙකක් විතර වලදලා කස්ටියත් එක්ක ග්‍රවුන්ඩ් එකට ගොස් හවස හය විතර වන තෙක් කිරිකට් ගසා නැවතත් විදුලි ආලෝක දාරා මැද රෑ අට පමන වන තෙක් ලෝක බෝලයක් වගේ බෝලයකට පයින් ගහන එක මේ පූස් පැටවුන්ගේ දවසේ අනිවාර්යම අංගයක්.
රෑ අටට නමයට පමන ග්‍රවුන්ඩ් එක ලගම තියෙන පින් ලිදට පැන නාගෙන,ලෙස්ලියාගේ කඩයෙන් නයට රොටි පහක් පමන වැඩිපුර එකතුකෙරූ කොත්තුවක් කා බඩ ගල් කොරගෙන ගෙදර දුවන්නේ රෑ එලිවනතුරු මලගෙයක පාලු කැපීමට යාමට ගෙදරින් අවසර ගන්නයි.
හැමදාම රෑය පහන් කිරීමට මල ගෙයක්,දාන ගෙයක්,හෝ මොනයම්ම මගුලක් දඟයා ඇතුලු අහිංසක යාලුවන් පිරිසට තිබුනා.
කොහොමින් කොහොම හරි මහ රෑ ගෙදරින් එලියට පැන ගන්නා දඟ නඩය මල ගෙවල් වල නිදි වැරිම,බැනර් ඇදීම වගේ යහපත් කටයුතු මෙන්ම,ගමේ ගස්වල වැඩිපුර ඇති කුරුම්බා බෑම,දඟ නඩය ගැන ගෙවල් වලට ගතු කියු අම්මන්ඩිලාගේ ගෙවල්වල වහලයන්ට බොරලු හෝ වැලි ගැසීම වගේ අපායේ සැප ලැබෙනා කටයුතුද කලා.කාලයේ ඇවෑමෙන්, දඟ කල්ලියේ කටයුතු පිලිබදව අවට ගම් දනව් පුරාද විශාල අප්‍රසාදයක් ලැබුනා.මේ ප්‍රසිද්දිය නිසාම අහල ගම් දහ අටේම ඉන්නා නසරානිම කොලු ගැටව් සියලුදෙනාම දඟකල්ලියේ සාමාජිකත්වය ලබා ගන්න පොර කෑවා..
සුදුසුකම් සපුරා දඟකල්ලියේ සාමාජිකත්වය ලබාගත් සුපිරි කොලු ගැටයෙක් තමයි "ලැන්ඩා" කියන්නෙත්.දඟයාට වඩා අවුරුදු හතරක් පමන වයසින් බාල උනාට ලැන්ඩාගේ වැඩ නම් දඟයාටත් වඩා අවුරුදු දහයක් පමන වැඩිමහල් කෙනෙකුගේ වගේ.
යාලුවෙකුගේ හුටු හුටුවක පස්සේ එල්ලිලා යනවා හැර,ලැන්ඩාට අද වනතුරු දඩුමොනරෙක් නම් නෑ..නමුත් වෙසක් කාලයට තොරනක් ලගදි දුටුවොත් අනිවාර්යයෙන්ම ලැන්ඩා අතේ හෙල්මට් එකක් නම් දැකගන්ට පුලුවන්.මූගේ අතේ තියෙන හෙල්මට් එකත් වටිනා සුපිරිම එකක්. (පරම්පරාවේ එකෙකුටවත් බයිසිකලයක් නැතිව හෙල්මට් එකක් ගත්ත එකම එකා ලැන්ඩා වෙන්න ඇති) කතන්දරය නොදන්නා,ලැන්ඩාව අදුරන කෙනෙකු තොරනක්,දන්සලක් ලගකදී හමුවුවහොත් අප්පච්චි අලුතෙන් අරන් දුන් C.B.R එකේ වෙසක් බලන්නට යන බව පවසමින් සාක්කුවේ දාගෙන පැමිනි ග්ලව්ස් දෙක අතට ගැනීම ලැන්ඩාටම විශේෂිත කලා හැකියාවක්..එමෙන්ම බයිසිකලය සන්බන්දයෙන් ලැන්ඩාටම ආවේනික කතන්දරයකුත් ලැන්ඩා සතු උනා.
"අප්පච්චි මේ පාර රට ඉදලා ඇවිල්ලා අලුතෙන් C.B.R එකක් අරන් දුන්නා.ලක්ශ අටක් විතර ගියා.මිනිස්සු කෑලි ගලවන නිසා ටිකක් එහායින් යාලුවෙක්ගේ ගෙදර නවත්තලා ආවා..බ්ලා..බ්ලා..."
එසේ ලොකු මාන්නයෙන් තමන් ගැන කතා කරන ලැන්ඩා වෙසක් බැලීමට රෑ එලිවනතෙක් කකුල් ගෙවෙනකන් පයින් ඇවිදිනා බව දන්නේ ලැන්ඩාගේ ලගම මිතුරන් පමනයි. 
දිනක් කිරිකට් මැච් එකක් ගැසිමට යන ගමන් ලැන්ඩා,දඟයාගෙන් අපූරු පුරස්නයක් ඇසුවා.
"දඟ අයියා දන්නවාද චීන්නු කිරිකට් ගහන් නැත්තේ ඇයි කියලා"
දඟයා: "අඩේ චීන්නු කිරිකට් ගහන් නැද්ද? කියහන් බලන්න ඇයි කියලා"
ලැන්ඩා: "අවුට් වුනේ කවුද කියලා හොයාගන්න බැරි නිසා.ඇයි මුන් හැම එකාම එක වගේනේ..
ඔක්කොම උන්ගේ මූනු බෝලයක් වගේ..කිසි වෙනසක් නෑ"

තවත් දිනෙක දඟයා,දඟපිරිවෙර සමග කෙලිසෙල්ලම් සදහා ග්‍රවුන්ඩ් එකට යමින් සිටිනාතර හුටු..හුටු ගාමින් මේට් වර්ගයේ මෝටර් සයිකලයක් දඟයාව පසුකර ගියා.මේට් බයිසිකලය පිටුපස සිටියේ ලැන්ඩායි.
ලැන්ඩාගේ මූන මැලවී තිබුනමුත් දඟයා දුටු පමනින් ලැන්ඩාගේ මූන වොට් පන්සීයක බල්බ් එකක් වගේ දිලිසෙන්න ගත්තා.
"දඟ අයියේ...දඟ අයියේ අපේ ආච්චි මලා. . . .අද රෑටත් ෆුල් පිස්සු හොදේ..ෂුවර් එකට රෑ දහය වෙනකොට සැට් එකම එක්කගෙන එන්න හරිද....."
ලැන්ඩාට වෙනත් කිසිවක් කීමට කාලය ඉතිරි නොකරම බරාස්..ගා බ්‍රෙක් ගසා බයිසිකලය නවත්තා ගත් හුටු හුටුව පදවාගෙන පැමිනි තැනැත්තා,බයිසිකලයෙන් බැස..
"ඈ පර බල්ලෝ..මගේ අම්මගේ මල ගෙදරත් තෝ ජෝගි දාන්නද හදන්නේ.." කියමින් " චටාස් පටාස් "ගා කනේ පහරවල් කීපයක්ම ලැන්ඩාගේ කන් දෙකට පතිත කොලේය.
පසුව දඟයා පිච්චී යන ලෙසට දඟයා දෙස ඔරවා බලා..
"නැගපිය පරයා බයිසිකලයට" කියා හුටු හුටුව පිටුපසට ලැන්ඩාව නන්වාගෙන ගිය අතර ඔහු ලැන්ඩාගේ දයාබර පියතුමා බව පසුව දඟයාට දැනගන්නට ලැබින.

7.10.13
Gigolo ඔෂාන්..(18+)
මේක පොඩිහිටියන්ට පමණක් සීමා උන කතාවක්.
ඕන් මම මුලින්ම ඒක කිව්වා.
දැන් ඇස් ලොකු කොරගෙන කියවලා,පස්සේ මට බනිනවා එහෙම නෙවෙයි ඕන්.
පස්සේ අනම් මනම් "චව් චව්" අහගන්න දඟයා කැමති නෑ...
18+ උන් දුවපල්ලා.මේක කියවන එක නවත්තලා......
දඟයාගේ ඔෆිසියේ ඉන්නවා ඔෂාන් කියලා හාදයෙක්.
ඔෂාන්ගේ රැකියාව ඔෆීසියේ ලොකුම ලොක්කාගේ අශ්වයා පැදීම...
ඒ කියන්නේ ඔෂාන් ලොක්කාගේ රියදුරා.
ලොක්කා කොහේ හරි යනකොට ඔෂාන් වාහනය පදවනවාට අමතරව ඔෆීසියේ ඔක්කෝමලාගේම කැරැට්ටුව ලොක්කාගේ කනේ තියන බව හැමෝම දන්නවා...
ඒ නිසා තම තමන් ගැන ලකුනු ටිකක් ලොක්කාට දමාගන්නට ඔෆීසියේ සියලුදෙනාම ඔෂාන් සමග මිතුරු දම් පැවැත්වීමට කැමැතියි.
ඔෂානුත් එයින් උපරිම වාසි ලබාගත්තා...
ගල් තම්බලා බිත්තර කිරීමට තරම් හැකියාවකින් යුතු වුන ඔෂාන් ඔෆීසියට අලුතින් රැකියාවට එන ගැටිස්සිගේ පටන් ඔෆීසියේ උපකොන්තරාර්තු කොරනා සියලු දෙනාවමද අන්දවා තම බලය පැතිරවීමට තරමටම කපටි නරියෙක්..
ඉහලටම ඉගෙනගෙන නොතිබුනද,නුවර පලාතේ වන්ශවත් පව්ලක වැරදීමකින් හෝ උප්පත්තිය ලැබීමේ වාසනාව ඔෂාන්ට හිමිව තිබුනා.රදල පැලැන්තියෙන් දායාද උන පුරුෂ ලක්ෂන ඉහලින්ම ඔෂාන්ගේ හැඩරුවේ මෙන්ම ක්රියාවේද නොඅඩුවම කැපී පෙනෙනවා...
ඔෂාන් රියදුරු රැකියාව කලද,කාර්යාලයට පැමිනියේ,බොඩිකිට් ගසා,බීට් සයිලන්සර් දා හැඩ වැඩ කල HONDA වර්ගයේ EK3 කාර් එකකින්.
ගැටිස්සියන් රොත්තක් අමාරුවේ දැමීමට මේ කාරනා ඕනාවටත් වඩා වැඩි බව ඔෂාන් නිතරම කියන දෙයක්.
එම කාරනය වඩාත් තහවුරු කොරමින් ඔෂාන් නමගිය සල්ලාලයෙක් බවටද පත්ව තිබුනා.ඔෂාන්ගේ දැලට පැටලී ඔෆීසියේ ඉහලම පෙලේ බලවත් කාන්තාවෝ පවා පාඩම් ඉගෙන ගත්තා.
මේ දක්ශතාවය නිසා ඔෂාන්ව දන්නා කියන අය ඔෂාන්ව ඇමතුවේ බඩු ඔෂාන් කියලායි.
බඩු ඔෂාන් නාස්තිකාරයෙක්...
නයිට්ක්ලබ් වලට සහ මත්වතුර සදහා තම වැටුප මෙන් දහ පහලොස්ගුනයක මුදල් "බඩු ඔෂාන්" මාසෙකට කාබාසිනියා කරයි..කොපමන මුදල් විනාස කලද,වියදමට සරිලන ලෙසට,තම වැටුපට අමතරව විශාල මුදලක් උපයාගැනීමටද ඔෂාන් හට විවිද උපක්ක්‍රම රැසක්ම පවතී.
අන්තර්ජාලයෙන් ඇනවුම් කර ගෙන්වා ගන්නා විවිද Sex toys විකිනීමේ ජාවාරම ජයටම කිරීමට ඔෂාන් සැබෑම දක්ෂයෙකි.(දැන් දඟයාගෙන් අහන්න එපා එව්වා මොනාද කියලා)
ඩොලර් දෙකට තුනට ගෙන්වාගන්නා එම සෙල්ලම් උපකරන රුපියල් අටදාහකට ,දහදාහකට විකිනීමට ඔෂාන් හට ඕනා තරම් ගනුදෙනු කරුවන් ඇත.
හික්කඩුව වෙරලේ සුද්දන් හට කුඩා පිරිමි දරුවන් විකිනීමේ සිට රුපියල් පනස්දාහකට කාන්තාවන් අලෙවි කිරීම දක්වා විශාල පරාසයක පාපක්‍රියා තුලින් ඔෂාන් මුදල් හම්බ කරනු ලබයි..
ටෙලියක හෝ වෙලද දැන්වීමක සිටින කෙලි පැටික්කියෙක් රුපියල් අටදාහකට පමන ලබාගන්නා ඔෂාන් පැටික්කියව වෙනත් මෝරෙකුට රුපියල් පනස්දහසකට විකුනා රුපියල් තිස්දාහක් පමන මුදලක් එකවර කඩාගනියි.(ඕන් නියම H.R)
මෙම ජාවාරම් තුලින් දිනකට රුපියල් පනස්දාහක් පමන සොයාගන්නා දිනවල්ද ඔෂාන් හට උදා වේ.
මෙම පාපක්‍රියා හේතුවෙන් කාලයාගේ ඇවෑමේන් ඔෂාන්, බඩු ඔෂාන් බවටද,ඉන් පසුව ගිගොලෝ ඔෂාන්(Gigolo) බවටද නම් කිරිමට බොහෝ දෙනා පෙලබුනා.
දිනක් ලොක්කාගේ ෆයිල් වගයක්ද රැගෙන දඟයා වෙතට පැමිනි ඔෂාන් පැමිනි කාරනයද ඉටු කොරගෙන දඟයා වෙතට පුරස්නයක්ද යොමු කොලේය.
"දඟමහත්තයා දන්නවාද ගෑනියෙක්ගේ මයිල් ගහක් බිමට වැටෙනකොට එන සබ්දය?"
මාර පුරස්නයකි...සතාගේ හැටි දන්නා නිසා නිහඩව සිටීම සුදුසු යැයි සිතා දඟයා නිහඩ පිලිවෙතක් අනුගමනය කලේය..
"සමහර වෙලාවට නම් සබ්දයක් නැතිවම මයිල් ගස්හැලෙනවා ඇති.
නමුත් පිරිමියෙකුයි ,ගෑනියෙකුයි විතරක් ඉන්නා තැනක මයිල් ගහක් හැලුනොත් නම් අනිවා මේ ශබ්දය එනවා..."
"මොකක්ද ...කියහන් බලන්න එහෙනම්"
හරුපය දැන ගැනීමට දඟයාට විශාල ආසාවක් පැමිනියද ඒ බවක් නොපෙන්වා දඟයාද ඔෂාන් හට තෙලක් දැමීය.
ගෑනියෙක්ගේ මවිල් ගහක් බිමට වැටුනා කියලා දැනගන්න තියෙන එකම ශබ්දය
"තුක්..තුක්..."
වෙන කිසිම ක්‍රමයක් නෑ,මවිල් ගහක් හැලුනා කියලා ගෑනිටම හරි තේරෙන....කියාගෙන ඔෂාන් අඩියට දෙකට මාරු විය.
විනාඩි කීපයක් කල්පනා කොර දඟයා හරුපය තේරුම් කොර ගත් අතර ඒ වන විට ඔෂාන් ලග පාතකවත් නොවීය.
22.8.13
අවංකයා සහ වංකයා..
හැබැයි මේ නිබුල්ලු දෙන්නා අහසට පොලව වගේ වෙනස්ම වෙනස්.
පුදුමෙනුත්,පුදුමයි එකම කුසෙන් එකම විටෙක මෙහෙව් වෙනස් උන් දෙන්නෙක් මේ ලෝකයට උපදිනා එක නම්....
එකෙක් පුදුමම ලෝකෝත්තර අන්ඩපාලයෙක්.අනිකා බොක්කේම අවංකයෙක්.කුකුලු පැටියෙක් තරමටම අහින්සකයෙක්...
දඟයාට මේ කිබුල්ලු දෙන්නා හම්බ වෙන්නේ දඟයාගේ ඔෆීසියෙදි.
අන්ඩපාලයාගේ නම බානුක.අවංකයාගේ නම සානුක.
ඔෆීසියෙදි සානුකයා "සානු" නමිනුත් බානුකයා "බානු" නමිනුත් සැමදෙනාම ආදරෙයෙන් ඇමතුවා...
මුලින්ම මේ ලෝකයේ එලිය දකින්නට නියමිතව සිටියේ සානුවා උනත්,බානුවා එම අවස්තාවේදීද සානුවාව රවටා, කලින් මෙලොවට පැමින අයියා වු බව,මුන් දෙන්නා ගැන දන්නා කවුරුත් දන්නවා.... 
මේ නිසාම වෙන්න ඇති අවංකත්වයේ සන්කේතය ලෙසට සානුවාවද වංකත්වයේ සන්කේතය ලෙසට බානුවාවද කවුරුත් නම් කලේ..
දඟයා මුලින්ම කියන්න යන්නේ සානුකයාගේ අවංක බව ඔප්පු වෙන කතාවක්.
දඟයා අතුලුව යාලුවෝ පිරිවරට දවසක් යන්න සිද්ද උනා කලමනාකරන පුහුනු කදවුරකට.මේ පුහුනු කදවුර තිබුනේ U.K වල.....
(U.K කීවාට United Kingdom නම් නෙවේ ඕන්....දඟයා ඇතුලු පිරිවෙර ගියේ උස් වැටකෙයියාවට....)
මේ පුහුනු කදවුර දින තුනක් පුරාවට පවතින බවට දන්වා එවා තිබූ නිසාත්,පුහුනු කදවුර පවත්වන නිවාඩු නිකේතනයේ රාත්‍රියේ නැවතීමට සිදුවන නිසාත්,සියලුම දෙනා එකම වන්ඩියක යාමට තමයි සැට් උනේ...
ඒ දිනවලදීම සානුවාද හා..හා..පුරා කියා වන්ඩියක්(කාර් එකක්)මිලට ගෙන තිබුනා.(රටටම නය වෙලා තමයි මේකා මේක ගත්තේ නම්..)
රථයක් මිලට ගත්තද, ඒ වන විටද රථගාය පහව නොගිහින් තිබුන නිසා සානුවා ස්වකැමැත්තෙන්ම අලුත් කාර් රාජයා අපගේ ප්‍රවාහන මාධ්‍යය විය යුතු බවට නම් කලා.
කලමනාකරන පුහුනුව පවතින දිනවල රාත්‍රියේ,දෙවරක් පෙරූ දියරයන්ගෙන් හෝ වසර ගනනාවක් පදම් කල දියරයන්ගෙන් මිනිසුන් සිහි නැති වෙනා අන්දම ස්වකැමැත්තෙන්ම අප අත්හදා බලන නිසාද,සානුවා දෙවරක් පෙරූ දියර බාවිතා නොකරන නිසාද සියලුදෙනාම සානුවාගේ කාර් රථයේ යාමට එකෙන්ම කැමති වුනා.
කලමනාකරන පුහුනුව උදයේ හත පමන වන විට ආරම්බ වන බව දන්වා එවා තිබූ නිසා සහ මෙවන් පුහුනුවකට පරක්කු වී සහබාගි වීම තුලින් වන නින්දාව දන්න නිසාද,පුහුනුව පවතින දිනට පෙර දින හවස දෙකට පමන දඟයාත්,සානුවාත්,බානුවාත් තවත් පාප මිත්‍රයෝ දෙදෙනෙකුත් ගමන යාමට පිටත් උනා.
ඉහලින් එවා තිබු උපදෙස්වලට අනුව පුහුනුව පැවැත්වෙන හෝටලයට යන විටද,අත් දෙකම වැසෙන ලෙසට අත් දිගට ඇද,බෙල්ල සිර වන ලෙසට ටයි පටියක්ද බෙල්ලට තද කර,දිලිසෙනා ලෙසට කප්ලින් පැලද මහත්මා විලාසයෙන් තමයි ගමන යන්න පිටත් උනේ...(ඇත්තම කීවොත්නම් අපි තරම් මහත්+හොරු,ඒ කියන්නේ මහා හොරු ටිකක් නම් මුලු ඔෆිසියටම හිටියේ නෑ...)
පුහුනුව පවත්වන නිකේතනයට ඉක්මනින් ගොස් මූන පෙන්නා,නමට එක දමාගෙන,ලබාදෙන කාමරයක පදින්චිව,ඉක්මනින්ම පදම් කල පානයන් පානය කිරීමට තිබු බලවත් ආසාව නිසා,දඟයා සහ යාලුවන් දෙදෙනා කාර් එක ඉක්මනින් පැදවීමට සානුවාට මරනීය තර්ජන එල්ල කරමින් තමයි ගියේ.
සානුවා හික්මුනු ඩයිවරයෙකු උනාට,තමන්ගේ පනට ඇති ආසාව නිසාම වාහනයේ වේගය පැයට කිලෝ මීටර අසූවක පමන වේගයෙන් තමයි ධාවනය කලේ.(නැතිනම් අපෙන් මැරුම් කනවානේ...)
කරුමෙක මහත.....අපිටමයි වෙන්නේ... 
පොලිස් මාමලා දෙදෙනෙක්ගේ උකුසු ඇසට අපගේ වේගය අසු වී,වාහනය නතර කිරිමට ලැබු උපදෙසට අනුව කාර් එක නතර කිරීමට සානුවාට සිද්ද උනා..
අපි කාර් එකෙන් බසින්නට උත්සහ කිරීමටත් ප්‍රතම,කාර් එක ලගට ආ පොලිස් සාජන්වරයා,අප දෙස බලා....
"දොස්තර මහත්වරු හදිසි ගමනක් යන ගමන්ද"යනුවෙන් අපෙන් ඇහුවා..
(කාර් එක සානුවා අරන් තිබ්බේ ඩොකෙක්ගෙන්.ඒ නිසා කාර් එකේ ඩොක්ටර් කාර් පාස් එකක් අලවා,ඊට උඩින් කලු ටින්ටඩ් කොලය අලවලා තමයි තිබුනේ..
අනික අපිත් දොස්තර මහත්වරු වගේනේ හිටියේ.නලාව විතරයි අඩුවකට තිබ්බේ.
)
කාර් එකේ විදුරුව පාත් කර අමාරුවෙන් බෙල්ල එලියට දාගත් බානුවා...
"ඔව්..ඔව්..මේ හදිසියේ යන ගමන්..."කියලා කිව්වා..
පොලිස් සාජන්වරයා රියදුරු අසුන පැත්තට පැමින..
"අනේ සමාවෙන්න ඩොක්ට...හදිසියේ ඔපෙරේෂන් එකකට යන ගමන් වෙන්ටෑ...ලයිෂන් බලන්න ඕනා නෑ..මහත්තයලා පරිස්සමින් යන ගමන යන්න..."කියලා කිව්වා..
සාජන් ඩ්‍රයිවින් සීට් එක ලගට එන විට වෙව්ලන්නට ගත් සානුවා සාජන්ගේ එම වචන කීපය ඇසීමත් සමගම ජොලියෙන් ජොලියට පත්ව....
"සාජන් රාලහාමි...බොහෝම ස්තූති...හැබැයි ඉතින් කාර් එකේ ඩොක්ටර් පාස් එකක් අලවලා තිබුනාට,අපි ඩොක්ටස්ලා නම් නෙවේ..."කියලා කිව්වේ නැතෑ....
කුජීතයි...හයියො...සල්ලි කීවාලු...
කාලා වරෙන්කෝ...අපිට පරිස්සමින් යන්න කියු පොලිස් රාලහාමිලා ...
"හා..එහෙමද? කාගෙද වාහනේ...මොකද මේ මෙච්චර වේගයෙන් මැරෙන්නද යන්නේ,ගන්නවාලා ඩ්‍රයිවින් ලයිශන් එක....තමුසෙලා කාර් එක හොරෙන් උස්සන් යන ගමන්ද? @#$%&! "බ්ලා..බ්ලා....බ්ලා....
තත්වය සෝචනීයයිලු....
අවසානයේ සියලුම දෙනාගේ අයිඩින්ටි කාරඩ් පරික්ෂාවටද ලක්ව,දඩ කොල කිහිපයකුටද උරුමකම් කියා,පොලිස් ස්තානයට ගොස් ඩොක්ටර් පාස් එකද ගලවා,වාහනයේ ටින්ටඩ් සියල්ලද ගලවාගෙන පැය දෙකක් පමන ප්‍රමාදව ආපසු ගමන යන්න පිටත් උනා.....ඕන් ඔහොම තමයි සානුවාගේ අවංකමේ,සහ සත්බාවයේ ස්වබාවය.... 
හැබැයි ඉතින් රෑ,.වසර ගනන් පදම් කල බීම බොන වෙලාවේ සිට පහුවදා උදය වෙනකන් සානුවාට ජීවත් වෙන්න වුනේ නම් ඇදුම් නැතුව තමයි...
ඉතින්...නැන්දේ මාමේ...අයියේ,අක්කේ...නන්ගියේ,මල්ලියේ...දඟයාගේ කතා අසාගෙන සිටින ඔබලා හට දඟයා ඊලගට කියන්නේ බානුවාගේ සත්බාවයවංකබාවය,කපටිකම,එහෙමත් නැත්නම් තැනට සුදුසු නුවන ලෝකයට හෙලි උන අවස්තාවක් ගැන.
පසුගිය කාලයේ අපේ ඔෆීසියේ ලොකු පුටුවේ ඉන්නා හාදයාගේ රියදුරු මහතා පපුවේ හට ගත්තා වු කඩියෙක් හපනවාට සමාන වේදනාවක් නිසා කලුබෝවිල රජයේ රෝහලට ඇතුලත්ව හිටියා.යන එන ගමන් ලොකු මහත්තයා,කම්මැලිකම යාමට රියදුරු මහතාගේ පොඩි කේලමක් දෙකක් අහන බව දන්නා නිසා ඔෆීසියේ සියලු දෙනාම තමගේ නම ලොක්කාට බබලවා ගනු සදහා මේ රියදුරු මහතාව බැලීමට ගියා...
ඉතින් අපේ බානුකයාද ඌගේ අති ජාත මිත්තරයෙකුත් සමග,ලොක්කාගේ රියදුරු උන්නැහේ බලන්න ගියාලු.හැබැයි මේ කට්ටුව ඉස්පිරිතාලයට ගාටලා තියෙන්නේ අවෙලාවේ.ඒ වෙලාවට ලෙඩ්ඩුන්ව බලන්න දෙන්නේ නෑලු.ඉස්පිරිතාලයට ඇතුලුවන ඇම්බියුලන්ස් එකකට රෝහලේ ගෙට්ටුව ඇරිය මොතොතක,තමන්ගේ මෝටර් සයිකලයද ඇම්බියුලන්ස් එක පසු පසින් රෝහල තුලට ඇතුලු කොර ගත් බානුකයා,තමන්ගේ පසු පසින් එලවා ගෙන එන සිකුරිටි රාලහාමිට නොපෙනෙන්නට තමන්ගේ සයිකලය දොස්තර මහත්තැන්ලාගේ කාර් පාර්ක් එක තුලට ඇතුලු කලාලු. 
බයිසිකලය පසුපසින් හැල්මේ කිලෝමීටරයක් පමන දිව ආ සිකුරිටි රාලහාමිගේ ඇස් වලින් සැගවෙන්නට හැබැයි බානුවාට බැරි වෙලා.තමන්ට දුන් කට්ටේ පවර් එකටම මලපැනගෙන
සිටි රාලහාමි..
"මේ... ඔතන දොස්තර මහත්තයලාගේ වාහන පාර්ක් කොරන තැන.ගන්නවාලා ඔය කබල් බයිසිකලය ඔතනින්.අනික මේ වෙලාවට ලෙඩ්ඩු බලන්න දෙන්නෙත් නෑ.දැන් දොස්තර මහත්වරු එන වෙලාව.යනවලා මෙතනින් ඔය බයිසිකල් කටුවත් අරන්"කියලා කීවාලු. 
සික්කා කියු කිසිවක් තමන්ට නොවේ වගේ සත පහකට ගනනකට නොගත් බානුකයා,ඌගේ ටයි එක සහ ඌව හොදින් පෙනෙන ලෙසට හෙල්මට් එක සහ ජැකට් එක ගලවා...
"දැන් මොකක්ද ප්රශ්නය?" කියා ඇහුවාලු.
බානුවාගේ පෙනුම දැක ටිකක් පමන බය වුන සිකුරිටි රාලහාමි
"නෑ..මහත්තයා...ඕක දොස්තර මහත්තයලා කාර් නවත්තන තැන.ඔතන අනිත් අයගේ බයිසිකල් නවත්තන්න දෙන්නේ නෑ" කියලා කිවාලු.
සිකුරිටි රාලහාමිගේ මුහුන දෙස එක එල්ලේ බැලූ බානුකයා,හොද හුස්මක් ගෙන...
"ඇයි .....ඩොක්ටර්ස්ලට හදිසියකටවත් බයිසිකලයක එන්න බැරිද ?"කියා ඇසුවාලු. .. 
බානුවා දිහා ඇස් ලොකු කරගෙන ටික වෙලාවක් බලා සිටිය සිකියුරිටි උන්නැහේ...
"සමාවෙන්න දොස්තර මහත්තයො...මම හරියටම ඇදින්නේ නෑනේ"කියා ආපසු යන්න ගියාලු. 
21.8.13
දිමියා සහ කඩියා
කතා නායකයෝ දෙන්නාට ලස්සන නම්දෙකක් උප්පැන්න සහතිකයේ සදහන් වෙලා තිබුනාට,ප්‍රාන්තයේ කස්ටිය මේ ගොයියන්ව හදුනගෙන හිටියේ "දිමියා සහ කඩියා" ලෙසට.
දිමියායි,කඩියායි එක කුස උපන් කිඹුල්ලු.(අර ට්වින්ස්ලා කියාලා සින්හලෙන් කියාන්නේ)
ගමේ ඇති කුකුල් කොටු වලට පැන,බිත්තර කිහිපයක් ඇගිල්ලෙන් හිල් කරගෙන බී,තවත් බිත්තරයක් කටේත් දමාගෙන,(බිත්තරය නොබිදෙන ලෙසට ) කාටවත්ම නොපෙනෙන ලෙසට පැනයාමට උපතින්ම හිමි වුන හැකියාවක්,දිමියාට සහ කඩියාට කුඩා සන්දියේදි පිහිටා තිබුන බව දඟයාට තාමත් හොදින් මතකයි..
මෙම හැකියාව මෙම අසමජ්ජාතියන්ට ලැබුනේ,උන්ගේම මහ එකාගෙන් (උන්ගේ ආදරනීය පියතුමාගෙන්) බව,ගමේ හැමෝම දැන සිටියා.
ගමේ මල ගෙයක්,දාන ගෙයක් විතරක් නොවේ කොටහලු මගුලක් උනත් මුන් දෙන්නාගෙන් මග ඇරෙන්නේ,මුන් දෙන්නාට මහ උලු ගෙදර වීක් එන්ඩ් පැකේජ් එකක් සෙට් වෙච්ච දවස්වලට විතරයි.
ඒ තරමටම මුන්ගෙන් ගමේ අයට මාරක අපලයක් තිබුනා.
දිමියා සහ කඩියා ඉන්න මල ගෙයක කිසිම අමාරුවකින් තොරවම රැය ගෙවාගන්න ඇහැක් උනේ මේ විරයෝ දෙන්නා,උන් කරපු වීර ක්‍රියා රැසක් රසවත් කතන්දර ආකාරයෙන් කියන්නත් දක්ශයෝ වෙලා හිටිය නිසායි.
පසුගිය දිනක දිමියාගේ කතාවක් අහන්නට දඟයාට වාසනාව පෑදුනේ ගමේ සිටි මහතුන් අයියාගේ අවාසනාව මාරයා විසින් පාදා දී තිබු නිසායි. දගයා මහතුන් අයියාගේ මල ගෙදරට යන විටද දිමියා සහ කඩියා කතන්දර කීපයක්ම දිග හැර තිබුනේ,කතන්දර වටය අවසන් කර ඉක්මනින්ම බුරු පිටියට "එන්ටර් ද ඩැගන්" වීමට බව දගයාට සහ සුද්දෙන්ම වැටහුනා.
ඉන් පසුව මහතුන් අයියාගේ මලගෙදර මල මගුලක් සේ රස කතාවෙන් ගිලෙන්නේ මෙලෙසය.....
දිමියා: ගිය සතියේ ක්රිස්ටෝපරයා මටයි කඩියටයි නෙලුවා නෙලිල්ලක්..
අම්මපා,අවුරුද්දට කාපු කැවුන් කනෙන් ආවා...
(ක්රිස්ටෝපරයා යනු පොලෝසියේ කාකි කෝට් උත්තමයෙකි)
කඩියා: ක්රිස්ටෝපරයා ඉතින් රෑට ඌගේ ගෑනි අනිත් පැත්ත හැරිලා නිදා ගත්තත්,ඒකේ ඇරියස් එකට අපි දෙන්නාව හොයන් ඇවිත් ඇගේ හිරි ඇර ගන්නවානේ...( සන්ස්කෘත වචන රැසකි@$!*)
දිමියා: අර ජේමිසාගේ බයිසිකලය පාන් පෙට්ටිය පිටින්ම කව්ද උස්සලා...
ඒකට,අර පරයා අපිව උස්සන් ගිහින් අපේ ඇගේ ඇ* තල තල බයිසිකලය ගැන ඇහුවා....
පොලිස් පොලු වලින් කාල කාල ඇති වෙලා ඉන්නේ අප්පා..ගුටි කනවා කියලා ඔච්චරම ගුටි කන්න පුලුවන්ද...
අනික අපි දන්න බයිසිකලයක් නෑ ඕයි...
ඔය කියනවා වගේ දරහැවක් මාස ගානකින් දැක්කෙත් නෑ..
කඩියා: ක්රිස්ටෝපරයාගෙන් ගුටිකන්න බැරිම තැන මම කිව්වා "අනේ,බුදු සර්....මම බයිසිකලය ගත්තා තමයි,
ඒත් බයිසිකලය ගත්තේ ඒකේ තියෙන පාන් ගෙඩියක් කන්න..
නැත්නම් මට බයිසිකලයක් ඕන නෑ බුදු සර්...
අම්මාපල්ලා මට බයිසිකල් පදින්නත් බෑ සර්...කියල
දිමියා: "රම්පෙට ගෙඩි පොකුරු පොකුරු"කීවාලු...
මේ ගොන් තඩියා බයිසිකලය ගත්තා කීවාම ක්රිස්ටෝපරයා දුන්නා කම්මුල් පාරවල් ටිකක්..
මගේ කම්මුල තිබුනාද නෑ..ඒ කාපු කෑමට…
කඩියා:මම කල්පනා කලා කා ලගද බයිසිකලයෙක් තියෙන්නේ කියලා..
මට දෙයියෙක් වගේ මතක් වුනේ වින්කලේ සුනිලාව.
සුනිලා ලග බයිසිකල් දුසිමක් උනත් තියෙනවානේ.
කමක් නෑනේ ඕයි .., ඕවෑයෙන් එකක් පොලිසිය ගත්තාට....
ගුටි නොකා ඇග බේර ගන්නත් එපායෑ..
මන් කිව්වා"බයිසිකලය සුනිල් අයියාට රුපියල් පන්සීයකට විකුනුවා"කියලා
ඊට පස්සේ තමයි ඕයි හොදම සීන් එක..
ක්රිස්ටෝපරයා මහ රෑ අපි දෙන්නවත් දාගෙන ගියේ නැතෑ සුනිලව හොයාන...
සුනිලගෙන් කේස් එක ඇහුවාම සුනිලාට ඌරු ජුවල්...
ඌ අපේ අම්මාටයි,තාත්තාටයි පින් දිදි අපිව පට්ට පතුරු යවනවා...
ඇයි ඌ දන්න මෙලෝ ජාතක වස්තුවක් නෑනේ..
ඌ බයිසිකලයක් ගැන දන්නේම නෑ කියනකොට,මම කීවා "අර හවස ගෙනත් දුන්න බයිසිකලය" කියලා..
ඌට තවත් මල…අතට අහු උනා නම් මාව මරන් කනවා
බලු වැඩ කරන්න එපා යකෝ..මන් අසරන පවුල්කාරයා කිය කිය සුනිලා අපිට බනිනවා..
ඒ මදිවාට,ඌ දෙයියන්ගෙන් අපි දෙන්නාට හෙන ඉල්ලුවා...
ක්රිස්ටොපරයා බයිසිකලය වින්කලේ හොයලා..හොයලා,බැරි තැන,ජිප් එකේ සුනිලවයි,අපිවයි පටවන් ආයි පොලිසියට ගියා.
හොදි ඕනා නෑ..පහුවෙනිදා උදේ වෙනකන් සුනිලාගේ කුනු හරුපයි,ක්රිස්ටෝපරයාගේ කනේ පාරවලුයි කකා තමයි ඉන්න උනේ..
මාර සැපක් අප්පා ඒක නම්..
දිමියා:මෙන්න ඕයි පහුවෙනිදා "බයිසිකලය හම්බ උනා" ගාගෙන ජේමිසා එනවා පොලිසියට...
ඊට පස්සේ ක්රිස්ටොපරයා ආයි අපිව මරන් කන්න හැදුවා"එතකොට තොපි කාගේ බයිසිකලයද ඉස්සුවේ" කියලා.
ඇයි ඉතින් බයිසිකලයක් උස්සලා,වින්කලේ සුනිලාට විකුනුවා කියලා අපි පාපොච්චාරනයකුත් කලානේ...දැන් කාලා වරෙන්කෝ අග්ගලා කීවාලු
අර තොත්තු බේබද්දාට (කිස් + ටෝපර්) නොවදිනා වැදුන් වැදලා,කුට්ටමටත් දුන් අල්ලලා තමයි අප්පා බේරිලා ආවේ...
ඇති ඔයින් ගියා...
කඩියා: ඕන්න,හැබැයි වින්කල් සුනිලා මලගෙවල් පැත්තට එනවානම් කියහල්ලා,
අපි දෙන්නාගේ පන බේරාගෙන මෙතනින් මාරු වෙන්න..
Subscribe to:
Posts (Atom)
.jpg)
.jpg)

.jpg)

.jpg)
.jpg)