22.11.13

ඇඹුල් පේර ගෙඩිය....

මේ කතාවේ කතා නායකයන් වන ජුන් අලයයි,ඩයලායි මීට ටික කාලෙකට කලින්,ඒ කියන්නේ මුන් දෙන්නා බච්චා කාලෙදි, පුරුදු වෙලා හිටියාලු දන් කන්න දන් කැලයකට රින්ගන්න.
මුන් දෙන්නා දන් කැලයට රින්ගා ගත්තාම ඉතින් එක එක සෙල්ලන් ගොඩයිලු.එකෙක් දන් ගස් අස්සේ හැන්ගෙනවාලු.තව එකෙක් දන් කනවාලු.හිටි ගමන් දන් ඇටත් ලොවනවාලු.එක එක විකාර කෝටියක් කොරලා හවස් වෙනකොටලු දන් කැලෙන් එලියට එන්නේ.
එක දවසක් මෙහෙම කැලෑ වැදිලා දන් කකා,විකාර කොර කොර දන් ගස් අස්සේ පිස්සු කෙලින මේ පිස්සු ඩබල ඇඹුල් පේර ගහක තියෙන රතු පාට වීගෙන යන ඇඹුල් පේර ගෙඩියක් දැක්කාලු..
පේර ගෙඩිය දැක්ක ගමන් මුන් දෙන්නා,පේර ගෙඩිය අයිති කොර ගන්න පොර කාගෙන දගලනවාලු.මරාගෙන පේර ගෙඩිය කඩා ගන්න දගලනවාලු.මෙච්චර කල් තිබ්බ  සමගිය කොහෙන් ගියාද නෑලු.ආත්ම එකසිය ගානක ඉදන් බද්ද වයිරක්කාරයෝ දෙන්නෙක් වගේලු.
අන්ගම්පොරද මොනාදත් අල්ලලා,පේර ගෙඩිය බෙදාගන්න බැරිම තැන ජුන් අලයා ගෙනාවලු සටන් විරාම යෝජනාවක්.ඩයලත් ඇගේ මහන්සිය යවාගන්නත් එක්ක සටන් විරාම යෝජනාවට කැමති උනාලු.
දැන් සටන් විරාම කාලය අතරතුරේ දෙන්නා,බිම වැටීගෙන හති අරිනවාලු.
දෙන්නා දෙපැත්තට හැරිලා ඉදගෙන  පිටට පිට තියාගෙන හති අරිනා අතරේ පිස්සු ඩබල සාම සාකච්චාවක් එහෙමත් තිබ්බාලු.මෙන්න මේ සාම සාකච්චා වටයේදී ඩයලා ගෙනාවලු වැඩේ ගොඩින් බේරා ගන්න පුලුවන් විදිහේ යෝජනාවක්.
"මතන්...අපි දෙන්නා මේ පේර ගෙඩියට ගහමරාගෙන හරි යන් නෑ.අපි මේකට තරගයක් තියමු.තරගයෙන් දිනපු එකාට තමයි පේර ගෙඩිය."
විලි වැහෙන්න ඇදන් හිටිය ඇදුම් ඉරිලා නිර්වස්ත්‍ර වෙනකම් ගහගෙන, මූන හූරගෙන හැක් වෙලා හිටිය ජුන් අලයාත් ,ඩයලාගේ යෝජනාවට එක පයින් කැමති උනාලු.
"අපි දෙන්නා මේ තනකොල ගොඩේ නිදා ගමු.ඉස්සෙල්ලාම ඇහැරෙන එකා තරගයෙන් පරාදයි"කියමින්  උපන් ගෙයිම නිදි කුම්බයෙක් උන ජුන් අලයා අමුතුම පොතක් ඩයලාට පෙරලුවාලු.
තවත් ගුටි කාලා දත් කඩා ගන්නවාට වඩා ඒකත් හොදයි කියලා හිතපු ඩයලාත් ජුන් අලයාගේ ඇම බඩටම ගිල්ලාලු.
කොහොමින් කොහොම හරි ඔයින් මෙයින් මේ පිස්සු ඩබල තරගයට දොයිලු.
ජුන් අලයා නැගිටින පාටකුත් නෑලු.ඩයලා නැගිටින පාටකුත් නෑලු.
දෙන්නට දෙන්නා එකෙකුට එකෙක් නොදෙවෙනි විදිහට ගොරව ගොරවා දොයිලු.
කතානායකයෝ දෙන්නා කොච්චර තරගකාරීද කියනවා නම් හවස් වෙලා කරුවර වැටුනත් මුන් දෙන්නා නැගිටින පාටක් නෑලු.
දන් කඩන්න කියලා දන් කැලයට රිංගපු බච්චි කොල්ලෝ දෙන්නා රෑ බෝ වෙලාත් නැති නිසා කලබල උන මුන්ගේ මහ එව්වෝ ජුන් අලයවයි, ඩයලාවයි හොයන්ට හුලු අතු පන්දමුත් අතින් අරන් දන් කැලේ පුරාම මුන් දෙන්නාව හොයන්න ගත්තාලු.
ගම්කන්ද ගමේ ගම්මුයි පිස්සු ඩබලගේ මහ එව්වොයි පැය ගානක් හොයලා හොයලා පිස්සු පරාන දෙකේ බොඩි දෙක දන් ගාලක් අස්සේ තිබ්බ තනකොල ගොල්ලක තිබිලා හොයා ගන්න පුලුවන් වුනාලු.
නයෙක් පොලගෙක් කාලද ,නැතිනම් අබින් කාලාද ,වසක් කැවිලද කියලා දන්නෙත් නෑ කියලා දැන් එකම මල සොහොනක්ලු දන් කැලය.
ඩයලාටයි,ජුන් අලයාටයි එහා පිස්සු හොලමන් සැට් එකක් උන මුන්ගේ මහ එව්වෝ දන් කැලය දෙවනත් වෙන්න යටි ගිරියෙන් කෑ ගහමින්,පස් කමින් එකම විකාරයක් නටනවාලු.
අනිත් උන් කම්මුලට අත ගහගෙන අඩු වයසින් කූරියා ගැහුව ජුන් අලයගේ බොඩි එක දිහායි,ඩයලාගේ බොඩි එක දිහායි බලාන විස්සෝප වෙනවාලු.
ඔය අතරේ ඔතන හිටිය වයසක උන්දෙක් බොඩි දෙක සීතල වෙලා දරදඩු වෙන්න කලින් කකුල් අත පය නියමාකාරයෙන් සකස් කොරන්ට හිතාන ඩයලාගේ වකුටු කොරගෙන සිටි කකුල කෙලින් කොරන්ට කියලා කකුලෙන් ඇද්දා.
"කකුල නම් දිග අරින්ට එපෝ "කියලා මැරිලා හිටිය ඩයලා  ඇස් පියාගෙනම කීවා.
ඒක ඇසුන මැරිලා සිටි ජුන් අලයා එක පාරටම "උබට පේර කෑල්ලක්වත් දෙන් නෑ"කියමින් නැගිටලා පේර ගහ දිහාට දිව්වාලු.
මුන් දෙන්නා නටපු පිස්සුවෙන් මඤන් උන මුන් දෙන්නාගේ මහ එව්වෝන්ගෙන් මුන්දෙන්නාට ඇබුල් පේර කෙසේ වෙතත් බඩ පුරා පිට පතුරු යනකම් වීර කෝටු පාරවල් නම් කන්න ලැබුනාලු.

2 comments:

  1. ඉතිං පේර ගෙඩියට මොකද උනේ?

    ReplyDelete
  2. උන් දෙන්නා මැරිලා ඉන්න වෙලාවේ ඒක දඟයා කෑවා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...