25.10.13

ස්තානෝචිත පඤාව හෙවත් තැනේ හැටියට ඇනේ ගැසීම

ස්තානෝචිත පඤාව හෙවත් තැනේ හැටියට ඇනේ ගැසීම බොහෝම වැදගත් කාරනාවක්.
බොහෝ පිරිසක්,අරවද මෙව්වාද,ගොඩාක් එව්වා පාස් කොරලා තියෙන නමුත් පොතේ ගුරාලාම පමනක් වෙති.මෙලෝ රහක් නැති,හිතලා වැඩක් කොරගන්න බැරි,තැනේ හැටියට ඇනේ ගහගන්ට බැරි,මොවුන් කරන කොරන වැඩේ නා ගැනීමටද රුසියෝ වෙති.
තවත් සමහරුන්ට ස්තානෝචිත පඤාව බොහොමත්ම හොදින් පිහිටා ඇත.
එසේ පිහිටා ඇති උන් වවුලෙක්ගේ මගුල් ගෙදරක ගියද ගහක එල්ලීගෙනම ෂොට් එකකුත් දා,එල්ලීගෙනම කා ජාම බේරාගන්නා දක්ෂයෝ වෙති.
ස්තානෝචිත පඤාව ගැන කතන්දර නම් එමටය. . .
ඔන්න එකමත් එක රටක ,එකමත් එක මෙඩිකල් කොලීජියක වෙන්ට ඩොකාලා සැට් එකක්,ප්‍රොෆෙකුත් එක්ක බොඩියක් මස් කොරන්ට ලක ලෑස්ති විය.
මෙවර වෙන්ට ඩොකාලාට පැරැක්ටිකල් කොරන්ට හම්බවෙලා තිබුනෙ බීලා බීලා චොර වෙලා කූරියා ගහපු කලු බඩ මහත විසබීජයකි.
බොඩියේ තොල් ඉදිමිලාය..අප්පිරියාවේ බැහැලු.අනික බීලා වකුගඩුව කුනු වෙලා මල එකෙක් නිසා බොඩිය නිකන් පරුවෙලා කුනුවෙන්න යන ගස් ලබ්බක් වගේලු.
බොඩි එක දැක්කා විතරයි,වෙන්ට ඩොකාලා ඔක්කෝමලාගේ මූන ඇද වෙලා ගියාලු.
වෙන්ට ඩොකාලගේ මූනු අප්පිරියාවෙන් ඇද වෙලා තියෙනවා දැක්ක ප්‍රොෆා බොඩි එක කපන්ට කලින් මුන්ගේ අප්පිරියාව අරින්ට ඕනා කියලා හිතාන මෙහෙම කීවාලු.
"කට්ටියම මේක කපන්න කලියෙන් තම තමන්ගේ අප්පිරියාව නැති කොරගන්ට ඕනා..
ඒක නිසා සියලුදෙනාම මේ බොඩි එක කපන්න කලින් බොඩි එකේ පස්සා පැත්තට ඇගිල්ල ගහලා කටේ දාලා පෙන්නන්න ඕනා.."
ඒක අහපු ගමන්ම කස්ටියට හීන් දාඩිය දැම්මාලු.
හොල්මන්ද පොල්කොල කියලා එහෙම කියලා නතර නොවුන ප්‍රොෆා බොඩි එකේ පස්සා පැත්තෙ අහවල් ජරාව පිට කොරනා තැනට ඇගිල්ල ගහලා දබර ඇගිල්ල කටේ ගහලත් පෙන්නුවාලු.
ඊට පස්සේ ප්‍රොෆා කස්ටියටම පෝලිමේ ඇවිත් ඇගිල්ල පුකේ ගහලා කටේ දාගන්න කීවාලු.
කස්ටියත් ඉතින් වෙන කොරන්ටම දෙයක් නැති කමට ප්‍රොෆා කීව වැඩේ කොරලා අප්පිරියාවට වමනය උගුරේ හිර කොරගෙන  ප්‍රොෆා ලගට ආවාලු.
වෙන්ට ඩොකාලා කස්ටියම ෆ්‍රස්ට් ලව් එක පරාද වෙලා මදුරු කොයිල් කාපු උන් වගේලු.
ප්‍රොෆා වෙන්ට ඩොකලා දිහා බලලා කින්ඩි හිනාවක් දාලා කියනවාලු..
"තොපි නම් මෙඩිකල් කොලේජ් ආවාට වඩා හොදයි හේනක් කොටන් හිටියානම්" කියලා.
වෙන්ට ඩොකාලා කොයිල් වෙලා ප්‍රොෆා දිහා බලා ඉන්නකොට ප්‍රොෆා කියනවාලු..
"යකෝ මම මහපට ඇඟිල්ල බොඩි එකේ පුකේ ගහලා දබර ඇඟිල්ල තමයි කටේ දැම්මේ” කියල.
අනේ අනිච්චේ දුක්කේ...වෙන්ට ඩොකාලා සැට් එක සබ්දයක්වත් නෑලු...

ඔන්න ඔහොමලු ප්‍රොෆා වෙන්ට ඩොකාලගේ අප්පිරියාව නැති කොලේ.
කොහොමද ප්‍රොෆාගේ ටිකිරි මොලේ. :P 

ස්තානෝචිත පඤාවද මොකක්ද එක යොදන්න ගිහින් නා ගන්නා අයත් ඉන්නවා.
නා ගත්තොත් ඉතින් කවුද? 
වැඩිපුරම නා ගන්න ප්‍රසිද්ද බවලත් උදවියනේ.
දවසක් මිරිස් කරලක් හැපිච්ච හස්බන්ඩෙක් කිචන් එක පෙරල පෙරලා සීනි බෝතලය හොයනවාලු.
කිචන් එකේ බඩු පෙරලන සබ්දය ඇහිලා බවලතීත් දුවන් ආවාලු කිචන් එකට.
"මොනාද අනේ මේ බඩු පෙරල පෙරලා හොයන්නේ" බවලතී සුපුරුදු චුරු චුරුව දාන්න පටන් ගත්තාලු. 
"ඉන්ට බෑ කට දනවා.මිරිස් කෑල්ලක් හැපුනා.කෝ සීනි බොතලේ" හස්බන්ඩා සිහියක් නැතිව සීනි බෝතලය හොයනවා.
"ඇයි අනේ ඔය අත ලගම තියෙන්නේ.."බවලතී කියනවා..
" කෝ..කෝකද? " හස්බන්ඩා කදුලු පෙරාගෙන අහනවා...ඒ තරම් සැරට මිරිස් කෑල්ලක් හැපිලා.
"ඔය ගම්මිරිස් කුඩු කියලා ගහලා තියෙන්නේ " බවලති කිව්වා.

මිරිස් කරල හැපිලා අසු හාරදාහට මල පැනලා හිටිය හස්බන්ඩා
"බොට පයිත්තියන්ද ගෑනියේ" කියලා මහ හයියෙන් මොර දුන්නා.
"නෑ..අනේ..නැතිනම් සීනි කන්න කූඹි එනවා..
ඒකයි ගම්මිරිස් කියලා ගැහුවේ..."බවලතිය තමන්ගේ බුද්දිමත් බාවය ගැන සන්තෝසයෙන් සහ උජාරුවෙන් කිව්වා. :) 

තැනට සුදුසු ණුවන යොදනා විට පසුවටද අසු නොවෙනා ලෙසට එය යෙදිය යුතුය.නැතිනම් එවෙලේ ජාම බේරා ගත්තද පසුව වැඩේ දෙල් වෙනු ඇත.
ගෙදර සාලයට වී පත්තරයක් බලමින් සිටි ගැටයාගේ ඔලුවට සාස්පානක් පාත් වුයේ ගුවනින් පැමිනය.
සාර්තක වු තම සාස්පාන් පහර නිරීක්ෂනය කරමින්,ගැටයා වෙත පැමිනි ගැටිස්සීගෙන් තම ඉදිමුන ඔලුවද අතගාමින් ගැටයා...
"මොකද යෝදියේ මට ගැහුවේ" යැයි විමසීය.
"මං තමුසෙගෙ කමිසහෝදන්න සාක්කු අස්කරද්දි කඩදාසියක් අහුවුණා. ඒකෙ Jenny කියල ලියල තිබුණ"ගැටිස්සී,ගැටයාගේ ඇගට ගොඩ වෙමින් කීවේය.
"අයියෝ...Jenny කියන්නෙ මං ලගදි ඔට්ටු දාපු අස්සයෙක්ටනේ"ගැටයා ස්තානෝචිත පඤාව යොදාගනිමින් ගැටිස්සි දැමු යෝකර් පන්දුවට ආරක්ෂාකාරීව පිත්ත හසුරවමින් උත්තර දුන්නා.
" අනේ sorry ගැට්ස් " කියමින් ගැටිස්සී ගැටයාගේ තඩි ගැහුන ඔලුවටද තොත්තුවක්ද ලබා දුන්නේ තමන් කල වරදටද පසුතැවෙමිනි.
පෙම්කුරුල්ලෝ පෙම් කෙලියේ සතියක් පමනි.
ගැටයාගේ පෙම්සිතුවිලි මෙන්ම ආතල්ද කුඩුකරමින් දැවැන්ත සාස්පාන් පහරක් නැවතත් ගැටයාගේ ඔලුව සන්තර්පනය කලේය.
" මොකද ගෑනියේ ඒ පාර? " ගැටයා මාරාවේෂයෙන් ගැටිස්සිගෙන් විමසීය. :wacko: 
"තමුසෙගේ රේස් අශ්වයා අද ගෙදරට කෝල් කොලා..."ඇස් රතු කොරගෙන ගැටිස්සිද ගැටයාට සැර දමමින් කීවාය. :o  :o 

1 comment:

  1. ඔන්න කොළ කෑලි එහෙම සාක්කුවේ දාගෙන යනවා නෙමෙයි ඔන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...