21.1.14

වැව පාරේ පලහිලව්ව...

දවසක් දඟයා තවත් යාලුවෙකුත් එක්ක පොඩියට බියර් බෝතල් කීපයක් සප්පායම් උනා....
පොඩියට කීවාට අන්තිමට බලනකොට දෙන්නා එක්ක බියර් බෝතල් නවයකටම වග කියලා....
දඟයාට පොඩ්ඩක් ලෝකය කැරකෙනවා වගේ දැනුනත්,යාලු මිතුරුකමේ බලවත්කම නිසා යහලුවාව ගෙදරට ඇරලලාම ගෙදර යන්නට දඟයා හිතාගත්තා.
යන්න කියලා කාර් කට්ටට නැගලා හරියටම මීටර් සියයක් යන්න ලැබුන් නෑ යාලුවා කියාපි. . . .
"මචන් හාවෙක් අල්ලන්න ඕනෑ" කියලා.
දඟයාට පට්ට මල. .
"මලහත්තිලව්ව. . .අල්ලන හාවෙක් රෙස්ටුරන්ට් එකේම අල්ලලා එන්න එපාය.දන්න කියන පලාතක මහපාරේ මුත්ත්‍රා කොලෑකිද යකෝ..,ලැජ්ජාවක් තියෙන එකෙකුට...."දඟයාත් පොඩි සද්දයක් දැම්මා යාලුවාට.
"හැබැයි මචන් ලංකාවේ අයියලාට පාරේ මැද පම්ප් එකක් දානවා කියන එක ලොකු අව්ලකුත් නෑ.ඕන් ඔය මහපාරේ පම්ප් දාන සීන් එකෙන්ලුනේ ලංකාවයි ඇමරිකාවයි අනුලෝමව සමාන වෙනවා කියන්නේත්. . . "යාලුවාත් හාවා ඇල්ලිල්ල පැත්තක තියලා තව්සන්ඩ් ටෝක් කතා කොරන්න ගත්තා.
"ඇයි බන්...ලංකාවේ උන් ප්‍රසිද්දියේ හුජ්ජ කොරනවා.ලංකාවේ අයට අනුව ඒක බරපතල වැරද්දක් නෙවෙයි.හැබැයි ලංකාවේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ප්‍රසිද්දියේ තොල් දෙක හපාගත්තොත් ඒක හෙනම හෙන වැරද්දක්. . .ඇමරිකාවේ ප්‍රසිද්දියේ හුජ්ජ කලොත් ඒක පට්ටම පට්ට වැරද්දක්.ඕනාම තැනක තොල් දෙක හපා ගන්නවා කියන එක වැරද්ද්දක් නෙවෙයි...."යාලුවා ඩොප් මරගාතේ ලංකාවයි ඇමරිකාවයි අනුලෝමව සමාන වන හැටි අමුවෙන්ම පැහැදිලි කොලා.
ඔය කතාවෙන් යාලුවාගේ උවමනාව ටික වෙලාවකට අමතක වෙලා ගියත් ආපහු මු ඌගේ පුරුෂ අවයවයත් අල්ලාගෙන දගල දගල කියනවා...
"අනේ මචන් දැන නම් ඉන්නම බෑ.උබ කාර් එක නැවැත්තුවේ නැතිනම් ඕන් මම කාර් එකේ දානවා.." කියලා.
ඌගේ කතාවට මල පැන්නත් මම තත්වය තේරුම් ගත්තා..බීපු බියර් ආයි කොහෙන් හරි යන්නත් එපාය.
යාලුවාත් පස්සා පැත්තට මැහුන් දාගෙන බඩ යන්න බීපු එකා වගේ දගලනවා...
අසරනයා දගලනවා බලා ඉන්න බැරි තැන දඟයා කාර් කට්ට හැරෙව්වා අතුරු පාරකට.
කරුමේ කියන්නේ ඒ පාර කලින් පාරට හපන්.දෙපැත්තේම වැව.(මහරගම වැව පාර)
මීටර් තුන්සීයක් විතර ගිහිල්ලා කොහොම හරි වැව පහුකොරලා දඟයා කාර් එක නතර කොලා.
යාලුවා නවත්තන්නත් කලියෙන් ටයිඩ් එකට බිලින් වෙච්ච අහවල් එකත් එලියට දාගන්නා ගමන්ම කාර් එකෙන් බැහැලා දිව්වා...
මෙන්න බොලේ යාලුවා ගියාට වැඩිය වේගෙන් පිබගෙන ආපහු එනවා..
"යමන් යමන් ...වස නෝන්ඩිය"
මූ කලබල වෙලා හිටි හැටි දැකපු දඟයාත් පුරස්න නැතිවම කාර් එක එතනින් එහාට ගත්තා.
අරගෙන ආයෙම ඊට එහායින් පාලු හරියක තියෙන තාප්පයක් ලග නතර කොරලා යාලුවාව යාන්තම් බරෙන් නිදහස් කෙරෙව්වා.....
පස්සේ තමයි යාලුවාගෙන් විස්තරය ඇහුවේ...
මචන් මම තිබ්බ ටයිඩ් එකට අහවල් අවයවයත් එලියට දාගෙනම,ඉක්මනට බර නිදහස් කොර ගන්නදිව්වා. . .
මාර කේස් එක බන්. . ඒ පැත්තේ එක දිගටම කපල්ස් වාඩි වෙලා ඉන්නවා බන්. . .  උන් ඔක්කෝම දැක්කා මචන් මම එලියට දාගෙන දුවනවා.. . . අදුරන උන් හිටියාද දන්නෙත් නෑ මචන්. . . උන් හිතන් නැති ෂුවර් එකටම මම මෝල් කලන්තෙට බුතයා දානවා කියලා. .
කේස් එක ඇහුවාමයි දඟයාටත් එතන එහෙම පොට් එකක් කියලා මීටර් උනේ. . එතන ඉතින් ඔය ගැටව් ඇන්ඩ් ගැටිස්සියෝ නිතරම හංස බෝට්ටු පදින්න,හුලං වදින්න එහෙම යන තැනක්නේ. .

කොහොමින් කොහොම හරි යාලුවා තමන්ගේ අහවල් බරත් නිදහස් කොරගෙන එතන තියෙන හංස බෝට්ටු ටොපික් එකට ආවා...
අර කෙල්ල එක්ක හංස බෝට්ටු පැද්ද හැටියි මේ කෙල්ල එක්ක බෝට්ටුව පෙරලෙන්න ගිය හැටියි අරවද මේවද කිය කියා යාලුවා දොඩෝනවා..දොඩෝනවා ඉවරයක් නෑ...
දඟයානේ දැක්කේ ඊට ටික වෙලාවකට කලින් චු කොරගන්න බැරිව යාලුවා දගලපු දැගලිල්ල...හික්ස්..

"දඟයා ...උබට මතකද අපි පොඩි කාලේ ඔය මහරගම වැවේ චීනෙක් ගිලිලා මැරුනා...අර මචන් ඔලිම්පික් ගේම්ස් වල ස්විමින්ග් වලින් ගෝල්ඩ් මෙඩල් ගහලා ඇවිල්ලා ලංකාවේ ගිලිලා මැරුන චීනා මචන්..අර පත්තරවල එහෙම ලොකුවට කතාව ගියේ..."යාලුවා අමුතු නයෙක් නටවලා පෙන්නන්න හදන බව දඟයාට තේරුනා....
"පිස්සුද යකෝ..ඔලිම්පික් මෙඩල් ගත්ත එකෙක් මේ කුනු වැවේ ගිලෙයිද බන්..
නිකන් බේගල් අතාරින් නැතිව හිටහන්..."දඟයා යාලුවාට සත්තම දැම්මත් යාලුවාත් එහෙම ලේසියෙන් පරාද වෙන ජාතියේ එකෙක් නෙවෙයි..
"අඩෝ සිරාවටම කියන්නේ...ඌත් උගේ චීනි එක්ක ඔතන ඔය හංස බෝට්ටු පැද පැද ඉන්නකොට,බෝට්ටුව පෙරලිලා තමයි ගිලිලා මැරිලා තියෙන්නේ..ඔතන හංස බෝට්ටු කුලියට දෙන පොරක් මට විස්තරය කීවේ..ඇත්තමයි බන්.."යාලුවා වෙරි මරගාතේ තව තව කියෝනවා..
"අනේ ..මේ පලයන්.එහෙනම් චීනි ලග හිටිය නිසා ඌගේ දනිස් පන නැතිව තියෙන්න ඇති..
උබ මටත් නයා අරිනවානේ.."යාලුවා වගේම දඟයාත් පරාද වෙන්න කැමති නෑ. 
"නෑ. . නෑ . .බන් . . .
චීනාට එවෙලේ පීනා ගන්න බැරි වෙලා තියෙන්නේ,වලල්ල පාත් වෙලා වතුරේ කකුල් ගහ ගන්න බැරි වෙලා..."යාලුවා අමුතු ටෝක් එකක් දෙනවා..
"වලල්ල පාත් වෙලා..ඒ මොන හරුපයක්ද?" දඟයාට යාලුවා කියන හරුපය තේරුනේ නෑ...
"යකො..බෝට්ටුව පෙරලෙන වෙලාවේ චීනා ඉදලා තියෙන්නේ කලිසමයි..ඌගේ යට කලිසමයි දනිස්ස ලගට වෙනකම් ගලවාගෙන...ඉතින් යකෝ එතකොට කකුල් දෙක එකට තියලා බැන්දා වගේනේ...මොන ජගතාටද කකුල් බැදගෙන පීනන්න පුලුවන් ඉතින්. . ." යාලුවා කතාව මට එහෙම තේරුම් කරලා දුන්නා... 


ප.ලි: හැබැයි චීනා දනිස්ස ලගට කලිසම ගලවාගෙන මොනා කොලාද කියලා නම් යාලුවා දඟයාට කීවේ නෑ...
තේරුනාද මන්දා. .

1 comment:

  1. බෝට්ටුව පෙරලෙන්න එන බව දැනගෙන ඇඳුම් පිටින් වතුරේ පනින්න බැරි කමට චීන කලිසම ගලවන්න යද්දී බෝට්ටුව පෙරලෙන්න ඇති බන්. උඩ කලිසම විතරක් ගලන්න ගිය චීනට කලබලේට කලිසම් දෙකම වැරදිලා ගැලවෙන්න ඇති නේද.. අනේ මන්ද එහෙම හිතමු ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...