11.12.13

අදහස් හුවමාරුව...

එකිනෙකා අතර අදහස් හුවමාරුව (Communication) නිසියාකාරව සිද්දකිරීම හරිම වැදගත්.බොහෝ අයගේ බොහොමත්ම පුරස්න වලට හේතුව අදහස් හරියාකාරව හුවමාරු නොවීම තුලින් එකිනෙකා හරියාකාරව තේරුම් නොගැනීමයි. 

ඉස්සර සුද්දාගේ කාලයේත් ප්‍රසිද්ද කතාවක් තියෙනවා අදහස හරියාකාරව තේරුම් නොගැනීම නිසා අදහස් කල දෙයට වඩා සම්පූර්නයෙන්ම වෙනස් දෙයක් සිදු කොල දෙයක් ගැන. ඒක නම් ඔය ඉස්පිලි පාපිලි වරදක් නිසා සිද්ද වෙච්ච දෙයක්නේ...

"මරන්න එපා.අතාරින්න" කියන එක "මරන්න.එපා අතාරින්න" කියලා තේරුම් ගත්තාම කොච්චරනම් වෙනසක්ද?:huh:

කියනා,කොරනා දෙය ඔහොම වැරදියට තේරුම් ගැනීම නිසා වෙච්ච අලකලන්චියක් ගැන කතාවක් තමයි මේත්.


ඔය පත්තරවල වැඩ කොරනා පොටෝ අල්ලන මහත්තයෙක් (ඔව්..ඔව්..අර පොටො ගන්නා පොරක් තමයි..හැබැයි "මානව" ද කියලා නම් අහන්න එපා ) ලස්සන දිය ඇල්ලක පොටෝ ටිකක් ගන්න කියලා  දුර ගමකට ගියාලු.දිය ඇල්ල තියෙන කන්ද උඩටත් නැගලා එක එක අතට පොටෝ අරගෙන වැඩේ ඉවර කොරලා ආපහු යන්න කියලා බලනකොට දන්නෙම නෑ හොදටම හවස් වෙලාලු.

දනි පනි ගාලා තමන්ගේ අඩුම කුඩුම ටිකත් අරගෙන කොලඹ යන බස් එහෙක එල්ලෙන්න කියලා දුවගෙන බස් හෝල්ට් එකට ආවත් ඒ ගමින් එදා පිටවෙන අන්තිම බස් එකත් ඒ වෙනකොට පිටත් වෙලා සෑහෙන වෙලාවක් ගත වෙලාලු.බස් හෝල්ට් එක ලග කඩ පිලෙන් හෝදිසි කොරලා බැලින්නම් මේ ගමේ නතර වෙන්න කියලා ගෙස්ට් හවුස් එකක්වත් හෝටලයක්වත් නැහැලු.


ගමේ ඉන්නා මනුස්සයන්ගේ හිත හොදයි කියලා දන්නා පොටෝ මෑන් අහල තිබ්බ ගෙයකට ගිහිල්ලා දොරට තට්ටු කොරලා,දොර ඇරපු මනුස්සයාට පොඩි හිනාවක් කාරිය එහෙම දාලා තමන්ට වෙච්ච නස්පැත්තිය කියන්න ගත්තාලු....
"අනේ අයියේ..මම අහවල් පත්තරේ පොටෝ අල්ලන අහවලා.....මම මේ ගමේ තියෙන අහවල් දිය ඇල්ලේ පොටෝ ටිකක් අරගන්න කියලා ආවේ...
මම පොටෝ ටික අල්ලලා එනකොට බලන්නකො අයියේ බස් එක ගිහිල්ලානේ...."බ්ලා..බ්ලා...පොටෝ මෑන් කියෝගෙන කියෝගෙන යනවාලු.
නින්දෙන් නැගිටලා ආපු ගමන් අහපු මේ හතර බීරි කතාවෙන් වයර් මාරු උන ගමේ උන්දා..
"හරි..හරි...පොටෝ මහත්තයා..දැන් ඔහේට මක්කෙයි වෙන්ට ඕනා" කියලා කතාව සරලව අහුවාලු.
"නෑ...මට රෑට ඉන්න තැනක් නෑ.මම හෙට උදේම යනකන්,මෙහේ නිදාගන්න දෙනවාද?"දෙතුන් පාරක් එහාට මෙහාට ඇඹරුන පොටෝ මෑනුත් තමන්ගේ උවමනාව ගමේ බුවාට කීවා.
පොටෝ මෑන්ගේ මූන දිහා ඔරවලා බලාපු ගමේ ඩයල් එක..
"තමුසෙට මෝල්ද අයිසේ...දන්නැති මිනිස්සු මේ ගෙවල්වල තියාගන්න මට පිස්සුයෑ..අනික මෙහේ ලොකු වෙච්ච ගෑනු ලමයිනුත් ඉන්නවා"කියලා පොටෝ මෑන්ට තගකුත් දාලා දොර වහලා දැම්මාලු.
"අනේ එහෙමද?" කියලා ආපහු හැරුන පොටෝ මෑන් ගෙවල් කීපයකටම ගිහිල්ලා තට්ටු කොලත්,ඒ හැම ගෙයකම ජම්බු ගහෙන් වැටිච්ච ගෑනු ලමයි හිටිය නිසා ගිය වේගෙන්ම ආපසු හැරිලා එන්න තමයිලු සිද්ද උනේ.පොටෝ මෑනුත් එහෙම ලේසියෙන් ගේම් එක අතෑරලා පරාද වෙලා පැත්තකට වෙන පොරක් නෙවෙයිලු.
තව ගෙයක් ලගට ගිය පොටෝ මෑන් ඒ ගෙදර දොරටත් තට්ටුවක් දාලා,දොරෙන් එලියට ආපු ගමේ මෑන්ට,ටිකක් ක්‍රියේටිව් විදිහට අලුත් ඇප්රෝච් එකක් දැම්මාලු මෙන්න මේ විදිහට...
"අයියේ..මේ ගෙදර වැඩිවියට පත් වෙච්ච ගෑනු ලමයි එහෙම ඉන්නවාද?"
පොටෝ මෑන් අහපු තුප්පහි පුරස්නෙන් බූමිතෙල් ගෑවුන ගැරඩියෙක් වගේ මල පැන්න ගමේ මෑන්...
"තමුසෙට මොකටද ඕයි ඒක" කියලා ටිකක් සැරෙන් ඇහුවාලු.
ගමේ මෑන්ට මල පැන්න බව දැනගත්ත පොටෝ මෑන් ..
"නෑ...අයියේ මට ..මේ.....රෑට ටිකක් නිදාගන්ට" කියලා හෙමීට ශේප් එකේ කිව්වාලු..
 අනේ..ඉතින් එතනින් එහාට තත්වය නම් පොටෝ මෑන්ටත් මතක නෑලු. :P
 පොටෝ මෑන්ට සිහිය එනකොට හිටියේ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනකම් තලාගෙන ඉස්පිරිතාලේ ඇදක් උඩලු. :)

ඔය රෑට නිදාගන්න තැනක් හොයලා ගුටි කාපු සිද්දිය බොහෝ දෙනෙක් දන්නවා සහ අහලා ඇති බවයි දඟයා හිතන්නේ...නමුත් දන් නැති,අහලා නැති අයගේ දැනුවත් බාවය සදහා ඒක දැම්මා.

ඊලග කතාව නම් දඟයා දන්න අදුනන ගොබිලෙකුට වෙච්ච කතන්දරයක්.මේ ගොබිලා පොඩි කාලේ ඉදලාම කොල්ලෝ කුරුට්ටෝ රැලට වැටිලා නන්නත්තාර වෙච්ච ගොබිලෙක්.මූට පොඩි කාලේ ඉදලාම ඉගෙනගන්න ,ගොඩ යන්න ඕනා කියන ආසාවක් නම් තිබ්බේම නෑ. 
සා.පෙලින්ම ඉස්කෝලේ ගමන නතර කොරගත්ත මේකාට මුගේ අම්මා ටුක් ටුක් එකක් අරන් දුන්නේ ඒකෙන්වත් ගොඩ යයිනේ කියලා හිතාන.මොන ගොඩ යාමක්ද?
තුන් රෝද පාර්ක් එකේ ඉන්නා අසමජ්ජාතින්ට එකතුවෙලා ගොබිලා තව තවත් පිස්සු නටන්න ගත්තා.රෑට මල ගෙවල්වල ගිහිල්ලා බේබි කපන්නත්..කඩු කිනිසි අරගෙන ගිහිල්ලා එක එක රන්ඩු දබර වලට යන්නත් ගොබිලා පුරුදු උනා.
රන්ඩු සරුවල් වලට ගිහිල්ලා,හිරේ විලන්ගුවේ වැටිලා ජීවිතේ නැති නාස්ති කොර ගන්ට කලින් ගොබිලාව අසමජ්ජාතී යාලුවන්ගෙන් වෙන් කොරන්ට හිතාපු ගොබිලාගේ මෑනියැන්දෑ ගොබිලාව රට යවන්නට කියලා හිතාන පාස්පෝට් එක හදන්නට පුoචි බොරැල්ලට එව්වා. 
ගොබිලාත් පෝන් කට්ටෙන් සින්දුවකුත් අහගෙන,ඉයර් පෝන් එකත් කනේ ගහගෙන ,අදාල ලියකියවිලිද අතින් අරගෙන පුoචි බොරැල්ලේ පාස්පෝට් කන්තෝරුවට යන්න බස් එකේ නැග්ගා.
කොහොමින් කොහොම හරි ගොබිලා වාඩි වෙලා හිටිය සීට් එකේ අනිත් පැත්තේ වාඩි වෙලා හිටියේ ලස්සන ඉටිකිරිස් ඇන්ටි කෙනෙක්.(නෝටි ෆොර්ටි වයසේ ඇන්ටි පාරක් ) :wub: 
කස්ටිය දන්නවානේ ඉතින් ෆෝටි කිට්ටු උන නෝටි ඇන්ටිලාගේ හැටි.මූනේ රෝස පව්ඩර් දාලා..ලිප්ස්ටික් ගාලා....මිනීමල් සුවද සැන් පව්ඩර් නාගෙන..හෙන විකාරයි නෙව. ;)
ගොබිලාත් ඉතින් බස්එකේ යනගමන් පෝන් කට්ට ඔබ ඔබා මේ ලස්සන ඇන්ටිටත් ඇඩ් එකක් දාගෙන යනවා.ඇන්ටිට පේන්න ටින්ට් කොරපු පෙම්රැල්ල කරකෝනවා.ෆේස් බුක් එකේ ස්ට්ටේටස් අප්ඩේට් කොරනවා..මල සමයන් කෝටියයි...ගොබිලාට දැන් ආපු කාරනයත් මතක නෑ.පැනි කාලා මත්උන කබරගොයා වගේ දැන් ගොබිලා නෝටි ඇන්ටි පාරට සෙම පෙරනවා...

ඔහොම යනකොට එකපාරටම, ගොබිලාට යන ගමන ගැන මතක් උනේ ඇන්ටිගේ කකුල් දෙක ලගම වැටිලා තිබ්බ ,පාස්පෝට් එක හදන්න ගෙනාපු ගොබිලාගේ පොටෝ එක දැක්කාමයි. :blink:
ගොබිලා හීන් සීරුවේ අත දාලා පොටෝ එක ගන්න බැලුවා...ටිකක් අමාරුයි.
ආයි පාරක් ට්‍රයි කොලා...
ඇන්ටි පාර ඔරවලා බලනකොටයි ගොබිලාට තේරුනේ අත ඇන්ටිගේ කකුලේ ගෑවිලා කියලා.ගොබිලාට හීන් දාඩිය දැම්මා.වස මලනින්ගිරාවයි.මෙච්චර වෙලා ඇන්ටිට දාපු ඇඩ් කන්දරාවම ඉවරයි.
ඉන් කලබල උන ගොබිලා...
"අනේ ප්ලීස් අක්කා...ඔය සාරිය පොඩ්ඩක් උස්සනවාද?" කියලා කීවේ ඇන්ටිට පේන්නම බිම වැටී ඇති පොටෝ එක ඇහිද ගත්තාම තමන් වනචර කොල්ලෙකුම නොවේ යැයි ඇන්ටිට හැගෙනු ඇතැයි සිතාය.
නමුත් සිදු ඌයේ ගොබිලා කිසිවිටෙක බලාපොරොත්තු නොවුවකි.
අසූ හාරදාහට මල පැන සිටි නෝටි ඇන්ටියා. . .
"හරි කෝලමක්නේ...ඒ මොන මගුලකටද ? කියා ගොබිලාගෙන් ඇසුයේ මුලු බස් රථයටම ඇසෙනා ලෙසය.
මුලු බස් රථයේම මිනිසුන් ගොබිලා දෙස බලනවා ගොබිලාට දැනින.
වෙච්ච සන්තෑසියෙන් ඉහමොල රත්කොරගත් ගොබිලා . . .
"න්..නෑ ..නෑ..මේ පොටෝ එකක් ගන්න"කියුවේ ගොත ගසමින් ගලපමිනි.
 අපායට හෙන ගහන්නා වාගේ ලස්සන ඇන්ටිගේ සෙරෙප්පු අඩිපාරවල් "දඩාස්..බඩාස්" ගා ගොබිලාගේ කම්මුල හරහා හමා ගියේ ක්ෂනයකිනි. :o
පසුව බස් රථයේ සිටි අනික් මගීන්ගෙන්ද හොද හැටි ගුටි සන්ග්‍රහයක් විදි ගොබිලා කොලඹ මහ රෝහලේ  සති කීපයක්ම ගතකලේ රෝහල්  වීසාද ඇතුවය.

1 comment:

  1. මට මතක් උනේ අර ඕනනම් බබත් එක්ක නිදාගන්න නැත්තං අර මඩුවේ නිදාගන්න කියපු සීන් එක.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...