24.12.13

එක එක කතන්දර...

මේ ඊයේ පෙරේදා දවසක පත්තරයක තිබුනා පිරිමින්ගේ නීරෝගීබව පවත්වාගැනීමට සතියකට කීප වරක් මිතුරන් හා එක්ව කතා කිරීම ,මිතුරන් සමග ක්‍රීඩා කීරීම වැනි සමාජීය ක්‍රියාකාරකම් ඉතාම වැදගත් කියලා.
මිතුරන් හා එක්ව කතා කොරන්ට නම් ඉතින් ඕන් බියර් බෝතලයක්,වොඩ්කා බෝතලයක් නැතිනම් අඩුම ගානේ වයින් බෝතලයක් හරි බොන්න සැට් වෙන්න එපාය.එහෙම බලනකොට මිතුරන් හා සතුටු සාමීචියේ යෙදෙන එකත් ඔය කියන තරම්ම යහපත් කටයුත්තක්දත් කියලා හිතෙනවා.
ඔය කතන්දර කොහොම නමුත් දඟයා පුද්ගලිකවම දන්නා දෙයක් තමයි මිත්තරයෙක් හරි මිත්තරයෝ කීප දෙනෙක් එක්ක හරි හවසට පොඩ්ඩක් සැට් වෙලා අලගිය මුලගිය තැන් කතා කරමින් හරි,ඔය ඕපාදූපයක් හරි කතා කලාම මාන්සික සවුක්කිය නම් යහපත් වෙනවා කියන එක.
(ඔය කලින් කියපු පත්තරෙත් නිරෝගිකම කියලා,කියන්න ඇත්තේ ඔය මානුසික සවුක්කිය ගැනම වෙන්න ඇති.)
ඔහොම සැට් වෙලා පදමට වෙරි උනාම කියන කතා නම් පට්ටම තමයි.

දඟයාගේ එක මිත්‍රයෙක් ඉන්නවා පුදුමාකාර ඇම්ඩෙක්.මූගේ වැඩේ කෙරෙනවානම් අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ ජාතියේ පොරක් තමයි මේකා.කරටි කැඩෙන්න බීපු වෙලාවක ඌම කරපු පාපොච්චාරනයක් තමයි මේක...

දවසක් මේකා ගිහිල්ලා මහරගම තියෙන ඩෙන්ටල් එකට.
ඔය වගේ තැන්වල නම්බර්ස් දෙනවා.ඔය ලබා ගන්නා නම්බර් එකට අනුව තමයි තමන් ආව කාරනය සිද්ද කොරගන්ට වෙන්නේ... මූට හම්බවෙලා තියෙන්නේ හැට ගනන් නම්බර් එකක්.ටිකක් සෝදිසි කොරලා බලනකොට ඩොකා ලග ඇතුලේ ඉන්නේ හතරවෙනියාලු.
ඔය අතරේ නම්බර්ස් කතා කොරන එකාත් කෑ ගහනවාලු...
"අංක පහ ..අංක පහ එන්න.."කිය කියා...
කොච්චර කෑ ගැහුවත් පහේ නම්බර් එක අයිති පුද්ගලයා නෑලු.
අපේ කතා නායකයාත් ටිකක් කල්පනා කොරලා බැලුවාලු...
"නම්බර්ස් පිලිවෙලට ගියොත් තවත් පැය ගානක් චාටර් වෙන්න වෙනවා...පහේ නම්බර් එකේ පොරත් නැති එකේ ලැබුන චාන්ස් එකෙන් ප්‍රයෝජනය ගන්නවා "කියලා හිතලා අපේ මිත්‍රයාත් ඇතුලට ගිහිල්ලා...
මූගෙන් ඩොකා මුකුත්ම අහලා නෑ.යනකොටම කටටත් ආවරනයක් දාගෙන හිටිය ඩොකා මූට දත් ගලවන පුටුවේ ඉදගන්න කියලා අතින් සoඥා කොලාලු. . . .මූටත් ඩොකාව දැක්ක ගමන් පුටුවේ ඉන්දවිලා...
එතන හිටිය නර්ස් අක්කාත් පුටුවේ ඉදගත්ත ගමන් මූගේ කටට බටයක් දාලා වතුර පුරවලා...
ඒ මදිවාට අර දත් හිල් කොරනා ග්‍රිල් මැසිමේ සද්දයට මූගේ දත් සැට් එකම හිරි වැටුනාලු.
ආයි කතන්දර නෑ,ඩොකා අමුවෙන්ම මූගේ දත් ටික ගලවන්න යනවා වගේ යාලුවාට දැනිලා.


නර්ස් අක්කා කටේ තියෙන වතුර ටික එලියට දාන්න කියලා කීවත්,මිත්තරයා බය වෙච්ච පාරට  ඇගම හිරි වැටිලා,කටේ තියෙන වතුර ටිකවත් එලියට දාගන්න බැරිව දතකට පූට්ටු වෙලා දගලනවාලු.
දාඩිය පෙරාගෙන ටැන්කියෙන් එලියට වැටුන කාවයියා වගේ දගලන අපේ බුවාව දැකපු නර්ස් අක්කා මේකා බය වෙලා කියලා හිතාන මේකාට බටර් ගානවාලු...
"බය වෙන්න එපා...රිදෙන් නෑ...කූඹියෙක් කනවා වගේ දැනෙයි වැඩිම උනොත්...දැන් කට හිරිවැටිලානේ තියෙන්නේ..." බ්ලා බ්ලා ගොඩයිලු.
එතකොටලු මිත්තරයාට වැඩේ මීටර් උනේ....නොම්මර පහ අයිතිකාර ලෙඩාට කලින්ම හිරි වැටෙන්න එන්නත දීලා තමයි තිබිලා තියෙන්නේ කියලා.(සමහර විට ඌ එන්නත ගහගත්තාට,බයට දත ගලවන් නැතිවම මාරු උනාද දන් නෑ )
අමු අමුවෙන් දත් සැට් එක ගැලවෙන්න යන බව දැනගත්ත අපේ මිත්තරයා තමන් කොරපු ගොන් වැඩේට තමන්ටම හිතින් බැනගෙන මේ මර උගුලෙන් බේරෙන්නේ කොහොමද කියලා කල්පනා කොලාලු.
මූට මැවිලා පෙනුනාලූ නරක් නොවිච්ච දතක් ඩොකා ගලෝලා ලේ විදිනවා.
ලේ ගිහිල්ලාම හක්ක පැනලා වෙවුලමින් දගලන තමාවම සිහි වෙච්ච අපේ මිත්තරයා,දෙයියන් සිහි කොරන් හිතට හයිය අරගෙන නර්ස් අක්කාවයි, දත් දොස්තරවයි දෙන්නාවම පෙරලාගෙන එලියට දිව්වේ හුසෙන් බෝල්ට් මීටර් සීය දුවන වේගයට ටිකක් අඩුවෙන්ලු.
 අමු අමුවෙන් මස් කපාගන්නකොට තියෙන අමාරුව මතක් වෙලා ආපු සරීර ශක්තියට පිං සිද්ද වෙන්න යාන්තම් දත් සැට් එක බේරා ගත් මිත්තරයා එදායින් පස්සේ කවමදාවත් කෙටි පාරවල් වලින් ගොඩ යන්න නම් හිතන් නෑලු.:lol:

2 comments:

  1. අපේ බනිසා වගේ එකෙක් වෙන්න ඇති ෂුවර් එකටම, ඇහිල්ලක් බැලිල්ලක් නැතුව වැඩක් කරොත් ඕකා තමා

    ReplyDelete
  2. එකෙන්ම..ඕකාම තමයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...