පහුගිය දවසක රෑක ජොලියටත් එක්ක දඟයා ,දඟයාගේ මූනු පොත තාවකාලිකව අක්රිය කොලා.වෙනදාටත් වඩා වේලාසන මෙන්ම හිත සන්තෝසෙන් නිදාගන්න ඒකත් හොද හේතුවක්.

කිසිම කරදරයක් නැතිව ෆුල්ම ආතල් එකේ පැය අටක් විතර නිදාගත්තාම තියෙන සනීපේ කියලා නම් වැඩක් නෑ.ඒක අත් විදලාම බලන්ට ඕනා. 

කොහොමින් කොහොම හරි,වෙනදා වගේම පහුවදා උදේම ඔෆීසියට යන්න කියලා,කාර් කබලට නැගගෙන ඒක ස්ටාරට් කොලත්,ස්ටාර්ට් කොරනවා කොරනවා ස්ටාරට් වෙන් නෑ.
රෑ වැඩි වෙලාවක් නිදාගෙන ගත්ත සැප හොම්බෙන් යනකන් පැය බාගයක් විතර දගලලා දගලලා බැරි තැන,මොන මගුලක්ද කියලා කාර් එක ගෙදර දාලා තුන් සක රියක ඔෆීසියට ගියා.
පේන්න හිටියේ නැති උනාම,නැතිනම් අතුරුදහන් උනාම දඟයා මලාද,ගුටි කාලාද, ඉස්පිරිතාලෙද කියලා හොයන හදවතින්ම මිත්තරයෝ වෙච්ච පිරිසකුත් මූනු පොත සහ අන්තර්ජාලය හරහා දඟයා සමග ඉන්නවා කියලා තේරුනේ පහුවෙනිදා උදේ ආපු කෝල් ප්රමානය සහ කෙටි පනිවිඩ ප්රමානය දැක්කාමයි.
තවත් සමහරු ගූගල් චැට් එකෙන් විස්තර අහලා තිබුනා..මොකද මූනු පොතේ නැත්තේ කියලා.
ඔය අව් අස්සේ කාර් කට්ටත් කැඩී ඔෆීසියට යන්ට පරක්කු උන නිසා සහ දහවලේ ඔෆීසියේ මීටිමක් තියෙන බව දැනුම් දී තිබූ නිසා දඟයාට එදා උදේ පට්ටම විදිහට වැඩ කන්දයි...

ඒ මදිවාට කාර් කට්ට නෑ කියන්නේ ආයේ අතපය හතර නෑ වගේ අෆ්පා...
ඒක නිසා මොන වැඩේ තිබුනත් කාර් එකත් හදා ගන්න ඕනා නිසා,දඟයා දහයට විතර ඔෆීසියට කට් එකකුත් දාලා ගරාජ් එකට ගිහින්,කොහොමින් කොහොම හරි මැකෑනික් බාස්ටත් බටර් ටිකක් ගාලා,වාහනය හදන්න බාස්වයි තව ගෝලයෝ දෙන්නෙකුයිත් රෝද තුනේ වාහනයක පටෝගෙන ගෙදරට එක්ක යන්න වැඩේ සැට් කොර ගත්තා.
මජන් සූට් ගහගත්ත තුන් දෙනෙක් එක්ක තුන් රොද රියක මජන් ගාගන්නේ නැතිව යන්න ටිකක් අමාරුයි.කොහොම හරි කාර් එකත් හදා ගන්න ඕනා නිසා හිත හදාගෙන ඒ අයත් එක්ක දඟයා තුන් රෝද රියේ කිටි කිටියේ යන වෙලේ තව තව කෝලුත් එනවා.ජන්ගමයා සාකුවෙන් ගන්න ගියොත් අනිවා, දඟයාගෙත් ඇගේ මජන් සූට් වල මජන් ගෑ වෙනවා.
මොන හු යන්නක්ද?
එක අතකින් මජන් ගෑ වෙනවා...තව ජන්ගමයා නොනවත්වා මොරදෙනවා...ඒ මදිවාට බාස්ලා සිගරට් දෙකකුත් පත්තු කොරගෙන.කොරන සෙල්ලමක් දාලා ඉක්මනට ඔෆීසියට යන්නත් ඕනා.
දඟයාට ෆුල්ම මලක් තමයි සෙට් වුනේ....
ඔය මල කොලොප්පන් අතරේ තුන් රොද රිය එලවපු,වයසක අන්කල් තුන් රෝද රිය හිටගෙන එලවනවා....
දඟයට නිකන් මඤන් වගේ...
දඟයාත් ඩ්රයිවර් අන්කල් දිහා බලාගෙන හිටියා..ටිකක් දුර තුන් රෝද රිය හිටගෙන එලවපු වයසක ඩ්රයිවර් අන්කල් ආයිමත් සීට් එකේ ඉද ගත්තා.
ඉද ගත්ත ගමන්,ඕන් ආයෙම දුන්නක් වගේ හිටගත්තා.ආයෙමත් හිටගෙනම එලවනවා...
මල හත් ඉලව්වේ වයසක ඩ්රයිවර් අන්කල් තුන් රෝද රිය කොහෙවත් ගිහිල්ලා ඇනගෙන වැඩේ වකූර් වෙලා කස්ටියම අබ්බගාත වෙන්න කලින්, දඟයා ඩ්රයිවර් අන්කල්ට කියලා තුන් රෝද රිය නවත්ත ගත්තා.
නවත්තගෙන ඩ්රයිවර් අන්කල්ගෙන් විස්තරය ඇහුවාම අන්කල් කියනවා...
"අනේ මහත්තයා බලන්නකෝ...මේ සිට් එකේ ඉද ගන්නකොටම මගේ පස්ස දනනවානේ...මම මහත්තයාට පරක්කුත් වෙන නිසා හිටගෙනම එලෙව්වා..."
පස්සේ චැක් කොරලා බලනකොට තමයි වැඩේ මීටර් උනේ.
එක බාස් කෙනෙක් සිගරට් එක බොන ගමන් සිගරට් අලු කඩලා තියෙන්නේ තුන් රෝද වාහනයේ ඉස්සරහා ඩ්රයිවර් සීට් එක පැත්තට.කොහොම හරි ලොකු සිගරට් අලු කෑල්ලක් ඩ්රයිවර් සීට් එකට වැටිලා.සීට් එක රබර් නිසා රබර් එක දිගටම උනු වෙලා....ඩ්රයිවර් අන්කල්ගේ පුක පිච්චිලා ....පස්ස පිච්චෙනකොට ඩ්රියිවර් අන්කල් හිටගෙන එලවලා...
ආයි ටික දුරක් ගිහින් පස්ස සීට් එකෙන් තියෙනකොට ආයිමත් පිච්චිලා...බැරිම තැන තමයි අන්කල් හිටගෙන එලවලා තියෙන්නේ....
"හයියු වයසක මැන්ටල් වලටමයිනේ මෙහෙම වෙන්නෙ...."
අන්තිමට හිනා වෙවී එහෙම කීවත්,පස්ස පිච්චිච්ච වේදනාව එතකොටත් ඩ්රයිවර් අන්කල්ගේ මුනේ තිබ්බා.

ප.ලි:
තමන්ගේ වේදනාවද පසෙකලා දඟයාගේ අපහසුතාවය තේරුම් ගත් තුන් රෝද රියේ රියදුරු අන්කල් සැබැවින්ම ගරු කල යුතු මනුස්සයෙකි.
ඔහුගේ මනුස්සකම හා ඔහුගේ අහිoසක සිත දඟයා වටහා ගත්තේ ඔහුගේ ටුක් ටුක් රිය පසු පස ලියා තිබු ඔහුගේම හිතේ උපන් වැකියෙනි.
කුහක කමින් පිරි උන් ලොව දුරු වේවා
නිදහස් තැනක මගෙ මරනය සිදු වේවා..!!
No comments:
Post a Comment