21.8.13

කොලඹගොනයා..



මේ ලගකදි එක පාප මිත්තරයෙක් එක්ක දඟයා පොඩි චැට් එකක් දාගෙන ආගිය තොරතුරු කතා කොලා....
මිත්තරයා මුලින් කීවේ වාසය කොරනා රාජදානිය මාතර කියලා...
දඟයාටත් ඕනා නැති කෙහෙල්මලක් නැති නිසා,තව දුරටත් වන් හුන් ඇවිස්සුවා...(ඉදලා හිටලා හරි කෝප්පයක් දෙකක් හෝදන්න එපාය:P)
"මතන් මාතර කොයි ඉසව්වේද" කියලා ඇහුවාම මිත්තරයා කියනවා මාතර කඹුරුපිටිය කියලා.....
අම්මා ගහයි බැට් එකෙන් කීවාලු....යකඩො මාතර කොහෙද? කඹුරුපිටිය කොහෙද? (මාතර ඉදලා කබුරුපිටියට කිලො වලින් මීටර් විස්සක් තියෙනවානේ...)
හරි කමක් නෑ කියලා,දඟයා ආයි පුරස්න කොලා යාලුවාගෙන් " මතන් එතකොට උඹ කබුරුපිටියේ කොහෙද?
ඒ පාර මේ යෝදයා කියනවා කඹුරුපිටියේ මුලටියන කියලා....
හප්පච්චියේ.....කඹුරුපිටියේ ඉදලත් මුලටියනට කිලෝමීටර විස්සකට කිට්ටු ගානක් තියෙනවානේ...
එතකොට ඔලුව බර කොරලා,විශ්ලේෂනය කොරලා බැලුවාම මාතර ඉදලා මුලටියනට කිලෝමීටර හතලිහක් විතර තියෙනවා...
මුලටියන කොයි හරියෙද මචන් ඉන්නේ කියලා ඇහුවොත් යාලුවා තවත් කිලෝමීටර තිහක් ,හතලිහක් ඇදලා තවත් ගමක නමක් කියාවි කියලා බය හිතුන හන්දා දඟයා එතනින් එහාට මිත්තරයාගේ වාසස්තානය කොහෙද කියන එක ගැන කතා කොරන්ට ගියේ නෑ...(නැතිනම් මු ආයි කියාවි ඌරුබොක්ක කියලා...:D)

ඔය සීන්කෝන් එක නිසා දඟයාට, දඟයාගේ ඔෆීසියේ පාපග්‍රහයෙකුට වෙච්ච ඇබැද්දියක් මතක් උනා... 
ඉතින් ඒ කතන්දරය කියාන්ට තනන්නටයි පොඩ්ඩක් විතර යාලුවාගේ සායම යැවුවේ...
හැබැයි ඔෆිසියේ කතන්දරය කියන්න පූර්විකාවක් විදිහට යාලුවාගේ කතාව කීවාට,දඟයා යාලුවාගේ නම එහෙම කීවේ නෑනේ...
ඕන් දැන් මාලුවා ඇවිත් මෙතන කොමෙන්ටු දාලා මම එහෙම කොලේ නෑ කියලා,කස්ටියටම පේන්න හත්පොලේ ගාගත්තොත් නම් දඟයා වග කියන් නෑ හරිය...

..........................................................

එකමත් එක කාලෙක,එකමත් එක දිනෙක දඟයා සහ පිරිවර ආතල් ගැනීම සහ පිච්චු කෙලීම පමනක් අරමුනු කොරගෙන,සද්දාවන්ත සිතින් බෙන්තොට වෙරල කරා ගිය සේක. 
අති සුන්දර වුද,රමනීය වුද බෙන්තොට වෙරලට හා බෙන්තර ගගට අතරමැදිව ඩෙල්ටාවක පිහිටියා වු නිවාඩු නිකේතනයක,දින දෙකක් දැහැමින් සෙමින් දෙව් ලොව සැප සොයමින්,කාලය ගත කල දඟයා ඇතුලු පිරිවෙර රහමෙර බෝතල් දහතුනකට වග කිවු බව ඉතිහාස පොත්වලද සදහන්ව ඇත.
මෙසේ සැපතෙන් කාලය ගත කොරනා කල්හි,දඟයාගේ පාපමිත්ත්‍රයෙකුට සෙනසුරු අපලය ලබා,මහා නව නින්ගිරාවකට ලක්වීමට සිද්ද වු කතා වස්තුව සැකෙවින් මෙසේය...
කස්ටිය අදාල වාසස්තානයේ ප්ලග් වෙච්ච වේලේ සිට,පිරිසට සැලකුම් දැක්වු සේවකයා,දඟයා ඇතුලු පිරිසට ඉතාමත්ම කුලුපග විය.ඉතාමත් කඩිසරව මෙන්ම විනීතවද සේවය ලබා දුන් එම තැනත්තා කොතරම් හිතවත් වුයේද යත්,ඔහුගේ රාජකාරියෙන් පරිබාහිර කාරනාද කතා කරනා ගානට කතාව දුර දිග යන්නට විය.
අප සමග සිටි පාපග්‍රහයෙක්ව මෙයට කලින් හොදින් දැක පුරුදු අයෙකු බවත්,ඔහුව කොහෙදීම හෝ මෙයට පෙර හමුවු බවක් දැනෙනා බව නමින් "නිමල්" වු එම සේවකයා පවසන්නට විය. 
මත් වතුරින් හොදින් පදම්ව සියලු දෙනාම සිටිනා අවස්තාවක ,පිලිස්සු මස් පිගාන කීපයක් රැගෙන ආ නිමල්,
"ඇත්තමයි මහත්තයා...මහත්තයාව මම මීට කලින් කොහෙදිම හරි දැකලා තියෙනවා...මහත්තයාගේ ගෙවල් කොහෙද?"කියා  මා මිත්තර පාපග්‍රහයාගෙන් විමසීය...  
"නිමල්,...මම කොලඹ"ලෙස පාප මිත්තරයාගේ පිලිතුර කෙටි වුයේ  මත්පැන්වල සැර අදිකකම නිසාදැයි දඟයා දන්නේ නැත....
විනිතව සිනාවක් පෑ නමුත් එම පිලිතුරින් සෑහීමකට පත් නොවු නිමල් "කොලඹ කොයි හරියෙද?"යනුවෙන් නැවතත් පුරස්නයක් ඇසුවේ මා මිත්තරයා අමාරුවේ දැමීමට නොවිය යුතුය.
"නිමල්,...මම කොලඹ කීවාට,කොලඹට ටිකක් මෙහා...මම කොලඹ,කලුතර..." පාපග්‍රහයා බමන මතින්ම පිලිතුරු සපයන්නට විය.
"හප්පච්චියේ...ඒක නේන්නම් මහත්තයා...මමත් කලුතරනේ....මහත්තයා කලුතර කොහේද?" පාපග්‍රහයාගේ පිලිතුරෙන් උද්යෝගයට පත් නිමල් තව තවත් අප හට ලන්වෙමින් විමසීය.
"මම කලුතර මග්ගොන" විශාල දුම් නැවක දුම් බටයක් සේ සිගරැට්ටුවක දුම් ගුලි කීපයක්ම එකවර පිට කරමින් පාපග්‍රහයා පිලිතුරු සපයන්නට විය.
"අප්පද බොල...ඉතින් මහත්තයා,මෙතන ඉදලා බස් හෝල්ට් තුනයිනේ...කොලඹය කීවාට මහත්තයා මේ ලගමනේ බලාන යනකොට..."යැයි කීවේ මාගේ අසහාය පාපමිතුරාට අපහාස කිරීමට නොව අසල්වැසියෙකු අදුනාගන්නට ලැබීමේ ප්‍රීතියට විය යුතුය.
"අනේ මේ...,හුx@* උබ අනුන්ගේ මගුල් හොයන් නැතිව යන තැනක පලයන්"@#$%~!*&^*බ්ලා..බ්ලා.. :wacko:  :blink:
එක දිගටම එල්ල වන්නට වු වාග් ප්‍රහාරයෙන් බේරීමට නිමල් කොහෙන් කෙසේ අන්ත්‍රදාන උනාදැයි තාමත් අප සැමටම මහා පුරස්නයකි. 
*ප.ලි - සිද්දියෙන් පසුව ආතල් චාරිකාව මල අවමගුලක් වු අතර, ගෙදර පැමිනෙන තෙක්ම දඟයා සහ යාලුවන්ගෙන් එල්ලවු මඩ වලට අමතරව මාගේ පාපමිතුරාට "කොලඹගොනයා" ලෙස නව ආමන්ත්‍රන නාමයකටද උරුමකම් කීමට සිදු විය.. :D  :D

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...