21.8.13

සැකය...



දැන් කාලේ ඕනම මාමියෙක්, නැන්දියෙක්,අයියෙක්,අක්කෙක්,බට්ටෙක්,බට්ටියෙක්,...
දිග වැඩී වගේ...මෙහෙම කියමු..
දැන් ඉන්න ඕනම අන්ඩපාලයෙක් දන්නවා,අර ඔබාමා මාමගේ රටේ තියෙන ඒරියා 51 කියන,අද්බූත,විස්මිත,මොලය විකාර වෙන කතා සෑදි ඇති ප්‍රදේශය ගැන...අද දගයා කියන්නෙ ඔය Area 51 ප්‍රදේශයේ වෙච්ච සීන් එකක් ගැන..
ඇත්තටම මේ තැන ගැන දගයා දන්න කිසිම කෙන්ගෙඩියක් නැති උනත්,ඔය එහෙන් මෙහෙන් ඇහුන විලම්බීත කතා ටිකක් දගයගේ පුන්චි මොලයට වැටිලා,මොලේ කොටස් ලොකුවට ශෝර්ට් වෙලා නම් තියෙනවා...
ඔය සන්තෑසියට,කෙලින්ම වග කියන්න,අර ඩේනා ස්කලී කෙල්ලයි,අර ෆොක්ස් මෝල්ඩර් කියන කොල්ලයි කියලායි...දගයා නම් දගයාගේ පිස්සුව ගැන කතා කරනකොට කියන්නේ....
දගයා දන ගාන කාලේ දගලපු දැගලිල්ලට බය වෙලා,පනු අමාරුවට ගුනයි පුතේ කියලා  දගයාගේ අප්පච්චි බොන්න දුන්න බැරැන්ඩි තේ හැන්ද වෙනුවට,දගයාගේ දැන් දැගලිල්ලට,දැන් වයසට ගලපා(තේ හැන්ද* දගයාගේ දැන් වයස*අවුරුද්දකට ඇති මාස  ගනන = බෝතල් 1 1/2 ) බොන බෙහෙත් බීපු වෙලාවට, X File නම් නොහොබිනා කතා මාලාව පෙන්නපු ටෙලිවිසොන් චැනල් එකේ මාමලගේ ගෙදර උදවියත් බැනුම් අහනවා කියලයි දගයාගේ යාලු දග යාලුවො නම් කියන්නෙ..
කොහොම උනත් ඇමෙරිකාවේ,ඔය නොවාඩා කියන ප්‍රාන්ත රාජ්ජයේ,දගයාව පිස්සු වට්ටපු ඔය ඒරියා 51 කියන හරියට මනුස්පයෙකුට තියා කිනිතුල්ලෙකුටවත්,ලන් වෙන්න බැරි වෙන්න තරමටම තද බල ආරක්ශාවක් යොදවලා තියෙන බව, ඇහින් දැක්කේ නැති උනත් කොම්පුටර් ගහන,ටෙලිවිසොන් හරි පත්තර හරි බලන ඕනම බුද්ද මන්දික නොවන ගොබිලෙක් දන්නවා..
ඔතනට ඔය  තරම් ආරක්ශාවක් යොදවලා තියෙන්නෙ,ඔය රටේ රජ වෙන මහරජාලගේ අහවල් එක වැඩි ආරක්ශාවට ඔතන හන්ගලා හින්දාද? කියලා දගයා කල්පනා කලේ නම්,ඔය කියන ඔබාමලගේ කට්ටිය  Cannabis කියලා හදුන්වන එව්වා බීලා හිටිය වෙලාවක නම් නෙවේ ඕන්...
ගිනි බෝල කැරකුවා හොදටම ඇති වගේ...
දැන් වත් කියන්න ආව කතාව කියමු එහෙනම්...
මේ කතාව උනේ පැහැබර ඉරිදා දවසක.උදෑසන හිරු ලස්සනට පායලා තිබ්බත්,මේ සිද්දිය වෙන වෙලාව වෙනකොට නම් ටිකක් වැහි වලාකුලු පායලා තිබුනාලු...
මේ දවස පැහැබර උනේ වැහි වලාකුලුවලට ඉර අව්ව වැටිලා දේදුන්නක් එහෙම පායලා තිබ්බ නිසාලු....
දවසෙ පැහැබර බව නිසාත්,වැහි වලාකුලු නිසා තිබ්බ ආතල් ක්ලයිමෙට්ටුව නිසාත්,මේ දිනවල ඔබාමාගේ අහවල් එක හන්ගලා තියෙන තැන(Area 51) ආරක්සාවට යොදවා තිබ්බ සොල්දාදු කස්ටිය,ටිකක් වැඩිපුර බියර් පානය කොරලා බාගෙට දොය්ය බබා කිය කියලු හිටියේ... 
සමහර සොල්දාදුවො වැස්ස දවසට අත්තක් උඩ කිර කිර ඉන්න තෙමිච්ච ගන් කුකුල්ලු වගේ කිර කිර හිටියාලු...(අපිට අනුව කන්සා,උන්ට අනුව Cannabis බීලාද දන්නෙත් නෑ...)
ඔහොම එන්නකොට එක පාරටම,ඉස්සර එක පාරටම කොටින්ගේ කුරුම්බා ඇට්ටි කොලඹට කඩා පාත් වෙනවා වගේ,පොඩිත්තන් කුරුම්බැට්ටි ගුවන් යානයක් මේ කියන අදි ආරක්ශිත කලාපයේ ගුවන් පාරට සීන්..සීන්.. ගාල පාත් කලාලු.
මුලු Area 51 එකම එක කඩි ගුලයිලු..
හරියට අර රම්බො චිත්තරපටියක,රම්බෝ සතුරු කදවුරකට පැනලා මාට්ටු උන වෙලාවේ වගේලු..
කුරුම්බැට්ටිය බානකොට,සෝල්ජරස් සැට් එක ,ඒකට වෙඩි පිට වෙඩි තිබ්බත්,කරටි කැඩෙන්න ගහලා හිටි නිසා මේ දක්ශයො වෙලා හිටිය යක්ශ පැටවුන්ට හරියට ඉලක්කය අල්ල ගන්න බැරි උනාලු...
කුරුම්බැට්ටියට හරියට වෙඩිල්ල පත්තු කොර ගන්න බැරි උන නිසා, ඇති වුන වයිරක්කාර සිතුවිල්ලත් හිතේ පැසව පැසව කුරුම්බැට්ටි යානය වට කොර ගත් මේ සොල්දාදු හපුයියෝ ටික,යානයේ නියමු ගොය්යාට පිටතට එන ලෙස කරපු අන කිරිමේ තේජසට සමහර විට නියමු බුවාට සුලු දියත් පහ වෙන්න ඇති....
ලෝක වෙලද මද්යස්තානයට බොම්බ ගහපු මලට,හම්බයන් එක්ක බද්ද වයිරයෙන් ඉන්න මේ සොල්දාදු ගොයියන් ටික බලා ඉන්නවාලු යට රැවුල වවාගත්,කොනකපාලයෙක් මේකෙන් එලියට එනකන්...දෙන්ඩ බැස්ටිය...
මොන....කොනකපාලයෙක්ද?
නැවත වරක් මේ ඇමරිකානු අය්යලාව,බය්යලා ගානට වට්ටමින්,කුරුම්බැට්ටියෙන් එලියට ආවේ වයස 70-80 වයසක මැන්ටලයක්....
කුරුම්බැට්ටි මැශිම පෙරල පෙරලා හෙව්වත්,වෙන කිසිම හික් මි පැටියෙක් වත් හොයා ගන්න බැරි උනාලු.
අනික පට්ට විදිහටම මල පැනලා හිටි මේ සැට් එකට අත පය වල හිරි ඇරගන්න බැරි වීම නිසා මේ අයගේ මානුශික අවපීඩනය අන්ශක ගානකට නැගලාලු...
කොහොම හිරි ඇර ගන්නද?
කුරුම්බැට්ටිය පදවන් ආව මැන්ටල් පොර,පාරේ යන්නවත් පන නැති සයිස් පොරක්ලු..
ජෝන් සීනාගේ වගේ අත පය තියෙන මේ අය්යලාගේ පාරක් කෑ සැනින් මේ වයසක මැන්ටලයගේ ජිවිත පිලමෙට්ටුව කැඩෙන්නට බැරි නැත...
තමන්ව වට කොර ගත් මේ 6යි 7තේ නසරානියෝ දැක්ක පයිලට් මාමා,තම අත් දෙකෙන්,තමාගේ වයසක කුට්ටමත් වහගෙන ස්වයන් පාපොච්චාරනයක් කොරන්නට ගත්තාලු...(පයිලට් මාමාට කුට්ටන් දාලා වහන ලාච්චු ඇමෙරිකාවෙත් තියෙන බව මතක් උනාද දන් නෑ)
"අනේ බුදු මල්ලියේ..අද උදේ අපේ නෝනා කිව්වා, ඈත ප්‍රාන්තයක ඉන්න, එයාගේ තනිකඩ නංගිගේ ගොවිපොළට යන්න කියලා..ගිහින්, අපේ නෝනා දෙන තෑගි පාර්සලය දීලා, එහෙන් ඕනා නම් දවල්ට කෑම කන්නත් කීවා...හැබැයි කාපු ගමන් එනවා මිසක එතන මල් කඩලා...පැලවෙන්න එහෙම නම් එපා කීවා.. ආපහු එනකොට ටිකක් කුණාටු ගතියක් තිබුණා. අර නංගී එන්න එපා කියද්දීත් මම ආවා. මාව කුනාටුවට අහුවුනා. පියාසර කලයුතු දිශාව වැරදුණා. යානයේ ඉන්දන ඉවරවේගන ආවා. තව විනාඩි 05 කට වඩා පියාසර කරන්න බැරි තරමට ඉන්දන අඩුවුණා. මේ වෙලාවේ තමයි මේ ගුවන් පතය දැක්කේ...ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මාත් මගේ පන බේරා ගන්න මගේ පෙලේන් කට්ට මෙතනට පත බෑවා..නැතිව කිසිම දෙයකට මෙතනට ආවා එහෙම නෙවෙයි මගේ බුදු මල්ලියේ..මම මේ ඉන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ..මල්ලිලා කව්ද කියලාවත් මම දන් නෑ..මට යන්න දෙන්න මල්ලියේ..."
පයිලට් අන්කල් හොටු පෙරාන,කඹ පුරෝගෙන අඩන විදිහට,කොච්චර තද හිත් තිබුනත් මේ සොල්දාදුවන්ගෙත් හිත උනු උනාලු...
අනික පාපොච්චාරනය කොරලා ඉවර වෙන්නත් කලින් පයිලට් මාමා අහු වෙච්ච කුනාටුව ඒ හරියටත් ආවාලු..
දැන් කුරුම්බැට්ටිය ආයෙමත් ගුවන් ගත කොරන්නම බැරි ගානයි..
පයිලට් මැන්ටලේ මුනෙනුත් අහින්සක පාටයි...ඇවිත් ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නෑ...බලාන යනකොට මැන්ටලයෙන් කිසිම හානියක් නැති පාටයි..
මැන්ටලේ අහින්සකයි...ගැරඩි මරලා පව් පුරවාගෙන ආත්මයක් පාසා විදවන්න ඕන නෑ...
එහෙම හිතපු ලොකු අයියලාගේ,ලොකුම අයියා මැන්ටලේ නිදොස් කොට නිදහස් කොරන්න තීරනය කලා...
කොහොම උනත් කුනාටුව ඉවර වෙනකන් වැඩි ආරක්ශාවටත් එක්ක පයිලට් මැන්ටලයට එදා රෑ එලි වෙනකන් හිර කූඩුවේ ලගින්න නම් වුනා..
පහුවදා උදේ මැන්ටලයට හොදට කන්නත් ,බොන්නත් දීලා,කුරුම්බැට්ටියේ ටැන්කිය පිරෙන්නම ඉන්දනත් ලබා දීලා,...මදි පාඩුවට ලොකුම ලොකු අයියා මෙන්න මෙහෙම තර්ජනයකුත් කලාලු....
‘මෙහෙම තැනක් තියනවා දැක්කා කියලා, තමුසේ කාටහරි කිව්වොත්, තමුසෙගෙ ජීවිතය ඉවරයි, හොඳද?
තමුසේ මෙහෙම කඳවුරක් ගැන දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, තමුසෙගෙ ප්ලේන් එක ගොඩබෑවෙත් නෑ හරිද?
පණපිටින් ඉන්න කැමතිනම්, ආයෙ කවදාවත් මේ පැත්තෙන්වත් පියාසර කරන්නත් එපා හරිද?’
ගොරහැඩි බෙලෙක් හඩින් ඇසුන විදානයට මැන්ටලයට හුස්ම හිර වෙලා කූරියා නොගැහුනේ බය වැඩි කමටම වෙන්න ඇතිලු..
කුරුම්බැට්ටිය නැවත ගුවන් ගත උනාම මැන්ටලයට තමන්ගේ ජීවිතය බේරුන ප්‍රීතියද,ලොකුම අයියාට ,නිරපරාදේ අහින්සකයෙක් නොතැලීමේ සන්තෝසයද දැනෙන්නට ඇති...
ආආආඅ...තව ඔබාමාගේ කුට්ටම පරිස්සම් කර ගන්න පුලුවන් වෙච්ච ප්‍රිතිය..ඒකත් දැනෙන්න ඇති..
එදා හවස, අයියලාගේ ලොකු අයියා සන් බාත් එකක් එහෙම දාගෙන ෆන් එකේ එන්නකොට පුදුම කේස් එකක් උනාලු...
බොහොම පාතින් ,ඊයක වේගයෙන් ,ආව අර කුරුම්බැට්ටිය,අනතුරු වර්න බල්බ,අනතුරු හඩවල් නොතකා ආයෙමත් ගුවන් පතයට පත බෑඑඋනාලු...මුලු Area 51 එකම යක්ශ ආවේශ වුනාලු..සන් බාත් එකේ ෆන් එක කෑමේ ප්‍රිතියටත් එක්ක ලොකුම අය්යා ,පිස්තොලයකුත් අරගෙන දුවගෙන ආවාලු,මැන්ටලය කම්බස් කොරන්නම හිතාන...
යුද්ධ ටැංකි, ජීප්, ට්‍රක් රථ, ගිනි නිවන රථ,අරවද..මේවාද..ඔක්කොම එක්ක අයියලා ගේමට ඇන්ටොර් වෙලාලු...
හැබැයි මේ පාර කියන්නත් කලින් පයිලට් මැන්ටලය,කුරුම්බැට්ටියෙන් එලියට ආවාලු...
මල පැනලා මදිවාට,පැනපු මල ඇගේ ගාගත්ත ගානට මූන හතරැස් කොරන් හිටපු පයිලට් මැන්ටලය අයියලාගේ,ලොකු අයියා දිහාට හැරිලා මෙන්න මෙහෙම කීවාලු....
"තමුසෙලාට ඕනා නම් මාව මරනවාලා..මරලා කිබුලන්ට කන්නත් දානවලා...
මට ඕනා කෙහෙල්මලක් කොරනවාලා...
හැබැයි ඔය කෙහෙල්මල් ඔක්කොම කොරන්න කලින්,මෙන්න මේ ප්ලෙන් එක ඇතුලේ ඉන්න මගේ ගෑනිට කියනවාලා,මම ඊයේ රෑ හිටියේ ගිලාගේ ගෙදර නෙවෙයි,තමුසෙලාගේ හිර කූඩුවේ කියලා...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...