23.8.13

විලම්බීතයා..


ලෝකය ගෝලාකාරය..

මිනිස්සු විවිදාකාරය...
විවිදාකාර මිනිස්සු කරනා වැඩ මහා පුදුමාකාරය..
මේ සමහර පුදුමාකාර වැඩ බලා සිටීමට බැරි තරමට විකාරය...
මෙසේ බලා සිටීමට බැරි තරමට විකාර වැඩ කොරනා මිනිස්සුන්ට "විකාරකාරයෝ" යැයි කියති.

දඟයා කියන්නට යන්නේද විකාරකාරයෙක්ගේ විකාර කතාවකි.


දඟයා සහ දඟයාගේ යහලුවන් කීප දෙනෙක් මෙයට කාලයකට පෙර සිංහයන්ගේ රටට ෆන් චාරිකාවක් ගියා.

කොරන්නට ඇති සියලුම පිච්චු කෙලීමට සමතුන් වන දඟ යාලුවන්,මේ චාරිකා ගමනේදි සිංහයන්ගේ රටේ ගන්න තියෙන උපරිම ෆන් එක ගත්තා නොවෙයි නාගත්තා...

සමණල උද්යානය සහ කෘමි රාජදානිය නැරබීමේ සිට ඇග කිලිපොලා යන(චූට්ටක් විතර මුත්තරාත් පහ වෙන) Enchanted  Airways, Battlestar Galactica යන Roller Coasters වල යාම දක්වා සියලුම දේවල් කරමින් ශරීර කූඩුවට උපරිමම සැපක් මෙන්ම දුකක් දෙන්නටද දඟයා ඇතුලු චක්ගෝලයන්ට ඇහැක් උනා.


ශරීර කූඩුවට උපරිමම සැපක් මෙන්ම දුකක් දෙන්නට හැකි උනා කියලා දඟයා කීවේ, ඔය සමහර ක්‍රීඩා කොරනකොට මරන බය ඇති වෙන නිසා.(Roller Coaster එකේ යනකොට වගේ..) 

එතකොට හිතෙනවා මොන ආච්චිගේ කම්බායකට මේ මගුලට නැග්ගාද කියලා.
පපුවේ "ලබ් ඩප්" ශබ්දය නතර වෙලා ඇන්ජිම හිටින්නට කලින් මේ හුචක්කුවෙන් බැහැගන්ට ලැබෙන්නේ කොයි වෙලේද කියලා තප්පර කට්ට මැන මැන තමයි ඉතින් ඒවායේ යනකොට දඟයා නම් ගියේ.
කොහොම හරි ඉවසන් ඉදලා බිමට බැහැගත්තාම නම් හිතෙනවා,...ආයි පාරක් යන්ට ඇත්නම් කියලා...
ඕකට කියන්නේ දුක් විදලා සැප ගන්නවා කියලා වෙන්ට ඇති.
(ඇයි ඉතින් ඔය සමහර මලදාන කොරනකන් ඉවසිල්ලක් නෑ.කොරනකොට පට්ටම දුකක් විදින්න වෙනවා.කොරලා ඉවර උනාම ආයිත් කොරන්ට ඇත්නම් කියලා හිතෙනවා...)

ඔය සිංහයන්ගේ රටේ සන්තෝශා දූපතේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තියෙන  Enchanted  Airways හා Battlestar Galactica යන Roller Coasters වල යනකොටත් ඔය දුක් විදලා ගන්න සැප උපරිමයෙන්ම ලැබෙනවා...

ඉතින් දඟයා සහ යාලුවන් සැට් එකත් ඔය කියපු Roller Coasters වල ගියා.
කස්ටිය හු කියනවා...කෑ ගහනවා...මරලතෝනි දෙනවා...එකම විකාරයයි..
කොහොමින් කොහොම හරි පපුවේ "ලබ් ඩබ්" ශබ්දය දඩ බඩාස්..දඩ බඩාස් ගාන්න අරගෙන රීර ඇන්ජිම  හිටින්න ඔන්න මෙන්න තියෙද්දි දඟයා ඇතුලු පිරිසට ඔය මල ඉලව්වෙන් බැහැගන්න ඇහැක් උනා... 
කස්ටිය Roller Coaster එකෙන් බැස්සට පස්සේ පුදුම සැපක්,...
එකෙක් දිව එලියට දාගෙන බල්ලෙක් වගේ හති දානවා...තවත් එකෙක් කඹරයා දාන්න හදනවා...තවත් එකෙක් බිම ඉදගෙන...
සැට් එකේ ඔක්කොම වගේ ඔහොම ඔල්මොරොන්දමෙන් ඉන්න අතරේ දඟයාට පේනවා එකෙක් විතරක් දඟයා ඇතුලු යාලුවෝ දිහා බල බලා,ඌගේ තඩි බඩත් අල්ලන් හිනා වෙනවා...
මූ හිනා වෙනවා..හිනා වෙනවා...ඉවරයකුත් නෑ....
හරියට ගන්ජා ගහපු එකෙක් මෝදකයක් කාලා වගේ...
Roller Coaster එකේ යද්දි මුගේ ඔලුව කොහේ හරි වැදිලා,ඔලුව විකාර උනාද දන්නෙත් නැති නිසා,දඟයායි දඟ යාලුවෝ සැට් එකයි මුව වට කොර ගත්තා...
මොකද මු හවස හයෙන් පස්සේ හොල්මන් වලට බයේ ගෙදරින් එලියට බහින්නෙත් නැති එකෙක්.
එහෙව් එකා ඔක්කොමලාට මලපහ පහවෙන්න ගානට බය වෙලා ඉන්න වෙලාවේ බය නැතිව,ආතල් එකේ හිනා වෙන එක ඔක්කෝටම හෙනම පුරස්නයක්.
මුගේ මේ බුල කෙලිල්ලෙන් මල පැනපු දඟ යාලුවෙක්..
"ඈ...පරයෝ *#@$%...තෝ මොකද හිනා වෙන්නේ අපිට..බොට අමුකැවිලාද?නැතිනම් ඔලුව හැප්පුනාද?" කියලා ඇහුවා...
"නෑ..නෑ...මතන්...උබලා විදින දුක දැක්කාම මට හිනා යනවා..."විකාරයා විකාරෙන් වගේ හිනා වෙවී කියෝනවා....
"එතකොට උබට බය හිතුනෙම නැද්ද?" මුගේ ටෝක් එකෙන් මල පන්නා ගත්ත එකෙක් මූන රතුකොරගෙන ඇහුවා....
"උබලා මගුලක් කතා කොරනවා..උබලා දන්නවානේ කොහොමත් මම අසනීපෙන් ඉන්නේ කියලා...මම ඕකට නැග්ග වෙලාවේ ඉදලාම ඇස් වහගෙනයි හිටියේ...මේ මගුල නවත්තලා කට්ටිය එලියට බහිනකොට තමයි මම ආයි ඇස් දෙක ඇරියේ..."
විලම්බීතයා තව මොනවාදො කියන්න හැදුවත් දඟයා ඇතුලු පිරිසගේ නවත්වාගත නොහැකි වු හිනාවට ඌගේ කතාව නවත්වාගැනීමට සිදු විය.


***ටියුබ් ලයිට් සදහා..

අවුරුද්දකට සැරයක් හම්බ වෙන මුලු බෝනස් එකම වියදන් කොරන් ගිහිල්ලා,උපරිම ෆන් එකක් ගන් නැතිව මේ විලම්බීත විකාරයා ඒකෙත් ගිහින් තියෙන්නේ ඇස් දෙක පියාගෙන...එහෙම යන්ට බය නම්,ෆන් ගන්න අමාරුයි නම් ඌට යන් නැතිව ගෙදර ඉන්න තිබ්බානේ....අතේ තියෙන පිච්චි දෙකත් ඉතුරු කොරගෙන...
මූට ෆන් ගන්න පින නැතිකම....





1 comment:

  1. ආයෙමත් කියෙවුව ඈ..
    කලින් කියවද්දි නම් කතාව තේරුනේ අර අන්තිමට දාපු ටිකෙන්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...