13.10.13

සුනිලා...

දඟයාට එක එක ජාතියේ වගේම එක එක වයස් මට්ටම්වලද මිතුරන් සිටියි.
දඟයා සමග මිතුරුකමක් පවත්වන වයසකම මිත්තරයා සුනිල්ය.
ගමේම මිනිසුන් සුනිල්ව නොදන්නා නමුදු සුනිලාව නම් දනියි.
(ගමේම ඈයෝ සුනිල්ව හදුන්වන්නේ සුනිලා ලෙසයි)
සුනිලා මැදිවියද පසුකල හිතින් තවමත් තරුන වයසක කොල්ලෙක්.
හිතින් කොල්ලෙක් උනත් සුනිලා බරපතල වගකීම් සහිත පියෙක්.
සුනිලාට දරුවන් හය දෙනෙකි.
සුනිලාගේ කරුමෙකටද,වාසනාවකටදෝ,මේ දරුවන් හය දෙනාම කෙල්ලෝ.
තම දරුවන් සම්බන්දයෙන් බමනමතින් කතා කොරන අවස්තාවලදී සුනිලා නිතරම කියනුයේ...
"හයපාරක් ට්‍රයි කොරලත් කොල්ලෙක් හදාගන්න බැරි උනා.තව කොච්චර ට්‍රයි කොලත් ඔච්චරම තමයි කියලා හිතාන හිත හදාගත්තා."කියායි.
දුප්පත්කමින්ද, පවුල් බරින්ද මිරිකෙමින් අමාරුවෙන් ජීවිතය ගත කොරන සුනිලා වඩාත්ම අපහසුවට පත්ව ඇත්තේ බාර්යාවගේ පීඩනයටයි.
(එය හරියාකාරවම පැහැදිලි වන්නේ සුනිලාගේ ඔලුවේ ඇති සියලුම කෙස් බාර්යාව විසින් ගලවා දමා ඇති නිසාය.)

උදේ පාන්දර නැගිටපු වෙලේ සිට පටන්ගන්නා බාර්යාවගේ කුරු..කුරු කන්කරච්චලය සුනිලාට ජීවිතය එපා වන තරමට එපා කරපු කන්කරච්චලයක් බව සුනිලා ගමේ හැමෝටම කීවේ නෑ.
නමුත් දුක තුනී කොරගැන්මට අරක්කු ටිකක් බී සූර් වු දිනවලට සුනියා මුලු බාර් එකටම ඇහෙන්න කියන ප්‍රසිද්ද පරන දෙමල තනුවක් ඇති, (අඩී එන්නඩී රාකම්මා..) සුනිලාගේම දුක ගැබ්ව,සුනිලා විසින්ම නිර්මානය කර ඇති  සින්දුවෙන් ඒ බව මුලු ගමම දැන ගත්තා.

අනේ අම්මපා නොබදින්නයි හිටියේ

ගෑනු ගැන දන්න නිසා....
අපේ අම්මගේ වදයට බැන්දා
ලැබුවා නරක දසා.....//

හාල් සේරුවක බත් කනවා
කාල එතනම දොයියනවා..//

බාරි මගේ හොද හැඩකාරි
මා නැති කල ගොන් ඊරී...//

සුනිලාගේ මල අදෝනා සින්දුවේ තව පදපේලි බොහොමයක් ඇති මුත් දඟයාට සියලුම පද මතක නැත. 

සුනිලාටද අමතකවීමේ රෝගය තදින්ම වැලදී ඇත. 
රැකියාවට ගොස් නැවත නිවසට යන සුනිලාට අතරමගදි බාරියාවගෙන් දුරකතන ඇමතුමක් ලැබේ.
ගෙදරට උවමනා හාල්,සීනි,මාලු වැනි අඩුම කුඩුම ලයිස්තුවක් දුරකතනය මාර්ගයෙන් සුනිලාගේ බාර්යාව සුනිලාට පවසයි.
නමුත් ඇගේ අමාරුව යාමට බාර් එකෙන් ශොට් එකක් දාගන්නා සුනිලාට බිරිදගේ බඩු ලයිස්තුව අමතක වේ.
කලුමහත්තයාගේ කඩය ලගට ගොස් තම තට්ටය කසමින් බාරියාව රැගෙන ඒමට කියු අඩුම කුඩුම මතක් කොරනා  සුනිලාට කවදාවත්ම බාරියාව කියු බඩු ලැයිස්තුව හරියාකාරව මතක් වන්නේ නම් නැත.
සමහර දිනෙක ගෙන ඒමට නොකී දෙයක් රැගෙන යන සුනිලා බාර්යාවගෙන් බැනුම් අහන්නේ.."අපරාදේ මේ මිනිහා නිකාන් සල්ලි නාස්ති කොරනවා" කියාය.
රැගෙන ඒමට කියු දෙයක් අඩුවෙන් ගෙන ගොස් තිබුනහොත් "මේ මිනිහාට සිහිය නෑ...කවමදාවත් හරියකට වැඩක් කොරන්න බෑනේ අප්පා"..බ්ලා..බ්ලා...
බාරිගෙන් හොදක් ඇසූ දවසක් මතක නැති බව සුනිලා හොටු පෙර පෙරා කියනා විට එය අසා සිටින කිසිවෙකුත්,කිසිම දිනෙක දීගෙක නම් නොයනු ඇත.

දිනක් බාරිගෙන් නොසෑහෙන්න බැනුම් අසා,දුක තුනී කොර ගැනීමට අරක්කු බෝතලයක් පමන පානය කොර වැනි වැනී පාරේ යන සුනිලාව දඟයාට මුන ගැසුනා.

දඟයා:මොකදෑ යකෝ..තෝ බීලා බීලා නහින්න හදනවාද?ළමයි ඉන්න තාත්තෙක් නේද බොල?

සුනිලා:අනේ බලහන් දග පුතේ..දරුවන්ගේ අම්මා හැමදාම නැගිට්ට පැදුරෙන් මාව කන්න තනනවා........
මම මොනා කොලත් වැරදියි.මට එපා වෙලා තියෙන්නේ ජීවිතයම...බ්ලා..බ්ලා..

දඟයා:ගෑනි ගේන්න කියන එව්වා අමතක වෙනවානම් කොලයක ලියාන පල...

සුනිලාට වෙරි හිදුන සෙයකි.
"ඇත්ත නේන්නම්...වයසට ගිහිල්ලත් මට ඕක මීටර් නොවිච්ච හැටි....දඟයාගේ ටිකිරි මොලේ තමයි මොලේ..."කියමින් සුනිලා ඩෝප් පිටම දඟයාව ඉබින්නට ට්‍රයි කොලද ...
"පලයන් යකෝ යන්න...උඹ ගෑනිගේ ඇරියස් අල්ලන්නේ මගෙන්ද" අසමින් දඟයා එතනින් මාරු විය.
(දඟයා සුනිලාට කුමක් කීවද සුනිලා කරබාගෙන ඉදියි.එය දගයාට ඇති ගෞරවයද නැතිනම් අහවල් එකද කියා නම් දඟයා දන්නේ නැත.)

පසු දින සෙනසුරාදාවක් විය.නිවාඩු දිනයක් නිසා සුනිලාගේ ගෙදරට සුනිලාගේ බාර්යාවගේ රත්තරන් මලනුවන්ද පැමින තිබින.
වදකබාරිය සුනිලා කැදවා විශාල බඩු ලැයිස්තුවක් කියාගෙන කියාගෙන යන්නට විය.
හිතින් නැන්දනිය මතක් කොරමින් (මලනුවන්ගේ මෑනියන්) ලොකු කෙල්ලගෙන් පෑනක් උදුරාගත් සුනිලා කියනා බඩු ලැයිස්තුව කඩදාසි කොලයක ලියා ගත්තේ අද දෙන්නම් බැටේ කියා හිතමින්ය.
වදකබාරියගේ මලනුවන් පැමිනි CT100 බයිසිකලය ගෙය ඉදිරියෙන් නවතා තිබින.
ගෙදරට බඩු ගෙනෙනා මල්ලද ගත් සුනිලා මස්සිනාගේ බයිසිකලයෙන්ම බඩු ලයිස්තුව රැගෙන ඒමට කලු මහත්තයාගේ කඩයට පියෑබුවේ ඔලුවට හෙල්මටයක්ද නැතිවමය.
බාර්යාවගේ ලයිස්තුවේ ඇති බඩු සියල්ලම මාසේ අන්තිමට පියවන නය පොතට ගත් සුනිලා සිගරට්ටුවක්ද පත්තුකොරගනිමින් ගෙදර දෙසට ගියේ රටක් රාජ්ජයක් දිනුවෙකුගේ සිතුවිල්ලෙනි.
"කාලෙකට පස්සේ අද නම් මට කනක් ඇහිලා හිටියෑකි " ලෙස සුනිලාට සිතින.
ගෙය පෙනෙනා මානයේදි සිගරට්ටුව දෙතුන් පාරක් පැටල් කොර විසික්කා කොල සුනිලා ගෙට ඇතුලු වුයේ රටක් රාජ්ජයක් ජයගත් එකෙකු සේය.
පොල් බෑයක් ගාමින් උන් වදකබාරිට ....
"බලනවා මොනාද අඩු කියලා" ලෙස කියමින් පොල් බෑයද උදුරගත් සුනිලා එක හුස්මට පොල් බෑයද ගාන්නට විය.
සුනිලාගේ වෙනස දුටු බාරියද පුදුම විය.
සුප් කැටයේ සිට කියු සියලුම හාල්,තුනපහ,අඩුම කුඩුම හා කුකුල් මස් ග්‍රෑම් හත්සිය පනහද කිසිදු අඩුපාඩුවකින් තොරවම මල්ලේ තිබින.
"මල්ලි ඕනා නම් අයියා එක්ක ටවුමට ගොහින් බියර් බෝතලයක් අරගෙන එන්න.මම බිත්තරයක් බැදලා දෙන්නම්.." 
බාරි රූපවාහිනිය නරබමින් සිටිනා තම ආදරනිය මලනුවන්ට ඇසෙන සේ කීවේ සුනිලාට නිවන් සැප ලබා දෙනවා හා සිතුවිල්ලක්ද ලබා දෙමිනි..බාරිගෙන් මෙලෙස කොලපාටට දිස් වු එලිය තමුන් සම්බන්දයෙන් මෙතෙක් කලක් බාරියාව ලබා දුන් ලකුනුවල ඉහලම අගය බව සුනිලාට සහසුද්දෙන්ම දැනේ.
සුනිලාට පපුව පැලෙනා තරමටම සන්තෝසය.
කතන්දර නැත.මස්සිනාද සුනිලාටම කියාපු එකෙකි.එය හොදින්ම දන්නා සුනිලා හෙමින් සීරුවේ මස්සිනා ලගට ගොස් "එහෙනම් මල්ලි බාර් එක ලගට දුවලා එමු"දැයි ඇසුවේ ඇසකුත් ගසමිනි.
මස්සිනාද හෙල්මටයද රැගෙන එක පයින් ගමනට සූදානම්ව මිදුලට බැස්ස මුත් එකවර කෑ ගසන්නට විය.
"අයියේ..අක්කේ..අක්කේ ...මෙතන නවත්තලා තිබුන මගේ බයිසිකලය නෑ....."
"අම්මට සිරි...ගහපල්ලකො කලාබර "යැයි සුනිලාට කියවුනේ කලුමහත්තයාගේ කඩය ලග දමා ආ මස්සිනාගේ බයිසිකලය සිහිවීමෙනි.




1 comment:

  1. පුදුම වෙන්න දෙයක් නෑ... දඟයනේ උපදෙස් දුන්නේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...