10.10.13

ලැන්ඩා...

සුට්ටන් කතාවක් ලියන්ට කියලා හිතුනා....
හිතුනට මොකෑ ගැනද ලියන්නේ....
පතරංග ජාතකයද මොකක්ද එක ගැනවත් ලියන්ට ඕනා කියලා හිත දමනය කොරාලා ලියන්ට පටන් ගත්තාම තමයි මතක් වෙන්නේ අතීත සිද්දි...

දඟයා විස්ස විජ්ජාලයට යන්නට මාන බලනා කාලෙදි එකතු වෙලා හිටිය කස්ටිය නම් පුදුමාකාර ගුන යහපත් කස්ටියක්.වෙනස් විදිහකට ලෝකය දකින්ට,වෙනස් දේවල් කොරන්ට,හරිම දැවිල්ලක් මේ අසරනයෝ කස්ටියටම තිබුනා...
ලංකාවේ කොහේ හරි දීපන්කරයක සික්ස් සයිඩ් කිරිකට් මැච් එකක් තිබුන දවසකට ඇරෙන්ට අනිත් හැම දවසකම උදේ පාන්දරින්ම නිදා ගැනිම මේ අහිංසක අසරනයන්ගේ දින චර්යාවේ කොටසක්.
ඉර අව්ව බැහැගෙන යන වෙලාවට ඇහැරිලා බත් පිගන් දෙකක් විතර වලදලා කස්ටියත් එක්ක ග්‍රවුන්ඩ් එකට ගොස් හවස හය විතර වන තෙක් කිරිකට් ගසා නැවතත් විදුලි ආලෝක දාරා මැද රෑ අට පමන වන තෙක් ලෝක බෝලයක් වගේ බෝලයකට පයින් ගහන එක මේ පූස් පැටවුන්ගේ දවසේ අනිවාර්යම අංගයක්.
රෑ අටට නමයට පමන ග්‍රවුන්ඩ් එක ලගම තියෙන පින් ලිදට පැන නාගෙන,ලෙස්ලියාගේ කඩයෙන් නයට රොටි පහක් පමන වැඩිපුර එකතුකෙරූ කොත්තුවක් කා බඩ ගල් කොරගෙන ගෙදර දුවන්නේ රෑ එලිවනතුරු මලගෙයක පාලු කැපීමට යාමට ගෙදරින් අවසර ගන්නයි.
හැමදාම රෑය පහන් කිරීමට මල ගෙයක්,දාන ගෙයක්,හෝ මොනයම්ම මගුලක් දඟයා ඇතුලු අහිංසක යාලුවන් පිරිසට තිබුනා.
කොහොමින් කොහොම හරි මහ රෑ ගෙදරින් එලියට පැන ගන්නා දඟ නඩය මල ගෙවල් වල නිදි වැරිම,බැනර් ඇදීම වගේ යහපත් කටයුතු මෙන්ම,ගමේ ගස්වල වැඩිපුර ඇති කුරුම්බා බෑම,දඟ නඩය ගැන ගෙවල් වලට ගතු කියු අම්මන්ඩිලාගේ ගෙවල්වල වහලයන්ට බොරලු හෝ වැලි ගැසීම වගේ අපායේ සැප ලැබෙනා කටයුතුද කලා.කාලයේ ඇවෑමෙන්, දඟ කල්ලියේ කටයුතු පිලිබදව අවට ගම් දනව් පුරාද විශාල ප්‍රසාදයක් ලැබුනා.මේ ප්‍රසිද්දිය නිසාම අහල ගම් දහ අටේම ඉන්නා නසරානිම කොලු ගැටව් සියලුදෙනාම දඟකල්ලියේ සාමාජිකත්වය ලබා ගන්න පොර කෑවා..

සුදුසුකම් සපුරා දඟකල්ලියේ සාමාජිකත්වය ලබාගත් සුපිරි කොලු ගැටයෙක් තමයි "ලැන්ඩා" කියන්නෙත්.දඟයාට වඩා අවුරුදු හතරක් පමන වයසින් බාල උනාට ලැන්ඩාගේ වැඩ නම් දඟයාටත් වඩා අවුරුදු දහයක් පමන වැඩිමහල් කෙනෙකුගේ වගේ. 

යාලුවෙකුගේ හුටු හුටුවක පස්සේ එල්ලිලා යනවා හැර,ලැන්ඩාට අද වනතුරු දඩුමොනරෙක් නම් නෑ..නමුත් වෙසක් කාලයට තොරනක් ලගදි දුටුවොත් අනිවාර්යයෙන්ම ලැන්ඩා අතේ හෙල්මට් එකක් නම් දැකගන්ට පුලුවන්.මූගේ අතේ තියෙන හෙල්මට් එකත් වටිනා සුපිරිම එකක්. (පරම්පරාවේ එකෙකුටවත් බයිසිකලයක් නැතිව හෙල්මට් එකක් ගත්ත එකම එකා ලැන්ඩා වෙන්න ඇති) කතන්දරය නොදන්නා,ලැන්ඩාව අදුරන කෙනෙකු තොරනක්,දන්සලක් ලගකදී හමුවුවහොත් අප්පච්චි අලුතෙන් අරන් දුන් C.B.R එකේ වෙසක් බලන්නට යන බව පවසමින් සාක්කුවේ දාගෙන පැමිනි ග්ලව්ස් දෙක අතට ගැනීම ලැන්ඩාටම විශේෂිත කලා හැකියාවක්..එමෙන්ම බයිසිකලය සන්බන්දයෙන් ලැන්ඩාටම ආවේනික කතන්දරයකුත් ලැන්ඩා සතු උනා.
"අප්පච්චි මේ පාර රට ඉදලා ඇවිල්ලා අලුතෙන් C.B.R එකක් අරන් දුන්නා.ලක්ශ අටක් විතර ගියා.මිනිස්සු කෑලි ගලවන නිසා ටිකක් එහායින් යාලුවෙක්ගේ ගෙදර නවත්තලා ආවා..බ්ලා..බ්ලා..."
එසේ ලොකු මාන්නයෙන් තමන් ගැන කතා කරන ලැන්ඩා වෙසක් බැලීමට රෑ එලිවනතෙක් කකුල් ගෙවෙනකන් පයින් ඇවිදිනා බව දන්නේ ලැන්ඩාගේ ලගම මිතුරන් පමනයි. :P
දිනක් කිරිකට් මැච් එකක් ගැසිමට යන ගමන් ලැන්ඩා,දඟයාගෙන් අපූරු පුරස්නයක් ඇසුවා.
"දඟ අයියා දන්නවාද චීන්නු කිරිකට් ගහන් නැත්තේ ඇයි කියලා"

දඟයා: "අඩේ චීන්නු කිරිකට් ගහන් නැද්ද? කියහන් බලන්න ඇයි කියලා"

ලැන්ඩා: "අවුට් වුනේ කවුද කියලා හොයාගන්න බැරි නිසා.ඇයි මුන් හැම එකාම එක වගේනේ..
ඔක්කොම උන්ගේ මූනු බෝලයක් වගේ..කිසි වෙනසක් නෑ" :)  :)

වත් දිනෙක දඟයා,දඟපිරිවෙර සමග කෙලිසෙල්ලම් සදහා ග්‍රවුන්ඩ් එකට යමින් සිටිනාතර හුටු..හුටු ගාමින් මේට් වර්ගයේ මෝටර් සයිකලයක් දඟයාව පසුකර ගියා.මේට් බයිසිකලය පිටුපස සිටියේ ලැන්ඩායි.
ලැන්ඩාගේ මූන මැලවී තිබුනමුත් දඟයා දුටු පමනින් ලැන්ඩාගේ මූන වොට් පන්සීයක බල්බ් එකක් වගේ දිලිසෙන්න ගත්තා.
"දඟ අයියේ...දඟ අයියේ අපේ ආච්චි මලා. . . .අද රෑටත් ෆුල් පිස්සු හොදේ..ෂුවර් එකට රෑ දහය වෙනකොට සැට් එකම එක්කගෙන එන්න හරිද....." 
ලැන්ඩාට වෙනත් කිසිවක් කීමට කාලය ඉතිරි නොකරම බරාස්..ගා බ්‍රෙක් ගසා බයිසිකලය නවත්තා ගත් හුටු හුටුව පදවාගෙන පැමිනි තැනැත්තා,බයිසිකලයෙන් බැස..
"ඈ පර බල්ලෝ..මගේ අම්මගේ මල ගෙදරත් තෝ ජෝගි දාන්නද හදන්නේ.." කියමින් " චටාස් පටාස් "ගා කනේ පහරවල් කීපයක්ම ලැන්ඩාගේ කන් දෙකට පතිත කොලේය.
පසුව දඟයා පිච්චී යන ලෙසට දඟයා දෙස ඔරවා බලා..
"නැගපිය පරයා බයිසිකලයට" කියා හුටු හුටුව පිටුපසට ලැන්ඩාව නන්වාගෙන ගිය අතර ඔහු ලැන්ඩාගේ දයාබර පියතුමා බව පසුව දඟයාට දැනගන්නට ලැබින.:P  :P

3 comments:

  1. athal :D :D pattaa

    yukthi
    anthima peliya

    ReplyDelete
  2. මරු අයියෙ!

    ReplyDelete
  3. ඉතින් උඹලා ඒ මලගේදරත් ගියාද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...