17.10.13

ටියුබ්ලයිටා..

සමහර මිනිසුන් සමාජ සම්මතයෙන් වෙනස් වු වැඩ කරයි.
විටෙක එතුලින් නව අදහස්,නව නිර්මාන බිහි වේ.ජයග්‍රහන ලැබේ.
තවත් විටෙකදී වෙනස් වැඩ කිරීමට ගොස් අනා ගැනීමටද සිදු වේ.
අනාගෙන කෙලවා  ගත් විට පිස්සු වැඩ කොරනවා යැයි කට කැඩුනු කතා ඇසීමටද සිදු වේ.
මිනිසුන් පිස්සු වැඩ කොරනා අයට පිස්සො යැයි කියති.
දකින්නා දකිනාකාරය අනුවද,දකින පුද්ගලයාගේ මානසික මට්ටම අනුවද මනිනාකාරය තීරනය වන නිසා,කෙනෙකු පිස්සෙක් හෝ බුද්දිමතෙක් බවට නිරායාසයෙන්ම පත්වන්නේ ඔහුටත් හොරෙනි.


ඉක්කොලේ යන කාලයේ දඟයාට හරි අපූරු මිතුරන් පිරිසක් සිටියේය.උන්ද ලෝකය උඩු යටිකුරු කොර බලන,මොලේ මාන්දම හැදුනු,අමුම අමු පිස්සු පූසන් රැලකි.
ඔය පිස්සු පූසන් රැලේ ටියුබ්ලයිට් කියා පූසෙක්ද සිටියේය.නමේ පරිසමාර්ත අර්තයෙන්ම මේකා ටික වෙලාවක් ගොස් පත්තුවෙන අන්දමේ එකෙක්ය.පලවෙනිදා කියු දෙය ටියුබ්ලයිටාට තේරුම් යන්නේ දහවෙනිදාය.

බාතිය සහ සන්තුශ් කරලියට පැමිනි මුල් කාලයේ ස්කූල් බසයේ,බජව්වට බාතියලාගේ සින්දුවක්ද චොර කොරනා ලදී.සින්දුව හරිහමන් ආකාරයට ඉවරකොර ගැනීමටද පෙර ටියුබ්ලයිටාට අපූරු පුරස්නයක් ඇතිවෙලා තිබින.ස්කූල් බසයේ සිටි ගැටිස්සියන්ටද ඇසෙනා ලෙස ටියුබ්ලයිටා තම පැනය යහලුවන්ට යොමුකලේ තමන්ගේ දැනුවත්බාවය පෙන්වීමටය.
"මචන්..ඔය සින්දුව කියන්නේ අලුත් එවුන් දෙන්නෙක්.එකෙක් බාතිය සන්තුශ් කියලා ඩයල් එකක්.අනිකාගේ නම නම් තාම හොයනවා...."
බස් එකේ සිටි කෙලි පැටික්කියෝ බහුතරයක් ටියුබ්ලයිටාව හරියාකාරවම අදුනාගත්තේ එදාය..

ටියුබ් ලයිටා පම්පෝරිගැසීමටද උපන් හපනෙකි.පසුකලෙක දැනගත් පරිදි ජම්බු ගහක්වත් නැති ෆ්ලැට් එකක ජීවත් වුනත් නුවර එලියේ අක්කර පහක පෙයාර්ස් වත්තක් අප්පච්චිට ඇති බවත්,අප්පච්චි බිස්නස් එකක් ලෙස පෙයාර්ස් පිටරටට පටවන බවත් ටියුබ් ලයිටා නිතරම පම්පෝරි ගැසීය.
අවුරුද්දේ එක කාලයකදී පාරවල් අයිනේද ගොඩ ගසා පෙයාර්ස් විකුනයි.එවන් කාලයකදී පාරක් අයිනේ ගොඩ ගසා තිබෙන පෙයාර්ස් දුටු තවත් පාපමිත්‍රයෙකු
"මේ පාර වත්තේ පෙයාර්ස් හැදුන් නැද්ද මතන්..යැයි ටියුබ්ලයිටාගෙන් ඇසීය.
"මතන් ...මේ පාරනම් පෙයාර්ස් හැදිලා තියෙනවා....පුදුම හැදිල්ලක්..
මේන් මේ තරම් විතර ඇති...
උබලාට කියන්න අපේ අප්පච්චි බල්ගේරියාවට පටවනවා ලොකු ඉටිකිරිස් පෙයාර්ස් ජාතියක්..
ඒ පෙයාර්ස් ගෙඩියක් කොච්චර ලොකුද කියනවානම් මතන්...,
දුසිමටම අල්ලන්නේ ගෙඩි තුනයි මචන්...."
එතනින් එහාට ටියුබ්ලයිටාට විශාල කේදවාචකයකට මුහුනදීමට සිදු වු අතර,ටියුබ්ලයිටා එදායින් පසුව කිසිදිනෙක පෙයාර්ස් තබා ඇපල්,දොඩම් ගැනවත් කතා කලේ නම් නැත.

අතේ සතේ නැති දිනයකදී උවද ටියුබ්ලයිටාට ඩොනල් මාමාගේ කඩේට හෝ කන්තුකි මාමාගේ කඩේට රින්ගා චිකන් කෑලි කන කෙල්ලන් දිහා බල බලා කෙල ගිලිමින් දුප්පත් අයිස්කෝන් කෑමේ තදබල දැවිල්ලක් විය.මෙසේ අයිස්කිරින් ලෙවකමින් සිටිනා විට ටියුබ්ලයිටා සිතනුයේ තමා ලොකේ ලොකුම පොරක් කියාය.එලිසබෙත් ආන්ටිත්,විලියම් අයියත් එවිට ටියුබ් ලයිටාගේ ලගම ලේ නෑයන් බවට පත් වේ.
එලෙස සිටි දිනෙක අදාල ස්තානයේ ඇති කූල් එකට ඔලුව පෙගී,මොලය නරක් වී "නංගිගේ උපන්දිනයට පීසාහට් කෑවා" යැයි කියා බොග නා ගත්තේ අප සියලු දෙනාම පීසා කෑ හැකි නමුත් පීසාහට් එකක් කෑ හැකි බව හොදාකාරයෙන්ම දන්නා නිසාය.

එක කාලයකදී ටියුබ්ලයිටාටද ලව්මාන්දම තදබල ලෙසටම වැලදිනි.
ශරීරයේ නොපෙන්විය යුතු ස්තානයන්ද වඩාත් පෙන්නාගෙන ස්කූල් බස් එකේ යන මේ සුකුරුත්තමේද නට් සහ බෝල්ට් ඇන මාරු වී ඇති බව ටියුබ් ලයිටා ඇරෙන්නට අනිත් සියල්ලෝම දැන සිටියහ.

ටියුබ්ලයිටා,සුකුරුත්තමට වඩා අඟල් තුනක් පමන කොට විය.අඟල් කීපයක් උස සපත්තු දෙකක්ද දමාගෙන මාස ගනනාවක් සෙම හැලුවද සුකුරුත්තම තම ආදර විජිතයට නොඑනා බව දැනගත් ටියුබ්ලයිටා,මිතුරු උතුමන්ලාගෙන් උපදෙස් ඉල්ලා අඩා වැලපෙන්නට විය.
තම දයාබර මෑනියන්දෑගේ වලල්ලකට වගකියා මිත්තරයන් හට බෝතල් පූජාවක්ද කර ඉතිරි මුදලින් ප්ලෑනට උවමනා වෑන් එකක්ද ටියුබ් ලයිටා සපයාගත්තේ,ආදර ප්‍රාර්තනා ටොන් ගනනින් පොදි බැදගෙනය.
ප්ලෑනේ හැටියට සුකුරුත්තම ක්ලාස් ඇරී ගෙදර යන පාරේදී කොල්ලෝ පිරිසකගේ නොමනා විහිලුතහලුවන්ට හසුවේ.අදාල අවස්තාවේ අහන්බයෙන් සිද්දියට එන්ටර් ද ඩ්‍රැගන් වන ටියුබ්ලයිටා තම පෙම්බරියව කොල්ලන්ගෙන් බේරා ගැනීමට උත්සාහ කොරයි.කොල්ලෝ පිරිස වැඩි නිසා ටියුබ්ලයිටා සුකුරුත්තම සමග සුකුරුත්තමගේ ගෙදර ඇතුලට පසු බසී...ඉන් පසුව සුකුරුත්තමගේ වීරයා වන්නේ ටියුබ්ලයිටාය.
නියම කොරගත් දිනයේදි ජැන්ඩි හතට ඇඳ ටියුබ්ලයිටා ගුටි කන්නට සූදානම්ව ස්තානගතව සිටියේය.දඟයා ඇතුලු චග්ගෝලයන්ද කලු ඇදගෙන,තොප්පි දමා,නපුරු පෙනුමන් මවාගෙන අවට ගැවසෙමින් පැලෑනට අනුව හැඩ ගැසී සිටියේය.
සුකුරුත්තමද සුපුරුදු පරිදි ලැසි ගමනින් ගෙවල් දෙසට පාවෙමින් සිටිනා කල්හි දඟ සැට් එකේ ගොබිලෙක් සුකුරුත්තමගේ කොන්ඩ පටියෙන් ඇද්දේය.
"අඩෝ කල්පයා ඔය කොන්ඩ පටිය දීහන්" කියාගෙන ටියුබ්ලයිටා ගේමට ඇන්ටොර් විය.
සට පට!@#$%&~* හඩින් මයියොක්කා දඩු ටියුබ්ලයිටාගේ පිට හරහා,පිට කිස්කමින් ඇදී ගියේය....
ඊ ලගට බටලයිටාට තිබෙනුයේ සුකුරුත්තමද ඇදගෙන ගේ අතුලට දිවීමය..ඊට පෙර සුකුරුත්තම කෑ ගසන්නට වුවාය.
"අම්මි..අර පිස්සයි...පිස්සගේ යාලුවෝ කට්ටියයි ඇවිත් පිස්සු නටනෝ...
ඉක්මනට තාත්තිට එන්ට කියන්ටො....."
ටියුබ්ලයිටා "කල්පයා" ලෙස නම කියමින් එතනට කඩන් පාත්වුන නිසා,සුකුරුත්තම අපව අදුනාගත් බව දැනගත් දඟකල්ලිය ඇගබේරා ගැනීම සදහා පලායාමට සූදානම්ව තිබුන වෑන් එකට නැග පලාගිය අතර,වීරයා චරිතයයට පන පෙවු ටියුබ්ලයිටාද,වීරචරිතය පැත්තකට දමා තම පන බේරාගන්නට අප සමගම වෑන් එකට නැගගෙන තිබින.

සා.පෙල විශිශ්ට සම්මාන නමයක්ද සහිතව ඉහලින්ම සමත් වුන ටියුබ්ලයිටා,උසස් පෙල පෙල විබාගය දෙවරක්ම අනාගත්තේය.අවම වශයෙන් සාමාර්තයක්වත් ලබා ගත්තේ නැත.
කාලයාගේ ඇවෑමෙන් විශාල වියදමක් දරා ජපන් රටට නැව් නැගුන
ද,ටියුබ්ලයිටාට මාසයක්වත් සකුරා මල් බලන්නට වරම් ලැබුනේ නැත.ලක් ගනනාවක් වියදන් කර ජපන් රටට ගොස් රුපියල් තිස්පන්දාහක ජන්ගමයෙක් හොරකන් කර එරට පොලෝසියට අසුව ටියුබ්ලයිටාට හැරන තැපෑලෙන් ලන්කාවට එන්නට සිදු විය.

එවන් වීර ක්‍රියා රැසකදී පන බේරාගත් ටියුබ්ලයිටා දැනුදු දඟයාගේ පරම මිතුරෙක් නමුදු දඟයා දැනුදු කල්පනා කරනුයේ සා.පෙ විශිෂ්ට සම්මාන නමයක් ගෙන උ.පෙල නා ගත් ටියුබ්ලයිටා පිස්සෙක්ද ,නෝඑසේනම් බුද්දිමතෙක්ද යන්නයි.

1 comment:

  1. උඹලා ඌට නියම තැන දීලා නෑ. බලහං දුසිමකට ගෙඩි තුනක් ගානේ දුසිමකින් දුසිම් කියක් උට හදන්න පුලුවන්ද කියලා. උඹලට පුලුවන්ද එහෙම දෙයක් කරන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...