9.10.13

ජීවිත පරිත්‍රාගය....


සමහරක්ට කාලා බීලා තෙල වැඩි උනාම,තෙල බස්සාගන්න එක එක එව්වා කොරන්න හිතෙනවා.
සමහර උන් ජිම් යනවා.තවත් උන් පීනන්න යනවා.....
තවත් අය ඇවිදිනවා.(දැන් ලංකාව සමුර්දිමත් නිසා මහරජතුමා ලංකාවේ කස්ටියට ඇවිදින්න  ඕනා තරම් Walking Track හදලානේ තියෙන්නේ)
ඔව්වාත් කොරලා තෙල බස්සාගන්න බැරි උන් තවත් එක එක සෙල්ලන් කොරනවා....
කාමමිත්තාචාරයේ ඕනාවටත් වඩා යෙදෙනවා...
(අහින්සකයෙන් නම් ඉතින් හස්ත කර්මාන්තය තමයි )
කදු නගිනවා...පල්ලන් බහිනවා....තව තව එව්වා ගොඩ්ඩායි......

Warm Up එකට බයිලා ටිකක් ගැහුවේ.කතාව වෙන එකක්. ...

ඔන්න ඉතින් එකමත් එක රටක,එකමත් එක කාලෙක අපේ ඇම්ඩන් මාමාත් බඩජහරි කමට කලා කාලා....කාලා කාලා හොදටම බඩ පුම්බාගෙන උන්නාලු.හරියටම කීවොත් අල ගෙඩියකට ඉරටු දෙකක් ගහලා වගේලු ඇම්ඩාගේ හැඩ රුව.
ඒ මදිවාට කොලොස්ටරෝල්,සුගර් හාරසිය ගානට නැගලා.
මූන කලුවෙලා...ගොක්කොල,කුරුස පේන නොපෙනෙන ගානටම කිට්ටුයි..
ඇම්ඩාට හෙන අවුල්ලු.අනික ඔය ලෙඩ දුක්ද,අරවද මේවද ඔක්කෝටම වඩා අවුල ඇම්ඩිගෙ කුරු කුරුවලු.
උදේ නැගිට්ට වෙලාවේ ඉදලාම බඩ බස්සාගන්න...බස්සාගන්න කියන එකමලු වැඩේ.
(බඩේ බඩ වදිනවාද දන්නෙත් නෑ)
ඔන්න ඉතින් ඇම්ඩිගෙන් බේරෙන්න බැරින්ම තැන ඇම්ඩා ගියාලු දියවන්නාව අයිනේ තියෙන Walking Track එකේ ඇවිදින්න.(ආශ්චර්යම් පේන්න හදපු එක තමයි)
ඉතින්,හවසට හවසට ඇම්ඩා දියවන්නාව අයිනේ ඇවිදිනවාලු.
ඔහොම කාලයක් ඇවිදිනකොට බඩ බස්සාගන්න ඇවිදින තව යාලු මිත්තරයෝ ටිකකුත් ඇම්ඩාට සැට් උනාලු.මුලදි මුලදි බඩ බහින්න ඇවිදලා හවසට බියර් එකක් ගහලා මාරු උන මේ වයසක බඩාල සැට් එක,පහු පහු වෙනකොට සමිතියකුත් පිහිටුවා ගත්තාලු "බඩ සමිතිය"කියලා.
වැඩේ කියන්නේ බඩ සමිතියේ සබාපති වුනෙත් අපේ ඇම්ඩාමයි..
ඉතින් දැහැමින් සෙමින් කාලය ගත වෙලා යන අතහරතුරේ බඩ සමිතියේ සාමාජිකයන්ගේ බඩත් හොදටම අඩු වෙලා. කයිය ගගහා දවස ගානේම ඇවිදින නිසා.බඩ අඩු උනත් සමිතියේ කස්ටිය හවසට ඇවිදින එක නතර කොලේ නෑ.කිලෝමීටර අටක් විතර ඇවිදලා, හවසට බියර් එකක්  එහෙම ගහලා තමයිලු කස්ටිය විසිර යන්නේ.
බඩ සමිතියේ කස්ටිය එක දවසක් ඔහොම බියර්  ගගහා ඉන්නකොට සමිතියේ ගරු බාන්ඩාගාරික සුගතන් උන්නැහේගේ ටිකිරි මොලයට ටිකිරි අදහසක් පහල උනාලු.
සුගතන් උන්නැහේගේ ටිකිරි අදහස උනේ,ඇවිදලා බඩ අඩු කොරගෙන නිරෝගී සම්පත උදා කොරගත් බඩ සමිතියේ සාමාජිකයන්,තම ශක්තිය බාර්යාවන්ට පෙන්විය යුතුය යන්නයි.
කොතනත් සිදුවනා අකාරයට ගජමෑන් සුගතන්ගේ අදහසට විරුද්ද වුවද අනිත් සියලු දෙනාම එම අදහසට එක හෙලා කැමැත්ත පරකාශ කලා.
බිරින්දෑවරුන්ට පේන්ටම බහිරවකන්ද නැගිය යුතු බව ඇම්ඩාගේ අදහස විය.වඩාත් ශබ්දයෙන් අත්පොලසන් නාදයක් දුන් ගැටයා ඉහලින්ම ඇම්ඩාගේ යෝජනාව ස්තීර කොරනා ලදී.
(ඇම්ඩා කුමක් කීවද මහ හඩින් අත්පොලසන් ගැසීම ගැටයාට පුරුද්දට ගොස් තිබින)

කතිකා කොරගත් පරිදි බඩ සමිතියේ පිරිස බහිරවකන්ද තරනය කරන දින උදා විය.ඇම්ඩා ඇතුලු පිරිස කන්ද නගින්නට උන අතර සමිති සාමාජිකයන්ගේ බිරිදෑවරුන් පිරිසද බඩ සාමාජිකයන්ගේ දස්කම් බලා ගැනීමට බහිරවකන්ද පාමුල රැස්ව සිටියහ.
බහිරවකන්ද මහගිරිදඹ මෙන් වඩාත් තද බෑවුමකින් යුතු අඩි පන්සීයක් පමන උස නැගීමට වඩාත් අපහසු කන්දකි.එම කාරනය නිසාම කදු නැගීමට රුසියෙකු වන සේතන්වද ,සුගතන් විසින් කදු නැගීමට එක්කාසු කොරගෙන තිබින.
ඇම්ඩන්,සුගතන්, සහ ගැටයා තම බිරින්දෑවරුන්ට තම පුරුෂ ශක්තිය පෙන්වීමටත්,කැපී පෙනීමටත් ඉදිරියෙන්ම යමින් කන්ද තරනයේ යෙදින.ඔවුනට පිටු පසින් මහත කබයක්ද රැගෙන සේතන් ගිය අතර සුපුරුදු බැරි බැරියාවම දමමින් ගජමෑන්ද ඔවුන් පසු පස විය.
කන්ද බාගයක් පමන නගිනාවිටදී වීරයන්ගේ වේගයද කෙමෙන් අඩු වු අතර ඉහලට නැගීමේ අපහසුතාවය වැඩි විය.සේතන් පමනක් කදු නැගීම පටන් ගත් ආකාරයටම කදු තරනයේ යෙදින.
ගජමෑන්ගේ අඩවැඩියාව වැඩිව තිබින.ගජමෑන් අඩි දහයෙන් දහයට මෙවන් යෝජනාවක් කිරීම සම්බන්දයෙන් සුගතන් හට දෙහිකපමින් අදෝනා දෙන්නට විය.
කොහොමින් කොහොම හරි කන්දේ අවසානයට සියලු දෙනාම ලන්ව තිබුන අතර අවසාන කොටස වඩාත් තාසජනක තත්වයකින් නැගිය යුතු බවක් පෙනින.
තමන් කොරගත් ගොන්කම සියලුම දෙනාට වැටහෙමින් තිබින.පහල බිරින්දෑවරුන් ඇස් ටීක් බෝල කොරගෙන තම තමන්ගේ වීරයන් දෙස බලා සිටියි.
කන්ද නැගීමට පෙර ආදරීයන්ට දුන් පොරටෝක් වල හැටියට නැවත හැරිමටද බැරිය.
කියු දේවල් වෙනස් කොර,අවමන් වීදීනවාට වඩා වඩා කන්දෙන් පැන මිය යාම සැපදායකය..
බල මාලු කෑවානම් දිරවාගනින් බලලෝ මෙනි.
කන්දේ ඉහලම කොටසට යාමට ගල් දෙබොක්කාවක් හරහා යා යුතුය.
සේතන් තමන් රැගෙන ආ මහත කඹයට කොක්කක් සවි කොර ගල් දෙබොක්කාවේ  අනෙක් කෙලවරේ ඇති ගලක පැටලෙන ලෙස විසික් කර අනෙක් කොන ගසක බැන්දේය.
කබය දෙතුන් පාරක් බර කර බැලු සේතන් කඹය ගැලනොවෙනා බව තහවුරු කොරගෙන
"කවුද ඉස්සර වෙන්නේ "යැයි විමසීය...
කඹය දෙසත්,ගල් දෙබොක්කාවෙන් පෙනෙනා පහල ප්‍රපාතය දෙසත් කිහිපවරක් බැලු ගජමෑන්ව එතනම බිම ඉන්දවිනි.
"උබලා ඕන මගුලක් කොර ගනිල්ලා..මම නම් මෙතනින් එහාට තව අඩියක්වත් තියන් නෑ" යැයි කදු තරනයට ගජමෑන් තිත තැබීය.සියලු දෙනාටම තත්වයේ බරපතල බව තේරී තිබූ නිසා කවුරුවත්ම ගජමෑන්ට බල කිරිමට ගියේද නැත.

ජීවත් උනත් ලෝකයට සත පහක වැඩක් නැති බව දන්නා ඇම්ඩා.......
"හරි..මම මුලින්ම යන්නම්"යැයි කියමින් කඹයේ එල්ලී ගල් දෙබොක්කාවේ අනෙක් කොනට යාමට පටන් ගත්තේය..
සුපුරුදු පරිදි අත් පොලසන් ගසා ඇම්ඩාගේ වීර කිරියාව වර්නනා කල ගැටයාද ලනුවේ එල්ලි ඇම්ඩා පසුපස යන්නට විය.
සුගතන්ද ඇම්ඩා සහ ගැටයා පසුපස වැටිනි.
"දෙබොක්කාව පහු වෙනකම් පහල එහෙම බලනවා නෙමෙයි" කියමින් සේතන්ද අවසාන වශයෙන් කඹය දිගේ බඩගාන්නට විය.
සුගතන්ට  සේතන් කියු  අවසාන කොටස් හරියාකාරව නෑසින.
පහල ප්‍රපාතය දෙස බෙල්ල හරවා බැලු සුගතන් මරන බියෙන් ගැහෙන්නට වුයේ දියෙන් ගොඩට විසි කල කාවයියෙකු මෙනි.
සුගතාගේ,වෙව්ලිල්ලට කඹයද ඔන්චිල්ලාවක් මෙන් පැද්දෙන්නට විය.
පැද්දිල්ල නිසා වැඩි බරක් කඹයටද දැනින.පොටවල් හතරකින් සමන්විතව තිබු කබයේ එක් පොටක් කැඩී කඹය ලිහෙන්නට විය.වෙන්නට යන දෙය දැනුන කදු නැග පුරුදු සේතන්වද දහඩියෙන් නැහැව ගොස්ය.
විදානාත්මක හඩින් කට හැසිරවීමට ගත් සේතන්
"ඔක්කමලා අහගන්නවාලා...මේ කඹයට දැන් හතර දෙනෙක්ගේ බර දරන්න අමාරුයි.හතර දෙනාම එල්ලිලා හිටියොත් හතර දෙනාටම මැරෙන්න තමයි වෙන්නේ.ඒක නිසා ස්වෙච්චාවෙන් කබය අතෑරලා,ජීවිත තුනක් බේරා ගන්න,කාට හරිම ජීවිතය පූජා කොරන්ට වෙනවා"
"අනේ බුදු අප්පච්චියේ ,එන සතියේ මගේ පැන්සොන් එක ගන්න යන්න තියෙනො.මට නම් කබය අතාරින්න බෑ"කියමින් ගැටයා බෙරිහන් දෙන්නට විය.
සුගතාට ගැහෙනවා මිස කතා කොරගැනීමටද බැරිය.සේතන්ටද බිලි වීමට නොහැක්කේ ඉතිරි අයව බේරාගෙන පහලට ගෙනයාමට සේතා සිටිය යුතුම බැවින.
ඇස් දෙක වසාගෙන විශාල හුස්මක් ඉහලට ඇදගත් ඇම්ඩා
"බඩ සමිතියේ මාගේ අති ජාත මිත්තරයන් වෙනුවෙන් සමිතියේ සබාපති විදිහට අද මම මගේ ජීවිතය පූජා කරනවා" කියමින් ගැටයා දෙස බැලීය.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇම්ඩා තමන් දෙස බලනවා දුටු ගැටයා ,යහලුවන් වෙනුවෙන් දිවි පුදනා බඩ සමිතියේ සබාපති තුමාට අවසන් උත්තමාචාරය ලබා දෙනු සදහා
"මෙන්න රත්තරන් මිනිස්සු"කියමින් මහ හඩින් අත් පොලසන් ගැසීමට හැදුවා පමනි.





1 comment:

  1. අඩෝ මම නැති දවස් ටිකේ උඹ කතා හෙන ගොඩක් දාලනේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...