24.10.13

බලාපොරොත්තු...

ජීවිතයක් ඇතිනම්,
හදවත ගැහෙනවා නම්...
ප්‍රාර්තනාවන් අනිවාර්යම දෙයක්.
ප්‍රාර්තනාවන්ට අපේක්ෂාවන්,එහෙමත් නැතිනම් බලාපොරොත්තු කියලා කියන්නත් පුලුවන්.
අපි හැමෝටම විවිද බලාපොරොත්තු තියෙනවා. 

කාලයෙන් කාලයට බලාපොරොත්තු වෙනස් වෙනවා... 

කෙනාගෙන් කෙනාටත් බලාපොරොත්තු වෙනස් වෙනවා...

දඟයාගේ චුට්ටිම කාලේ තිබ්බ බලාපොරොත්තුව තමයි කොහෝම හරි කොරලා මවුන්ටන් බයිසිකලයක් ගන්න එක.
හැබැයි ඕනා උනේ ඒ කාලේ තිබ්බ සුපිරිම මවුන්ටන් බයිසිකලය.ස්පිඩෝ මීටර් බයිසිකල් වලට ආපු මුල් කාලේම එහෙම ගැජට් එකක් හයි කොරපු ශොකැබ්ෂෝබර් තියෙන මවුන්ටන් බයිකලයක්  ගන්න තිබුන දැවිල්ලට දඟයා නොකරපු දෙයක් නෑ.
ඒ කාලේ මවුන්ටන් බයිසිකලයක් ගන්නා එක දඟයාට සිහිනයක් උනාට දැන් නම් ඒක සිහිනයක් නෙවෙයි.දැන් හිතුවාද ගන්න පුලුවන්.
දැන් දඟයාගේ සිහිනය ඉවොක් රේන්ජ් රෝවර් එකක් ගන්න.



දැන් දඟයා හැමදාම පාරේ යන ඉවොක් දිහා බලලා හූල්ලනවා...
හැබැයි කවදා මේ සිහිනය සැබෑ වෙයිද කියලා නම් දඟයා දන් නෑ.

සිහින දැකීමෙන් හා සිහිනයන් පසුපස උත්සහවන්තව හබායාමෙන් සිහින සැබෑ කරගත හැක කියන උදාන වාක්කිය අදහන දඟයාට මේ ආත්මේදීම මිලියන දාහතක් විටිනා ඉවොක් රේන්ජ් රෝවර් එකක් ගන්නට ලැබේවා...!!!

ඔන්න ඕකට තමයි කියන්නේ කාලයෙන් කාලයට  බලාපොරොත්තු වෙනස් වෙනවා කියලා.

දුප්පත් දඟයාගේ දුප්පත් බලාපොරොත්තුව ඉවොක් රේන්ජ් රෝවර් එකක් උනාට ලංකාවේ ඇමතිකෙනෙක්ගේ පුත්තර රත්නයකට,නැතිනම් රාජ කුමාරවරු ටිකට ඕක හරිම සිම්පල් ප්ලෑන් එකක්.
එයාලට තියෙන්නේ ජෙට් එකක් ගන්න,එහෙමත් නැතිනම්,තරු පහේ නැවක් ගන්න වගේ බලාපොරොත්තු.


හැබැයි අපි කාටත් අමතක දෙයක් තියෙනවා.එදිනෙදා කෑම වේල හොයාගන්න බැරීව,පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරිව,දවසේ පන ගැටගගන්න නැතිනම් බඩගින්නේ නොමැරී ජීවත් වෙන්න දගලන කොටසකුත් ලෝකයේ ඉන්නවා.එයාලගේ ලොකුම බලාපොරොත්තුව ජීවත් වෙන එක.



ඔන්න ඔහොමයි කෙනාගෙන් කෙනාටත් බලාපොරොත්තු වෙනස් වෙන්නේ..

ඔය කීවේ පොදුවේ හැමෝටම බලපාන හැටියට බලාපොරොත්තු වෙනස්වන විදිහ.
තව තව විදිවලටත් බලාපොරොත්තු වෙනස්වෙනවා...

මිනිසෙකු තනි කලු ටයි පටියක් පැලදීමට බලාපොරොත්තුවනුයේ කූරියා ගසා වැලිගම්පිටි යනවිට පමනි.කලු ටයි පටියක් පැලද,කලු ලෝගුවක් අදිනා නීතීඥයෙකුගේ බලාපොරොත්තුව ඔබ  කරදරයකට පත්ව නඩුවක පැටලෙනවාටය.

නඩුකාරවරයෙකු හෝ පොලිසියේ අයෙකු බලාපොරොත්තු වනුයේ ඔබ අපරාදකාරයෙකු හෝ හොරෙකු වනවාටය.

ගුරුවරයෙකුගේ බලාපොරොත්තුව ඔබ ගොං මෝඩයෙකුව මෙලොව උපත ලබනවාටය.

මල් ශාලා අයිතිකරුවෙකුගේ මල් මල් බලාපොරොත්තුව වන්නේ ඔබ ඉක්මනින්ම කූරියා ගැසීමය.

ඩොකෙකුගේ ඒකායන පැතුම වන්නේ ඔබ අනතුරකට ලක්ව ඔබගේ හතරහන්දි කැඩෙනවාය.නැතහොත් මාරාන්තික රෝගයක් වැලදෙනවාටය.

ඉහත සදහන් සියලුදෙනාම ඔබගේ අගතිය බලාපොරොත්තු වූවද... 
ඔබව ධනවතෙක් වනවා හා ධන සම්පතින් සරු වනවා  දැකීමට බලාපොරොත්තු වන්නෝද ඇත.

ඔබ ධන සම්පතින් සරුවනවා දැකීම බලාපොරොත්තුවන්නේ පට්ට පල් හොරුන්ය.

දිනක් මෙඩිකල් කොලීජියේ වෙන්න ඩොකාලා හතරදෙනෙක් සෙට් වෙලා හීනියට අඩියක් ගසමින් වන් හුන් කතා කරමින් සිටිනා වෙලාවක තම තමන් ඉදිරියේදී බලාපොරොත්තුවන්නේ කුමන රෝගීන්  ඔපරේට් කිරිමටද  යන වග සංබන්දයෙන් පුංචි පුරස්නයක් ඇතිවිය.

වෙන්න ඩොකෙකුගේ වැඩි බලාපොරොත්තුව පුස්තකාලාදිපතියන්ව ඔපරේට් කිරිමටය.
ඔහුගේ කැමැත්ත පුස්තකාලාදිපතිලාට හිමි වුයේ පුස්තකාලාදිපතිලාගේ ඇගේ අවයවයන්ද ආකරාදී පිලිවෙලට ලෙහෙසියෙන් සොයාගත හැකි පරිදි පිහිටීමය.
අනෙක් වෙන්න ඩොකා බලාපොරොත්තු වුයේ ගණකාධිකාරීවරු  වැඩිපුර ඔපරේට් කිරිමටය.ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දා පිලිවෙලට තිබීම ඔහුගේ කැමැත්තට හේතුව විය.
තෙවැන්නාගේ බලාපොරොත්තු  විදුලි ඉංජිනේරුවන්ව ඔපරේට්  කිරිමටය.විදුලි ඉංජිනේරුවන්ගේ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් මා පිලිවෙලකට තිබීම ඔහුගේ කැමැත්තේ රහස විය.
පුරස්නය විමසූ වෙන්න ඩොකාගේ බලාපොරොත්තු වුයේ නීතීඥයන්ව ඔපරේට්  කිරිමය.
එයට හේතුව විමසූ විට ,පිලිතුර ලෙසට වෙන්න ඩොකා කීවේ..
"නීතීඥයන්ට හදවතක් නෑ...,කොන්දකුත් නෑ.., අනික කටයි පුකයි මාරු කරා කියල අවුලකුත් නෑ" කියාය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...