29.10.13

ටියුබ් ලයිටා දෙවන කොටස ටියුබ් ලයිට් කතන්දර ....

දැන් කාලේ ඉන්න ගොයියලා කන කෑමේ අව්ලක්ද,නැතිම්නම් දැන් කාලේ උන් කන තැනයි රෙන තැනයි...සොරි,කාලා පිට කොරන තැනයි මාරු කොරගෙන කාපුවා පිටකොරනා තැනින් කන නිසාද මන්දා හරියාකාරව කිසි දෙයක් තේරුම් ගන් නෑ.:P
ටියුබ් ලයිට් එකේ හොදම වර්ගයේ උන් තමයි දැන් කාලේ ඉන්නේ.:unsure: 

මේ ලගදී දවසක දඟයා ගියා දඟයාගේ යාලුවෙකුගේ ගෙදර.

ගෙදර ගේට්ටුව වහලා තිබුනේ.හැබැයි ලොක් කොරලා නෑ.
දෙතුන් පාරක් යාලුවාගේ නම කියලා කතා කොලා.කිසිම ප්‍රතිචාරයක් නෑ.
ගෙදර උදවියව හොදින් දන්නා නිසා දඟයා ගේට්ටුව ඇරගෙන ඇතුලට ගියා.
ජනේල එහෙමත් වහලා.ගෙදර කවුරුවත්ම නෑ වගේ පෙනුනත්,කෝකටත් කියලා ,දොරට තට්ටු කොරලා බලන්ට ඕනා කියලා දඟයාට හිතුනා.
දොර ලගට යනකොට දොරේ මොකක්දෝ දැන්වීමක් වගේ එකක් එල්ලලා තියෙනවා ....
මුන් ගෙවල් අතෑරලා,වෙන කොහේවත් පදින්චියට ගිහින්වත්ද කියලා කියවලා බැලුවා.

මම කුෂාන්ලගේ ගෙදර යනවා.

යතුර මාලුටැංකිය යට.

දඟයාගේ බුද්දිමත් මිත්තරයෙකුගේ අති බුද්දිමත් මල්ලිගේ වැඩක්.මෙවන් බුද්දිමතුන් තව තව බිහිවේවා කියලා දොහොත් මුදුන් දීලා වැදගෙනම මම යාලුවාට කෝල් කොරලා විස්තරය කිවුවා.

යාලුවා ඌගේ මල්ලිට බනිනවා හෝ ගාලා..
කලගෙඩියක් වගේ ඔලුවක් තිබුනාට අලගෙඩියක් තරම්වත් මොලයක් නැති එකෙක් කිය කියා....
අනුන්ට බනින එක උනත් අහන් ඉන්න උනාම ඔලුවට කරච්චලයක්.
"මොන හුයන්නක්ද?උබ ඔය ටික මල්ලිටම කියහන්කෝ..."කියලා ජංගමයාව කට් කොරලා,දොරේ අමුනලා තිබුන කොලය ගලවලා ඉරලා විසි කොරලා, දඟයා ආපහු එන්න ආවා.:blink:

ඊලග කතාව නම් දඟයා  කොහේදි හරි අහපු කතාවක්.නැතිනම් ඊයකින් ඇවිදිල්ලා දඟයා කියවපු එකක්.

හරියටම මතකයක් නෑ කොහොමද දඟයාගේ ඔලුවට මේ කතාව ආවේ කියලා නම්.
ඕනා පැනි කොමඩුවක් කියලා ඔන්න ඔහේ ඒ කතාවත් කොටලා දානවා.

ඔය නෙලුම් පොකුන කියන රගහලද මොකක්ද එක හදපු අලුත ඔතනින් යන හැමෝම බැලුවේ නෙලුම් පොකුන රගහල දිහා.කතා උනෙත් ඔය නෙලුම් පොකුන රගහල ගැනම තමයි.

මොකද ඔය කියනා අහවල් ගොඩනැගිල්ල සුවිශේෂ ආකාරයකට, සුවිශේෂ  හැඩයකට නිර්මානය කොරලා තියෙන නිසාම ඔතනින් යන එන කාටත් ඕක කැපිලා පෙනෙනවා.

දවසක් දුර පලාතකින් කොළඹට පාත්වෙච්ච ගොබිලෝ දෙන්නෙක් බස් එකක යනවාලු,බස් එකටම ඇහෙන්න හෙන කයියකුත් ගහගෙන.පෙර ආත්මවල පුවක්ගස් පූජා කරලා උස ගිය පින්වතුන් වගේ,මේ ගොබිලෝ දෙන්නත් ගිය ආත්මේ ගාන්ඨාර පූජාවක් කොරලා මෙලොව ඉපදුන පින්වතුන් දෙන්නෙක්.

ගාන්ඨාර  පූජාවේ පිනෙන්,පින්වතුන් දෙන්නාගේ කටේ සැර කොච්චරද කියනවානම් මුන් කතා කොරනා කතන්දර මුලු කොළඹ රටටම ඇහෙන තරම්.
ඉතින් මේ ගොබිලෝ දෙන්නා යන බස් එකත්  ඔය නෙලුම් පොකුන රගහල ලග නතර කොලාලු,නැගපු මිනිස්සුන්ට බැහැගන්ටත්.බැහැලා ඉන්න මිනිස්සුන්ට නැග ගන්නත්..(බස් එකෙන් හොදේ..වෙන කතාවක් ගැන නෙවෙයි කිවේ)
මොකක්දෝ හෙන කයියක් ගහ ගහ හිටිය ගොබිලෝ දෙන්නාගෙන් එකෙක් කොහොම හරි මේ අලුතෙන් ඉදිකොල අමුතු තාලෙ අට්ටාලය දැකලා...දැක්ක ගමන් බස් එකේ කවුලුවෙන් එලියට බෙල්ලත් දාලා බලලා,අනිත් ගොබිලාට අත දික් කොරලා අට්ටාලය පෙන්නන ගමන් අහනවාලු...
"අප්පද බොල...මේ මොකෑ අලුතින් ගහලා තියෙන බිල්ඩිම.."

"අඩෝ...ඕක තමයි බන් නෙලුම් පොකුන කියන්නේ...යකෝ පහුගිය ටිකේම ටි.වි එකේ ඉස්ම යනකන් පෙන්නුවේ"අනිත් ගොබිලා ලොකු පොරටෝක් එකක් දුන්නා.


" අම්මට සිරි ....... එහෙමද ...!! "
පලමු ගොබිලාගේ ශබ්දය ටිකක් විතර අඩු උනා.


නෙලුම් පොකුන රගහල නොපෙනී යනකන්ම බස් එකේ කවුලුවෙන් බෙල්ල කරකෝ කරකෝ රගහල දෙස බැලූ ගොබිලා... 
"අඩෝ..මම හිතුවේ ඔව්වා ඔක්කෝම හදන්නේ හම්බන්තොට කියලා බන්..."
නෙලුම් රගහල දැක පස්සාගාතයම පූට්ටු වුන ගොබිලාගේ කට නැවතත් ප්‍රානවත්ව ඇති සැටියකි.
" පිස්සුද !! ..ඔය තියෙන්නේ ඒක තමයි "දෙවැනි ගොබිලා තමන්ගේ දැනුවත්බාවය සම්බන්දයෙන් ආඩම්බරව කතා කරයි.
"පට්ටම සිරානේ බන්,නෙලුම් පොකුන නම්...නේ බන්.."ගොබිලා තව තවත් හැරි හැරී බලයි.
එක්වරම යමක් මතකයට නගාගෙන,මුහුන ආලෝකමත් කරගත් ගොබිලා ...
"එතකොට එතනම හදලා තියෙන ලොකු බිල්ඩිම මොකක්ද බන්..."පලමු ගොබිලාගෙන් පොරටෝක් ගොබිලාට තවත් පුරස්නකි.
" මොකා........" පොර ටෝක් ගොබිලා අලුත් පුරස්නයට මොල් වෙලා ගියා .
"මුන් හෙනම හෙන මී හරක් නේ බන්..මෙච්චර තඩි බිල්ඩිමක් ගහලා...පොකුනට විතරක් නමක් දාලා...පිස්සු නේ."ගොබිලා එක දිගටම කියවාගෙන යයි.
පොර ටෝක් දුන්න ගොබිලාද කොරව ගොස් ඇති සෙයකි.:wacko:
විරාත් කෝලියා පලමු පන්දුවෙන්ම අවුට් වුන වෙලාවක මූන බෙරි කොරගත් ඉන්දියන් කාරයෙකු මෙන් ගොබිලා දෙස බලා සිටිය පොරටෝක් ගොබිලා කිසිවක්ම නොකීවේ  සමහරවිටෙක නෙලුම් පොකුනටද වඩා විශාල තවත් ගොඩනැගිල්ලක් නෙලුම් පොකුන රගහල ලගම ඇත්දැයි සැකයක් හට ගත් නිසා වෙන්නට පුලුවන. :P:P

1 comment:

  1. ඉතින් ඒ ගොඩනැගිල්ලේ නම මොකද්ද එතකොට?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...