23.10.13

පොෂ් බඩ්ඩ...

දයානි කියන්නේ මොනරාගලට කිට්ටු ගමකින් මෙයට කාලෙකට කලින් කොලඹ රටට සංක්‍රමණය වෙච්ච ගෑනු පරානයක්.බඩවියත රැකගන්න රස්සාවක් කොරන්ට කියලා කොලඹ රටේ ගෙන්දගම් පොලව පෑගුවාට,පහු පහු වෙනකොට මේ ගෑනිටත් කොලඹ රටේ සුකුරුත්තන් පුයර බබීලගේ පොෂ් උන වැලදුනා.


සැලොන් වලට මාසෙකට හතර පස් සැරයක් ගොඩ වෙලා මූන හම ගහ ගන්න,ඇහැට උඩින් තියෙන ඇහි බැමේ මවිල් ටික උගුල්ලා ගන්න දයානිත් පුරුදු උනා..කොන්ඩෙට පොල්තෙල් ටිකක් ගාලා,මූනට පුයර ටිකක් ගාලා ගමේ හිටිය එකී,මූනේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ගාන්නත් කොන්ඩෙට සිලිකන් ඔයිල් ගාන්නත් ගත්තා.
ෆෙයාර් ලව්ලිවල පිහිටෙන් මූන සුදු වෙන එක කෙසේ වෙතත් දයානිගේ මූන හොදටෝම තැම්බිලා,තම්බපු ඉස්සියෙක් වගේ වෙලා.ඒ මදිවාට දිගට ලස්සනට තිබුන කොන්ඩය කපා දමලා ඉස්තිරික්ක කොරලා කොන්ඩය කෙලින් කොර ගෙන.
නොයෙකුත් ගන්ද විලේපන වලින් විකාර දස්සන කොරගෙන තම අහිංසක පෙනුම වෙනස් කොරගත් දයානි,කාලයත් සමගම තම නමද වෙනස් කොර ගත්තා.ඉංගිරිසියෙන් දයානි ලියනුයේද ඩයනි ලියනුයේද එක ලෙසටයි. ( Dayani ) මෙය මනාව ප්‍රයෝජනයට ගත් දයානි,ඩයනි ලෙසට තම නම වෙනස් කොර ගත්තා.ඩයනි ලෙස කාලයක් සිටි දයානි,දැන් ඩයනි කියන නමත් මාරු කොරගෙන.
දැන් දයානි,වෙනුවට ඉන්නේ කොලඹ පොෂ් කෑල්ලක් වන ඩයිනි.මොනරාගලට කිට්ටු ගමක් වන සියබලාන්ඩුවෙන් බඩ වියත රැකගන්න කොලඹ රටට ආපු දයානි දැන් නෑ.


මිනිස්සුන්ට අං එනකොට පරණ කං කැතවෙනවා.

පරන බෝඩිමට සමු දුන්න දයානි පොෂ් නමක් තියෙන කොලඹ තට්ටු නිවාසයක පදින්චියටත් ගියා. 
ගෙන්දගම් පොලවේ පොෂ් බඩ්ඩක් වීමේ උනෙන් පෙලුන ඩයිනිගේ බෝඩිමේද හිටියේ කොන්ඩය තඹ කොරගත් අමුතුම තාලේ මල සමයන් රැලක්.එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝලු. සියබලාන්ඩුවෙන් ආපු මේ සමයමට බොඩිමේ හිටිය මල සමයන් ටිකත් තක්කෙටම ගැලපුනා.
මල සමයන් රැලත් එක්ක සමයන් නටනවා ඇරෙන්ට ඩයිනිටත් ගෙදර ගොස් තම දෙමාපියන් බලා සැප දුක් විමසා ඒමටවත් උනන්දුවක් තිබුනේ නෑ.
දුප්පත් දෙමාපියන් තමන්ව බලන්නට පැමිනෙනවාට ඩයිනි කැමති උනෙත් නෑ.ඒක නිසාම අලුත් බෝඩිමට ගියාට පසුව ඩයිනි තමන් ඉන්න තැන ගෙදර අයට කියලා තිබ්බේ නෑ.
දරුවෝ මොන දේ කලත් දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් හදවතේ උපදින දරු කැක්කුම නැති වෙන් නෑ.තමන්ව බලන්නට තමන්ගේ රත්තරන් දෝනි ගෙදර එන තෙක් මාස ගනන් බලා හිටිය දයානිගේ,අප්පොච්චායි,මෑනියැන්දායි දයානිව බලන්න දවසක් කොලඹ ආවා...
කලින් හිටි බෝඩින් කාමරයට ගොස් තම දියනියව සෙව්වද මේ අහිංසක ගැමියන්ට දයානිව හොයාගන්න බැරි උනා.දයානි දැන් ඉන්නා ඉසව්ව ගැන විස්තරයක් දීමට,බෝඩිමේ සිටි අය මානුශික වූයේ මේ ගැමියන්ගේ අහිංසක කම හා දරු සෙනෙහස ඔවුන්ටද හොදාකාරයෙන් දැනුන නිසාම වෙන්නට ඇති.
කොලඹ රට ගැන හාංකවිස්සියක් වත් දන්නේ නැති දුප්පත් ගැමියන් දෙදෙනා පයින්ම ඇවිද යමින් තම ආදර දෝනිව සෙව්වා.
දෝනි වෙනුවෙන් පිලියෙල කොරගෙන ආපු සුදු ලූනු හා හාල්මැස්සන් දැමූ තුඹ කරවිල බැදුම,ගැටපොලොස් මාලුව,හා නැවුම් කිරි හට්ටි කීපය ඔවුන් දෙදෙනාට අතිරේක බරක් නොවුයේ,දරු සෙනෙහසද,තම දියනිය දැක බලාගැනීමේ බලාපොරොත්තුවද දැඩිව ඔවුන්ගේ සිතේ පැලිපදියම්ව තිබු නිසායි.
රෑ වෙනතුරු පාරවල් ගානේ ඇවිදපු ගැමියන් දෙදෙනාට රෑ හත විතර වනවිට දයානි නතර වෙලා ඉන්නවා යැයි කියු තට්ටු නිවාසය සොයා ගැනීමට හැකි උනා.
බුලත් විටෙන් කට රතුකොරගත් ගැමියන් දෙදෙනාට තට්ටු නිවාසයේ ආරක්ෂකයාගෙන් හොද පිලිගැනීමක් ලැබුනේ නම් නෑ.පහල තැනින් ජලය ගලා යනවාක් මෙන් ආරක්ෂකයාද තම උපරිම හයිය හත්තිය,බලපුලුවන්කාරකම අහිංසක ගැමියන්ට පෙන්නුවා.
"අනේ රාලහාමි...අපේ දයානි දුව මෙහේ ඉන්නවා කියලා ආරංචි උනා. අපි ගොඩාක් දුර ඉදන් දුවව බලන්ට ආවේ.සමාවෙලා අපිට අපේ කෙලීව පොඩ්ඩක් බලන්ට දෙන්න රාලහාමි.."
සැර දමනා ආරක්ෂකයාට ගැමියන් හඩා වැටෙමින් තම දුක කියන්නට උනා...
"මෙහේ ඇති දයානියෙක් නෑ.යනවලා යන්න....."
ආරක්ෂකයා ගැමියන්ට සැර දමමින්ම  හනිකට මහල් නිවාසයේ ප්‍රදාන ගේට්ටුව විවෘර්ත කලේ ශාරිරික වියායාම කිරිමට ගොස් පැමිනෙනා මිචෙල් මිස්ගේ පැසෝ වර්ගයේ කාරය මහල් නිවාසයේ පහලම තට්ටුවේ ඇති රතගාල වෙත ඇතුලු කිරීමටයි.
රථගාලේ කාරය නවතා,කාරයෙන් මිචෙල් මිස් මෙන්ම ඩයිනි මිස්ද බැසගෙන පැමිනෙනු දුටු ආරක්ෂකයා ..
"අනේ බලන්න මිස්.මේ මිනිස්සු දයානියෙක් හොයනවා....කොච්චර කීවත් යන්නෙත් නෑ...යනවලා...යනවලා.." කියමින් ගැමියන් එලවන්නට විය.
තම දෙමාපියන් එකවරම හදුනාගත්තද ඩයිනි හෙවත් දයානි මුනිවත රැක්කේ ,තම මාන්නය ,බුලත්විටෙන් කට රතුකොරගත් අහිංසක දෙමාපියන් විසින් විනාසකර දමාවි කියන පුහු සිතුවිල්ලෙන් විය හැක.
"සිරිපාල ඔහොම මිනිස්සු ඇතුලට ගන්න එපා.එලවනවා...එලවනවා.ඔය අයව.." මිචෙල් මිස්ගේ ගෝරනාඩුවට ආරක්ෂකයා වහා ක්‍රියාත්මක විය.

ආරක්ෂකයා ගැමියන්ව එලවනා අවස්තාවේදී නෙතගැටුනු ගැමියන්ගේ දෑස් දයානි නොහොත් ඩයිනිට එදින රාත්‍රියේ නින්ද අහලකටවත් ලන් කලේ නැත.

"අපේ දයානි දුවත් අර නෝනා වගේමයි.අපි අපේ දුවට,ගෙනාපු කෑම ටිකක් තියෙනවා.ඒ නෝනාට මේ ටික දෙන්න" කියමින් ගැමියන් ගෙනා කෑම වර්ග ආර්ක්ෂකයාට දී ගොස් තිබින.
තමන්ව තම දෙමාපියන් හදුනාගත් බවට දයානිට එම කාරනය ප්‍රමානවත්ය.
කොතරම් විච්චූරන කලද දෙමාපියන්ට තම දරුවාව සුවදින් උවද හදුනාගත හැක.

රාත්‍රියේ නින්දත් නොනින්දත් අතර අතරමන්ව සිටි දයානිගේ හුස්ම හිරවෙන්නට ගත්තේ ගමේ කෙලවරින් ගලා බසිනා කිරිදි ඔයේ අතු ගංගාව වෙත නෑමට අප්පුච්චාගේ කර මතින් ගිය තම ළමාකාලය සිහිවය.

බත්හැලියේ හොද හරියෙන් බත්බෙදා තම සුරතල් දෝනිට කවා දන්කුඩ කන අම්මා මතක්ව දයානි රැය එලිවනතෙක් ඉකිගසන්නට ඇත.
දයානිගේ හර්දශාක්ෂිය ඩයිනිට රෑ එලිවනතෙක් දඩුවම් කලේය.

පසුදින හිමිදිරියෙන් ඩයිනිගේ සොහොනෙන් නැගිටගත් දයානි මොනරාගල බසයක නැගුනේ ඇදුම් බෑගයක්ද අතින්ගෙනය. 


1 comment:

  1. වෙලාවට ඔක්කොම පොෂ් උනාට හර්ද සාක්ෂිය කියන එකවත් තිබිල තියනවා. අන්න එකත් නැති එවුං තමා @# පොට් වල ඉන්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...