4.10.13

චුගල් සීය...


මේ ඊයේ පෙරේදා දවසක දඟයා තව යාලුවෙක් එක්ක සැට් උනා...
කොහොමින් කොහොම හරි දෙන්නා එක්ක ජොනි අයියා රතුවට පෙරාපුවා ලීටර එකකුත් මිලිලීටර එකසියහැත්තෑපහකුත් බඩට දාගන්න අමාරුවෙන් පුලුවන් වුනා වගේ මතකයක් එක්ක දඟයත් ගෙදර ගියා...
පහුවෙනිදා හවස්වෙනකොට දඟයාගේ කන සුද්දකොරනා කෝල් එනවා...
පලවෙනි එක අයියාගෙන්...
උබේ මොලේ තියෙන්නේ පස්සා පැත්තේද?!@#$%^&
අයියා ගොතයෙක් නොවුනත් කේන්ති ගියාම ගොත ගහනවා.
ගොත ගගහ කතා කොරනකොටම,මම දැනගත්තා මොකක් හරි මරාලයක් මගේ ඇගට කඩා පාත්වෙන්න යන බව... 
තෝ අපේ පව්ලේ නම්බුවම නැති කොලා...
දැන් අපි පාරේ බැහැලා යන්නේ කෝමද?..බ්ලා..බ්ලා...
මී හරක් වැඩ කොලාට කමක් නෑ.මොකටද යකෝ ඔව්වා ප්‍රසිද්ද කොලේ...
බනින්න හේතුව මොකක්ද සුදු අයියේ කියලා අහන්න හදනකොටම
"බීප්..බීප්..."අයියා ෆෝන් එක කට් කොලා.
මේ මොන මරාලයක්ද අෆ්ෆා...ඉදලා හිටලා යාලුවො සැට් එකත් එක්ක ලබුගම ජලාශය ඉහල කැලේ හන්ටින් පාරක් ගිහිල්ලා,වල් ඌරෙක්ට ගිනි බිදින එක ඇරෙන්ට,පහල වෙලේ කොරවක්කෙට්ට,ලූලෙක්ට නියපොත්තෙන් අනින් නැති මම කල වරද මොකක්ද?
අසරනයාට වෙච්ච කරදරය ගැන කල්පනා කොර කොර ඉන්නකොටම, බේබදු යාලුවා කතා කරනවා...
මතන්...උබලගේ අයියා මගේ කන පැලෙනකන් කෑ ගැහුවා...
"ලැජ්ජ නැද්ද කියලා ඇහුවා මචන්" (අපිට ලැජ්ජාවක් නෑ කියලා දන්නේ අපිනේ)
විස්තර අහනකොට මිත්තරයාට නම් අයියා ගොත ගගහාම විස්තරය කියලා...
රෙඩ් ලේබල් එක අනුමත කොරනා අතරේ යාලුවා දඟයා බොන පොටෝස් වගයක් අරගෙන ෆේස්බුකියට දාලා...ඒ මදිවාට ඌ දඟයාව ටැග් කොරලා.
දඟයාත් චන්ඩියා බඩේ නිසා හරක් හොරෙක් වගේ පොටෝ වලට ඉදලා කියලා දඟයා දැනගත්තෙත් පොටෝස් අයින් කොරන්න වෝල් එක බලනකොට...(දඟයා ඒ තරම් හොද සිහියෙන් ඉදලා තියෙන්නෙ)
වැඩේ කියන්නේ කරටි කැඩෙන්න ගහලා බෙල්ල කඩාගෙන ඇස් රතු කොරගෙන ඉන්න ඒ ලදරන් පොටෝස් වලටත් බුකියේ කස්ටිය අම්බානකට ලයික් දාලා.දඟයාටම ඇඩෙනවා....
කොහොමින් කොහොම හරි තව කෝල් කිපයක් එනකොට වැඩේ දෙල් වෙන්න කලින්,පොටෝස් ටික වෝල් එකෙන් අයින් කොරගන්න දඟයාට පුලුවන් උනා...  

බේබදුකමනම් මහාම මහා නස්පැත්තියක්...
චන්ඩියා බඩට වැටෙනකන් අහින්සක පූස් පැටව්.
චන්ඩියා බඩේ සැර දානකොට ඒ අහින්සක පූස් පැටියා සූර සරදියල් පාට් එක රගපානවා....
කොරන්නේ මොනාද?ඉන්නේ කොහේද?කිසිම මගුලක් මතක නෑ...
කොහොමින් කොහොම හරි ගෙදර ගිහිල්ලා කබරයා පාරක් එහෙම දාලා දොයියාගන්නකොට හිතනවා ආයි නම් ජීවිතයට බොන්නේ නම් නෑ කියලා...
පහුවෙනිදා උදේ හිතනවා අද නම් බොන්නේ නෑ කියලා...හවස් වෙනකොට යාලුවෙක් කෝල් කලාම ,යාලුවා තරහා වෙන නිසා පනහක් දාගෙන කැපෙනවා කියලා හිතනවා...
පනහා දාගත්තාම තමයි කේස් එක...බෝතලයක් එකහමාරක් බීලා වැඩේ "ලා චෝර්" වෙනකම්ම දන් නෑ... 

ඔය කීවේ දඟයා ගැන නම් නෙවේ ඕන්....සාමාන්ය බේබද්දෙක් ගැන.(දඟයා අමද්යප සංගමයෙත් ඉන්නා අහින්සකයෙක් කියලා හැමෝම දන්නවා)

බේබද්දො එක්ක ඉන්නකොට,ආස්සරය කොරනකොට නම් ඉතින් කතන්දර හැට හුටාමාරයි...
ඔය හැට හුටාමරෙන් කතන්දරයක් කාටත් දැනගන්න කොටන්ට කියලා හිතුනා....

දඟයාගේ ගෙවල් ලග ඉන්නවා කලු අජිත් කියලා හරිම අහින්සක අයියෙක්.
කොච්චර අහින්සකද කියනවානම්,අතට අහුවෙන මදුරුවාගෙනුත්,තියෙන ලේ ටික උරාගෙන බීලා තමයි කලු අජියා මදුරුවාව අතාරින්නේ.අයිස් බැදන් කන්න උනත්,උපතින්ම ගෙනාව සහජ දක්ශතාවයක් කලු අජියාට පිහිටලා තියෙනවා.අහින්සකයෝ කීප දෙනෙක්ට ගිනිගෙඩි දීලා කීයක් හරි හොයාගන්නවා ඇරෙන්න,ඇග මහන්සිකරවලා කීයක් හරි හොයාගන්න උවමනාවක් කලු අජියාට තිබුනේ නෑ.ගින්දර දීලා හොයා ගන්න සල්ලි යා දෙන්නෑ කියන කතාව සනාත කරමින්,කලු අජියාත් ගින්දරින් හම්බ කොරගන්නා සල්ලි වියදන් කෙරුවේත් ගින්දරටමයි.රෑට ගන්ජා බීමට සහ හවස ජුබිලිබාර් එකෙන් ගල්අරක්කු දෙසීයක් බඩට හලා ගන්න ඒ ගින්දර සල්ලි දිය වෙලා ගියා.ජුබිලි බාර් එකෙන් බඩ පැලෙනකන් බිව්වත් බොහෝ දවස්වලට අජියා බාර් එකට ගෙවන්නේ ගල් අරක්කු සීයක ගාන විතරයි.තව ගල් අරක්කු සීයක් දෙසීයක් හොරට හරි පිනට හරි බඩට හලාගන්න අජියා මොකක්ම හරි මගඩියක් කොරනවා.
අලුතින් ජුබිලිබාර් එකට බැහැලා තනියම ශොට් එකක් දාන අහින්සකයෙක් එහෙම අහුවුනොත්,කලුඅජියාගේ දන්තසායනයෙන් හක්කම ගැලවගෙන මිසක් ගැලවිලා යනවානම් බොරු.ඒ තරම් ඉවක් සහ මිනිසුන් ඇන්දවීමේ හැකියාවක් අජියාට තියෙනවා.අජියා ජුබිලි බාර් එකට ගිය ගමන් කොරන්නේ අරක්කු දෙන කවුන්ටරය ලගට ගිහිල්ලා ගල් අරක්කු  සීයක් ඕඩර් කොරන එක.ගල් අරක්කු සීය අජියාගේ වීදුරුවට වක්කොරනකොට,කවුන්ටරේ ලග හිටගෙනම අජියා මුලු ජුබිලිබාර් එකම ස්කෑන් කොරනවා.ඊට පස්සේ ගල්සීයත් අරගෙනම,දවසේ තෝරාගත් දඩයම ලගින්ම ඇති පුටුවක ඉදගන්නවා.ඉදගෙන හොද හිනාවක් කාරිය එදා දවසේ දඩයම්වෙන මුවාට දානවා.කලු අජියාගේ හිනාවට නැවත හිනාවුනු කිසිකෙනෙක් මෙතෙක් ගැලවිලා ගිහින් නම් නෑ.අජියාගේ සිනහාතොන්ඩුව එච්චරටම ප්‍රබලයි.

එදා සදුදා දවසක්.බොන කස්ටිය අඩුයි.පොලේ මාලු ලෑල්ල කොරන ඩයමන් අයියා ඇරෙන්නට වෙන කවුරුවත් බාර් එකේ පේන්න හිටියේ නෑ.ඩයමත් කට් වෙන්නම ගහලා හිටියේ.අජියා ඩයමාගේ  හැටි සහසුද්දියෙන්ම දන්නවා.ඒක නිසා ඩයමා ලගට කිට්ටු උනේ නෑ.(අජියාට මුවහත් කොරපු මාලු මන්න එහෙම මතක් වෙන්නත් ඇති ) ඩයමත් තමන්ගේ පාඩුවේ කාලක් ගහනවා ඇරෙන්නට කාවවත් හවුල් කොරගන්න කැමැත්තක් ඇති එකෙක් නෙවෙයි.සුපුරුදු පරිදි ගල් සීයකුත් අරගෙන අජියා මේසයක ඉදගත්තා.කඩල ඇට කීපයකුත් කකා අජියා ගල් සීය හෙමින් හිස් කොරනවා.අජියාට බොන්න අරන් දෙන වාසනාවන්තයා එනකන්.
බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන බලා හිටියාට දතක් ගලවන්න කවුරුවත් එන පාටක් නෑ.
එහෙමත්ම කාලකන්නියෙක් ඇරෙන්න,පරම්පරාවේ වැදගත්කමක් කියන නාමයක් ගෑවිච්ච එකෙක් සදුදා ජුබිලි බාර් එක පැත්ත පලාතකටවත් එන් නෑ කියලා අජියත් අත්දැකීමෙන් දන්නවා.
අජියත් ගුන්ඩු මැනේජ්මන්ට් කියන එක ඉහලින්ම පාස් වෙච්ච එකෙක්.
"A" ප්ලෑන නැත්නම් "B"ප්ලෑන.
අජියා හෙමිහිට "B"ප්ලෑන කිරියාත්මක කොලා.
ගල් අරක්කු සීය දාලා දුන්න අසෝක විදුරුව හෙමින් මේසය යටට පාත්කොරපු අජියා ජුබිලිබාර් එකේ වහලේ එල්ලා ඇති කැරකෙන ෆෑන් එක දෙසබලාගෙනම අසෝක විදුරුවට මුත්තරා කොලා.(ගල් අරක්කු මොකද?මුත්තරා මොකද කියලා අජියාට හිතෙන්න ඇති.)
මේසය යට උඩුබැලි අතට මැරී කරවි සිටි කැරපොත්තාව හෙමින් කකුලෙන් ඇද,අතට ගෙන මුත්තරා වීදුරුවට දැමු අජියා,එකවරම සින්හනාද දෙන්න ගත්තා....
"අඩො..මේමද යකෝ අපිට සලකන්නේ...අපි හැමදාම මේ ගුබ්බෑයමෙන් බොන නිසාද අපිට මෙහෙම කරන්නේ...අපි දෙන සල්ලි,සල්ලි නෙවේද?!@#$%&^**මම ගෙවන් නෑ යකො මේවාට සල්ලි.."
එකම අවනඩුවයි.
වේටරුත් දන්නවා අජියා තග පොරක් කියලා. රුහුණු කුමාරිට අත දාලා,අත කඩාගන්න ඕනා නෑ කියලා හිතලා,වේටර් කොල්ලාත් අලුත් ගල්සීයක් අජියාට ගෙනල්ලා දීලා අජියාව ෂේප් කොරගන්න ට්‍රයි එකක් දුන්නා...
නිකන් දෙන අස්වයාගේ දත් ගනින්න ගිහිල්ලා වැඩේ වකූර් කොරගන් නැතිව අජියාත් එක හුස්මට ගල්සීය ගහලා තවත් පුරස්න දාන්නැතිව එතනින් දිරාමාර් උනා.
ඔය අතරේ ඩයමත් හෙමින් හෙමින් ගල්ශොට් ගානක් ගහලා බෙල්ල කඩාගෙන ඉන්නවා.ඒත් ටිකක් විතර මදි වගේ.
ඩයමා වේටර් කොල්ලාට කතා කොලා...
"අනේ කොල්ලෝ,මට තව ගල්සීයක් ගෙනෙන්"
කොල්ලාත් වටපිට බැලුවා.කලු අජියාත් ගිහිල්ලා.කොල්ලා හෙමින් සීරුවේ අජියාගේ චු ගල් විදුරුවෙන් කැරපොත්තාව අහක් කොලා.ලස්සන මල් මල් ට්‍රේ එකක චු ගල් වීදුරුව ස්තානගත කොරලා ඩයමාට ගොහින් දුන්නා.
(කොල්ලා දන්නෑනේ මේකේ තියෙන්නේ මොනාද කියලා? මූ හිතන්නේ අපරාදේ අරක්කු ටික කියලා.. අනික ගාන බැලන්ස් කොරන්නත් එපාය )
බාගෙට සූර්පිට හිටි ඩයමාද කොලුවා අත් දෙකෙන්ම පිලිගන්වපු චුගල් වීදුරුව එක හුස්මට බඩට හලා ගත්තා.වෙරි පිට උනත් චුගල් සීයේ වෙනස ඩයමාට තේරුනා.
ඩයමා "තුක්..තුක්" ගා කට අප්පිරියා කරනවා දුටු වේටර් කොල්ලා සිතුවේ,බයිට් නැති නිසා අරක්කු සැර යාමට ඩයමා කට කාරනවා කියලායි.
වේටර් කොල්ලා ඩයමා ලගට ලන්වී..
"ඩයමන් අයියා බයිට් එකට වඩේ එකක්වත් දෙන්නද"
එකදාස් හාරසිය ගානට මල පැනලා හිටි ඩයමන් අයියා ...
"හුජ්ජ ටික නම් පට්ටයි,බයිට් එකට තව ගූ කෑල්ලක් ගෙනෙන්"කියලා කට වහගන්න හැදුවත් කොලුවාගේ ඇගටම කබරයා පාර අතෑරලයි නතර උනේ....

5 comments:

  1. හයියෝ සල්ලි...

    ReplyDelete
  2. අපොයි දෙයියනේ!

    ReplyDelete
  3. වේටර්ටයි දඟයාටයි දෙන්නාටම නහයක් නැති විත්තිය ෂුවර්....

    ReplyDelete
  4. ශික් විතරක්.... මට අහු උනේ නෑනේ අර ෆොටෝ එක... නෙද්දකින්.... අපිට මළගෙයක් උනොත් ඒ වෙන්නෙත් ඔය වගේ වෙලාවකම තමා.....

    ReplyDelete
  5. //ගල් අරක්කු මොකද?මුත්තරා මොකද කියලා අජියාට හිතෙන්න ඇති.//
    බිපුවාමනේ මුත්‍රා වලත් තියෙන්නේ..... චුට්ටක් ඇල්කොහොල් අඩු ඇති.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...